ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ අධ්‍යාපනය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ගොනුව:ThaiMonk.jpg
භික්ෂුවක්

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ විප්ලවීය යුගයක ආරම්භය සනිටුවහන් වන්නේ මහින්දාගමනයත් සමගය.මන්ද ශ්‍රී ලංකිකයෝ තමන්ගේ යැයි උරුමකම් කිව හැකි සංස්කෘතියක් කරා ගමන් අරඔනුයේ මහින්දාගමනයත් සමග මහඟු දායාද රැසක් ලැබීමත් සමගය.ලක්වැසියන් ලද අනගිතම දායාදය වන්නේ නිර්මල බුදු දහම ලංකාවට ලැබීමයි.එමෙන්ම ධාර්මික අර්ථ ක්‍රමයක්ද අක්‍ෂර මාලාවක්ද අධ්‍යාපන ක්‍රමයක්ද ශ්‍රී ලාංකිකයන්ට උරුම විය.[තහවුරු කරන්න]

ශ්‍රී ලාංකිකයන් ලද අධ්‍යාපන ක්‍රමය වනාහි බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායයි.පුරාණ ලංකා වේ බෞද්ධ අධ්‍යාපනය මුලික වශයෙන්ම භික්‍ෂුන් වහන්සේලාගේ මුලිකත්වයෙන් සිදුවිය.එමෙන්ම එය සපුරා සමාජයට අදාල වුවක්ද විය.භික්‍ෂු සමාජය මුල්කොට පරමාදර්ශී උත්තර මිනිස් සමාජයක් බිහිකිරීම බුදුරජාණන් වහන්සේගේ මුලික අපේක්‍ෂාව විය.

මිහිඳු හිමියන්ගේ සපැමිණීමත් සමග දෙවනපෑත්ස් රජුවිසින් අලංකාර ලෙස ඉදිකරවන ලද මණ්ඩපයක මහා අරිට්ඨ තෙරණුවෝ උතුරු දෙසට මුහුණ ලා වැඩ සිටියහ.මහා මහින්ද තෙරණුවෝ දකුණු දෙසට අභිමුඛව වැඩ හුන්හ.උන්වහන්සේ වටා සැට අටක් මහ තෙරවරුන් වැඩ සිටියහ. දෙවනපෑතිස් රජුගේ කණිටු සොහොයුරු මත්තාභය නම් තෙරණුවන් ඇතුළු පන්සීයක් පමන භික්‍ෂු පිරිස ධර්මාසනයෙහි වැඩහුන් අරිට්ඨ ‍තෙරුන් විසින් විනය ප්‍රකාශ කල විට එය වණපොත් කොට උගෙන යළි ප්‍රකාශ කළ කළහ.මෙය ලාංකික බෞද්ධ ඉගෙනුම් ක්‍රියාවලියේ ආරම්භය විය. ඉන්පසුව මහා අරිට්ඨ,තිස්ස දත්ත,විශාරද කාලසුමන,දීඝ සහ දීඝසුමන,නාග,බුද්ධරක්‍ඛිත,තිස්ස දේව,සුමන,චුලනාග යන තෙරවරුන්ද රුහුණේ උපත ලද ධම්මපාලිත තෙරුන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය ත්‍රිපිටකධර ඛේම තෙරුන්ද හෙළදිව දී ධර්ම විනය හා බුදු දහමත්,‍බෞද්ධ අධ්‍යාපනයත්ලක්බිමෙහි ස්ථාපිත කිරීමට කැපවී ක්‍රියා කලහ.මේ පිළිබඳව නිකාය සංග්‍රහයෙහිසහ සමන්ත පාසාදිකාව ඇතුළු ග්‍රන්ථයන්හි සඳහන් වේ.එම ආචාර්ය පරම්පරාවන්ගෙන් අඛණ්ඩව පැවත ආ භාණක පරම්පරාවන් විසින් හෙළදිව ජනතාවට ධර්මය උගන්වමින් බෞද්ධ අධ්‍යාපනය පුළුල් ලෙස සංවර්ධනයට පත් කිරීමට ශක්තිමත් ලෙස උරදෙමින් ඉදිරියට පවත්වාගෙන එනු ලැබිණි.

