ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය රටේ බහුතර විද්වතුන්ගෙන් සැදුම් ලත් විශාලතම විද්‍යා එකමුතුවය. මෙය ආරම්භ කරන ලද්දේ 1944 වර්ෂයේදීය www.slaas.lk

විවිධ ක්ෂේත්‍ර වල විද්‍යාර්ථයින් දස දහසක් පමණ මෙහි සාමාජිකත්වය ගෙන ඇත. ඔවුන්ගේ දැනුම විවිධය.

දැනට මෙහි විවිධ විද්‍යා ක්ෂේත්‍ර ප්‍රධාන අංශ අටක් ලෙස වෙන් කර ඇත. ඒවානම් වයිද්‍ය, කෘෂිකර්ම, ඉංජිනේරු, ජීව විද්‍යා, භෞතික විද්‍යා, රසායන විද්‍යා, පරිගණක විද්‍යා හා සමාජ විද්‍යා යනුවෙනි. මෙයට අමතරව මුල්‍ය, පරිසර, පර්යේෂණ, පර්යේෂණ සදාචාරය, විද්‍යා තාක්ෂණ උපදේශන, විද්‍යා ප්‍රචලිත කිරීම යනාදිය වෙනුවෙන් කමිටු කිහිපයක් ද පිහිටුවා වැඩකටයුතු කරගෙන යයි. මෙයටත් අමතරව තවත් විශේෂ කමිටු කිහිපයක් පිහිටුවා ඇත්තේ  විද්‍යා මාධ්‍ය සම්පත්, විද්‍යා  අධ්‍යාපන හා සාමාජික ප්‍රවර්ධන යන කටයුතු වෙනුවෙනි.