ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS)
මූලස්ථානයColombo, Sri Lanka
කර්මාන්තයFinance
නිෂ්පාදිතයන්Financial services
හිමිකරු(වන්)LankaClear (Pvt) Ltd
වෙබ්අඩවියlankaclear.lk


SLIPS ලෙස පොදුවේ හැඳින්වෙන ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය යනු පරිගණක භාවිතා කරමින් බැංකු අතර සිදුවන ගණුදෙනු පියවීම් පද්ධතිය යි


අයිතිය - සීමාසහිත ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම

පවත්වාගෙන යාම - ශ්‍රී ලංකා මහ බැංකුව


මංගත නො වන අඩු ව‍ටිනාකමක් ඇති අරමුදල් හුවමාරු ක්‍රමයක් ලෙස 1993 වර්ෂයේ දී මහ බැංකුව විසින් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හඳුන්වා දෙනු ලැබී ය. ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම පිහිටුවීමත් සමඟ, 2002 වසරේ දී ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියේ මෙහෙයුම් කටයුතු ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම වෙත පවරන ලදි. පූර්ව අනුමැතියක් සහිත අඩු වටිනාකමක් ඇති ගෙවීම් (සෘජු හර සහ බැර පැවරුම්) ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හරහා සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය, 2010 වසරේදී, T+0 පදනම මත ගනුදෙනු පියවීමට පහසුකම් සැලසීම සඳහා මංගත අන්තර් බැංකු ගෙවීම් පද්ධතියක් ලෙස වැඩි දියුණු කරන ලදි. බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් පදනම මත විද්‍යුත් මාධ්‍යයන් මෙහි ගනුදෙනු නිෂ්කාශනය කරයි. සෑම ව්‍යාපාරික දිනක දී ම දෙ වරක් තත්කාලීන දළ පියවීම් පද්ධතිය මගින් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධති ගනුදෙනුවලට අදාළ අන්තර් බැංකු ශුද්ධ ශේෂයන් පියවනු ලබයි.[1]


ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් - බැංකු ශාඛා ලැයිස්තුව
බැංකු කේතය බැංකුවේ නම
7010 ලංකා බැංකුව
7038 Standard Chartered
7047 Citibank
7056 කොමර්ෂල් බැංකුව
7074 හබීබ් බැංකුව
7083 හැටන් නැෂනල් බැංකුව
7092 එච්එස්බීසී
7108 ඉන්දියානු බැංකුව
7117 ඉන්දියානු විදේශ බැංකුව
7135 මහජන බැංකුව
7144 ඉන්දියානු රාජ්ය බැංකුව
7162 නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
7205 ඩොයිෂ් බැංකුව
7214 ජාතික සංවර්ධන බැංකුව
7269 එම්සීබී බැංකුව
7278 සම්පත් බැංකුව
7287 සෙලාන් බැංකුව
7296 මහජන බැංකුව
7302 කොළඹ යුනියන් බැංකුව
7311 පෑන් ඒෂියා බැංකු සංස්ථාව
7384 ICICI බැංකුව
7454 ඩීඑෆ්සීසී වර්ධන බැංකුව
7463 අමානා බැංකුව
7472 ඇක්සිස් බැංකුව
7481 කාගිල්ස් බැංකුව
7719 ජාතික ඉතිරි කිරීමේ බැංකුව
7728 සණස සංවර්ධන බැංකුව
7737 HDFC බැංකුව
7746 පුරවැසි සංවර්ධන ව්‍යාපාර මූල්‍ය පීඑල්සී
7755 ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
7764 රාජ්ය උකස් හා ආයෝඡන බැංකුව
7773 එල්බී ෆිනෑන්ස්
7782 සෙංකඩගල ෆිනෑන්ස්
7807 වාණිජ ලීසිං සහ මුල්‍ය
7816 වැලිබල් ෆිනෑන්ස්
7825 Central Finance
7834 කැන්රිච් ෆිනෑන්ස්
7861 ලංකා ඔරික්ස් ෆිනෑන්ස්
8004 ශ්‍රී ලංකා මහ බැංකුව

මේවා ද බලන්න[සංස්කරණය]

References[සංස්කරණය]

  1. "ගෙවීම් හා පියවීම් පද්ධතිය | Central Bank of Sri Lanka". www.cbsl.gov.lk.