ශ්‍රී ලංකා නිදහස් දිනය

විකිපීඩියා වෙතින්

ජාතික නිදහස් දිනය


16 වැනි සියවස තරම් අතීතයේ සිට, ලොව පුරා ජාතීන්ගේ ආර්ථික සාර්ථකත්වය යටත් විජිතයන් මත රඳා පැවතිණි.  මෙහි ප්‍රතිපලයක් ලෙස පෘතුගාලය,නෙදර්ලන්තය වැනි රටවල් ඔවුනගේ අනසක අග්නිදිග ආසියාව කරා පැතිරවීම කෙරෙහි සිය අවධානය යොමු කරන ලදී. තමා සතු සම්පත් වලින් පොහොසත් යටත්විජිතයන්හි පෘතුගීසීහු ස්වදේශිකයන්ව ස්තාපිත කලහ.මේ නිසාවෙන් ශ්‍රී ලංකාව වැනි දුපත් කෙරෙහි ලෝකවාසීන්ගේ අවධානය යොමු විය. අප රට තුළ ඇති සම්පත් මඟින් බොහෝ ධනය ඉපැයිය හැකි බව පෘතුගීසීන්ට අවබෝධ විය. මේ හේතුව නිසාවෙන්  පෘතුගීසීන්ගේ ව්‍යාපාරික අවධානය ශ්‍රී ලංකාවේ යටත් විජිත ප්‍රදේශ වෙත එල්ල විය. මේ අතර ලන්දේසීන්ට ද ශ්‍රී ලංකාවේ යෝග්‍යතාවය පිළිබඳව සැලවීම හේතුවෙන්  පෘතුගීසීන් සහ ලන්දේසීන් අතර ශ්‍රී ලංකාවේ පාලනය පිළීබඳ තරඟයක් ඇතිවිය.


පෘතුගාලය සහ නෙදර්ලන්තය ශ්‍රී ලංකාව යටත් කර ගැනීමෙන් අනතුරුව මහා බ්‍රිතාන්‍යය ද සිය බලය අග්නිදිග ආසියාව කරා පැතිරවීම ආරම්භ කරන ලදී. බලවත් වූ ආර්ථික සහ හමුදා ශක්තියක් පැවති මහා බ්‍රිතාන්‍යය පෘතුගීසි හා ලන්දේසි ප්‍රතිවාදීන් මෙල්ල කලේය.එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව මහා බ්‍රිතාන්‍යයේ ද ආධිපත්‍යයටද  නතු වූ අතර 1815 වන විට  මුළු දිවයිනේම පාලනය මහා බ්‍රිතාන්‍යය අතට පත් විය. බ්‍රිතාන්‍යය ජාතිකයන් විසින් මෙම දිවයින “සිලෝන්” යන නාමයෙන් නම් කරන ලදී. බ්‍රිතාන්‍ය පාලන කාලය තුළදී  ශ්‍රී ලංකා වේ සමීපත්, ජනතාව  හා භූමිය බ්‍රිතාන්‍ය සමාගම් වල නිෂ්පාදන ධාරිතාව වැඩි කරගැනීමට යොදා ගන්නා ලදී.


ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය දිනාගැනීමේ අරමුණින් ලාංකීය මධ්‍යම පාන්තිකයින් වසර 30 ක පමණ කාලයක සිට සාමකමි අරගලයක නිරත විය. ගොන්ගාලේ ගොඩබණ්ඩා.වීර පුරන් අප්පු වැනි ශ්‍රේෂ්ඨ විරුවන් නිදහස ලබා ගැනීමේ සටනට නොබියව සටන් කළ අය වේ. ශ්‍රී  ලංකාවේ නිදහස් අරගලයට ලැබෙන සහාය තව තවත් වැඩිවිය.  ඒ අනුව, වර්ෂ 1948 පෙබරවාරි මස  4 වැනි දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් වූ අතර වර්ෂ 1972  දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට සම්බන්ධ නොවන ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය.