Jump to content

ශ්‍රී ලංකාව තුල නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමෙහි සංචාරය 2024–25

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාව තුල නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමෙහි සංචාරය 2024–25
 
  ශ්‍රී ලංකාව නවසීලන්තය
දිනයs 18 සැප්තැම්බර් – 19 නොවැම්බර් 2024
නායකයන් ධනංජය ද සිල්වා (ටෙස්ට් තරග) ටිම් සූති (ටෙස්ට් තරග)
මිෂෙල් සැන්ට්නර් (එදිජා හා වි20ජා)
ටෙස්ට් තරග මාලාව
ප්‍රතිඵලය ශ්‍රී ලංකාව won the 2-match series 2–0
වැඩිම ලකුණු කමිඳු මෙන්ඩිස් (309) රචින් රවින්ද්‍ර (153)
වැඩිම කඩුළු ප්‍රභාත් ජයසූරිය (18) විලියම් ඕරෝක් (8)
අය්යාස් පටේල් (8)
තරග මාලාවෙහි ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරිය (ශ්‍රී ලංකාව)
එක් දින ජාත්‍යන්තර තරග මාලාව
විස්සයි20 ජාත්‍යන්තර තරග මාලාව

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බරයෙහිදී ශ්‍රී ලංකාව තුල සංචාරයක නිරත වූ අතර 2024 නොවැම්බරයෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග නැවතත් තරග වැදීමට නියමිතය.[1][2] මෙම තරග සංචාරය සමන්විත වන්නේ, ටෙස්ට් තරග දෙකකින්, එක් දින ජාත්‍යන්තර (එදිජා) තරග තුනකින් සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකින් වෙයි.[3] ටෙස්ට් තරග මාලාව වෙතින් 2023–2025 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයෙහි කොටසක් සම්පූර්ණ විය.[4][5] 2023 නොවැම්බරයෙහිදී, ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්එල්සී) විසින් 2024 වසර සඳහා එහි ජාත්‍යන්තර කාලසටහන ප්‍රකාශයට පත් කල අතර, ද්විපාර්ශ්වික තරගාවලිය සහතික වශයෙන්ම පැවැත්වෙන බවට නිවේදනය කෙරිණි.[6] නවසීලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවෙහි සංචාරයක නිරත වූයේ 2019 වසරෙහිදීය.

2024, අගෝස්තු 24 දිනදී එස්එල්සී විසින් ප්‍රකාශයට පත් කෙරුණේ, පළමුවන ටෙස්ට් තරගය දින සයක් පුරා පැවැත්වෙන බවත්, ජනාධිපතිවරණය නිසාවෙන් සැප්තැම්බර 21 දින විවේක දිනයක් වන බවත්ය.[7]

දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 5කට ලකුණු 602ක් නවසීලන්තයට එරෙහිව ලබාගත් පළමු ලකුණු 500ට වැඩි මුළු ලකුණු සංඛ්‍යාව විය. එම ජයග්‍රහණයත් සමඟ ඔවුන් ප්‍රතිවාදීන් නව දෙනෙකුට එරෙහිව ලකුණු 600කට වැඩි මුළු ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බවටද පත් විය.[8]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "නිව් සීලන්ඩ් ටුවර් ඔෆ් ශ්‍රී ලංකා 2024". ශ්‍රී ලංකා ක්‍රිකට්. සම්ප්‍රවේශය 30 අගෝස්තු 2024.
  2. ^ "කැප්ටන් සූතී මේ නොට් ප්ලේ ඕල් අප්කමිං සබ්කොන්ටිනන්ට් ටෙස්ට්ස්". ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2024.
  3. ^ "මෙන්ස් ෆියුචර් ටුවර්ස් ප්‍රෝග්‍රෑම්" (PDF). ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 12 ජනවාරි 2023.
  4. ^ "නිව්සීලන්ඩ් රිවීල් ස්ට්‍රෝං ස්කොඩ් ෆො ඇෆ්ගනිස්තාන්, ශ්‍රී ලංකා ටෙස්ට්ස්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2024.
  5. ^ "නිව්සීලන්ඩ් පික් විලියම් ඕරෝක්, බෙන් සියර්ස් ෆො ඇෆ්ගනිස්තාන්, ශ්‍රී ලංකා ටෙස්ට්ස්". ක්‍රික්බස්. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2024.
  6. ^ "මෙන්ස් 2024 ටුවර්ස් ප්‍රෝග්‍රම් ඔෆ් ශ්‍රී ලංකා ක්‍රිකට්". ශ්‍රී ලංකා ක්‍රිකට්. 29 නොවැම්බර් 2023. සම්ප්‍රවේශය 2023-12-30.
  7. ^ "රෙස්ට් ඩේ රිටර්න්ස් ඈස් ශ්‍රී ලංකා අනවුන්ස් ෂෙඩුය්ල් ෆො නිව්සීලන්ඩ් ටෙස්ට් සීරීස්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 23 අගෝස්තු 2024.
  8. ^ "Stats - SL's best year in Tests since 2006". ESPNcricinfo. සම්ප්‍රවේශය 29 September 2024.

බාහිර සබැඳි

[සංස්කරණය]