ලක්දිව භික්‍ෂු පර්ෂදය වර්ධනය වීමත් සමග දේශීය ‍බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායද සංවර්ධනය වෙමින් චිරස්ථායි බවට පත්විය.ථුපාරාමය නිමවා පුජා කරන විට ලක්දිව පැවිදිව සිටි භික්‍ෂු පිරිස තිස්දහසක් වු බව මහා වංශය සඳහන් කරයි.තථාගතයන් වහන්සේගේ ප්‍රථම දේශනාවේ සිට පශ්චිම බුද්ධ වචනය දක්වා මුළු මහත් බුද්ධ දේශිතය අක්‍ෂර,පද,ග්‍රන්ථ,පරිපුච්ඡා, වශයෙන් සහ සංඛ්‍යා සහිතව වළගම්බා රජු සමය දක්වා ලාංකීය භික්‍ෂුන් විසින් කටවහරින් රැගෙන ආහ.මෙය ඉතා සංවිධානාත්මකව සිදු වුවකි.ප්‍රථම ධර්ම සංඝායනාවේ ධර්ම විනය දෙකෙහි ආරක්ෂාව සඳහා ඒවායේ වගකීම ප්‍රධාන පෙළේ භික්‍ෂු පරම්පරාවන් වෙත භාර විය.ඒවා හැදෑරීම මුල් කොට ගෙන භාණකපරම්පරාවන් ගොඩ නැගුනු බව පැහැදිලිය.ත්‍රිපිටක ධර්මය දිගු කලක් කටවහරින් සුරක්‍ෂිත කරගත් මේ "භාණකයෝ" බෞද්ධ අධ්‍යාපන කාර්යය නොකඩවා පවත්වාගෙන එන ලදහ.මෙකී භාණකයෝ තම තමන් වෙත සිටි ශිෂ්‍ය පරම්පරාවන්ට සහ තමන්වෙත හුදකලාව එළඹි ශිෂ්‍යයන්ටද ධර්ම හා විනය උගන්වමින් අධ්‍යාපන කාර්යයෙහි ලා ඉමහත් කැපවීමෙන් ක්‍රියාකරමින්බුදු දහමෙහි ලා ලක්වැසියන් දැනුවත් කිරීමේ උදාර කර්තව්‍යයට උරදී ක්‍රියා කල බව පැහැදිලිය.

ලක්දිව බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය බෞද්ධ භික්‍ෂුව කේන්‍ද්‍රකොටගෙන සංවර්ධනයට පත්වු අතර රජවරු සහ සාමාන්‍ය ජනයාද භික්‍ෂුන් වහන්සේ වෙතින් ධර්මාධ්‍යාපනය ලද බව සඳහන් වේ.

ඉගෙනුම් ක්‍රියාවලිය[සංස්කරණය]

අතීතයේ පැවති ඉගෙනුම් ක්‍රියාවලිය සමස්ථයක් ලෙස හඳුන්වා ඇත්තේ ග්‍රන්ථකරණය ලෙසය.එය ග්‍රන්ථ ධුරයට අදාළ මුලික කාර්ය භාරය විය.ඒ බව විසුද්ධි මාර්ගයෙහි මෙසේ විස්තර කර ඇත.ඒ අනුව ධර්මය වනපොත් කිරීම,වනපොත් කළ කොටස් සාමුහිකව එකට සජඣායනා කිරීම අර්ථය ඉගෙනීම,ඒ පිළිබඳව නොතේරෙන තැන් ගුරු ඇසුරින් අසා දැන ගැන්ම අධ්‍යාපනයෙහි දැකිය හැකි මුලික ලක්ෂණ විය.ඉගෙනුම් කාර්යයෙහි ක්‍රම පද්ධතිය පිළිබඳව වැදගත් විස්තරයක් විසුද්ධි මාර්ගයෙහි පැහැදිලිව සඳහන්කර තිබේ.යමක් හැදෑරීමේදී ඒ පිළිබඳව පෙළ අක්‍ෂර ,පද ,ව්‍යාංජන , නිරුක්ති , නිර්වචන යන විචාර ක්‍රම යටතේ විමර්ශනයට ලක් කළ යුතු බව එහි දැක්වේ.

විසුද්ධි මාර්ගයෙහි ඒඒ කරුණු සම්බන්ධව හැඳින්වීම්ද කර තිබේ.

  1. අක්‍ෂර : නම් අකුරුය.යා , සා , ආදී එක් අකුරක් ඇති පද ද මෙහිදී අක්‍ෂර වශයෙන් සලකනු ලැබේ
  2. පද : එක් අක්‍ෂරයක් හෝ විභත්‍යන්තව අර්ථ ප්‍රකාශ කෙරේ නම් එය පද නම් වේ.
  3. ඛ්‍යංජන : ඛ්‍යංජන නම් අකුරු කිහිපයක් එක්වීමෙන් සෑදෙන වාක්‍යයකි
  4. නිරුක්ති : ඉහත කී ආකාර වාක්‍ය විභාග කිරීමේ ක්‍රමය වු "ඵස්ස තිති-ඵස්සෝ " " වෙදයතිති-වෙදන " යනාදී විග්‍රහ දැක්වීමේදී නිරුක්ති නම් වේ
  5. නිර්දේශ : එම නිර්වචනය තවද විස්තර කිරීමේදී නිර්දේශ යැයි දැක්වේ

දේශීය බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායේ භාවිත ක්‍රම ශිල්ප[සංස්කරණය]

  1. පුද්ගල චරිත අනුව ඉගැන්වීමේ ක්‍රමය
  2. ධර්මය විභංග ක්‍රමය යටතේ ඉගැන්වීමේ ක්‍රමය
  3. පැවරුම් ක්‍රමය
  4. ශ්‍රව්‍ය ද්‍රෘශ්‍ය මාධ්‍ය ක්‍රමය
  • පුද්ගල චරිත අනුව ඉගැන්වීමේ ක්‍රමය :ශිෂ්‍යාගේ මානසික ස්වභාවය හා චරිත ලක්ෂණ අනුව ඔහුට ගැලපෙන අධ්‍යාපන ක්‍රියාවලියක් අනුගමනය කිරීම මෙහි පරමාර්ථයයි.
  • ධර්මය විභංග ක්‍රමය යටතේ ඉගැන්වීමේ ක්‍රමය :ප්‍රථමයෙන්ම උදේදසය නම් වු පෙළ හදාරා අනතුරුව විස්තර වශයෙන් හැඳෑරීම පිණිස විභංග ක්‍රමය උපයෝගී කර ගනු ලැබීය.
  • පැවරුම් ක්‍රමය :පහසුවෙන් කරුණු වටහාදීම සඳහා ලංකාවේ භාවිතා කළ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායේ පැවරුම් යොදා ගනු ලැබීය.වචනයෙන් වටහා දිය නොහැකි බොහෝ දේ පැවරුම් මඟින් වහා අවබෝධ කරවිය හැක.
  • ශ්‍රව්‍ය ද්‍රෘශ්‍ය මාධ්‍ය ක්‍රමය :භික්‍ෂුන් වහන්සේලා ධර්ම දේශනය මඟින් ඉගැන්වීමේ ක්‍රියාවලියේදී උගන්වනු ලබන විෂය පිළිබඳව දැනීම තහවුරු කරනු සඳහා මෙසේ ශ්‍රව්‍ය ද්‍රෘශ්‍ය මාධ්‍ය සාර්ථක ලෙස උපයෝගී කරගනු ලැබීය.

මෙසේ බෞද්ධ අධ්‍යාපන ක්‍රියාවලිය තුල උගත් පිරිස විසින් අනුගමනය කළ ක්‍රම ශිල්ප රැසක් ක්‍රියාත්මකව තිබෙන ආකාරය දැකිය හැක.

ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන ව්‍යුහය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන ව්‍යුහය තුල ප්‍රධාන කොටස් තුනක් දැක ගත හැකිය.එනම්

  1. ප්‍රාථමික අධ්‍යාපනය
  2. ද්වීතියික අධ්‍යාපනය
  3. තෘතියික අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපනය[සංස්කරණය]

ළමයකුට මුලින්ම ලැබෙන විධිමත් අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනයයි.ශ්‍රී ලංකාවේ වර්තමානයේ මෙන්ම අතීතයේද ළමයකු අවුරැදු පහෙන්ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුල් විය.ගුරු ගෙදරින් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන ලදී.ඉන්දියාව,ශ්‍රී ලංකාව වැනි රටවල මෙ‍ම ගුරු ගෙදර සංකල්පය ක්‍රියාත්මක විය.ගුරු ගෙදර පිහිටියේ ගුරුවරයාගේ නිවසෙහිය.ගුරු ගෙදර ගුරුවරයා ගමේ සිටින ප්‍රධානියා විය.පඬිවරයකු , බහුශ්‍රැතයකු , පවුල් පරම්පරාවෙන් ඉහළ පුද්ගලයකු විය.ළමුන් නේවාසිකව ඉගෙන ගත්හ.සෑම දෙමාපියකුම සිය දරුවා ගුරු ගෙදර නේවාසිකව ඉගෙනීමට බාර දෙන ලදී.ළමයකුට අවශ්‍ය විධිමත් ප්‍රාථමික අධ්‍යාපනය ගුරු ගෙදරින් ලැබිණි.එමෙන්ම මීට සමගාමීව අවිධිමත් අධ්‍යාපනයක්ද ලැබිණි.එමගින් සාමාන්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වුසදාචාරය , මිනිසත්කම ආදී ගුණාංග ද සාමාන්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වු විවිධ කුසලතාවන්ද ලබාදෙන ලදී.මෙකී අවිධිමත් අධ්‍යාපනය ගුරු ගෙදර ගුරු මාතාව ‍නොහොත් ගුරුතුමාගේ භාර්යාව හරහා ලැබිණි. ශ්‍රී ලාංකීය ඓතිහාසික අනුරාධපුර ,පොළොන්නරු යුගවලදී ප්‍රාථමික අධ්‍යාපනයට භාවිතා කළ පත පොත සොයා ගැනිමට නොලැබේ.මන්ද සතුරු ආක්‍රමණ නිසා විනාශයට පත් වු බැවිනි.නමුත් නුවර යුගයේ ප්‍රාථමික අධ්‍යාපනයට භාවිතා කළ පත පොත රැසක් දැකගත හැකිය.එනම්

යන කෘතීන්ය.ප්‍රාථමික අධ්‍යාපනයේදී භක්‍ෂුන් මැදිහත් නොවීය.ගිහියන් ඊට මුල් විය.

ද්වීතියික අධ්‍යාපනය[සංස්කරණය]

ද්වීතියික අධ්‍යාපනය පිළිබඳව විමසා බලන කළ එය දෙආකාරයකට ලැබිණි.එනම්

  1. පන්සල් පාසල
  2. පවුල

පන්සල් පාසල[සංස්කරණය]

පන්සල් පාසල පන්සල ආශ්‍රිතව පවත්වාගෙන ගියේය.සෑම ගමකම පන්සල් පාසල් පැවතිනි.ඒ සෑම පන්සල් පාසලකටම අනන්‍ය වු ලක්ෂණ පැවතිණි.ප්‍රාථමික අධ්‍යාපනයන් පසු කොටසක් පන්සල් පාසලට යොමු විය.එසේ යොමුවීමේ ප්‍රවනතාවය වැඩි වුයේ

  1. මහණ වීමට අපේක්‍ෂා කළ අය
  2. රජවරු හා රජ පෙළපත් වල අය
  3. ප්‍රාදේශීය පාලකයන් , යුව රජවරුන්
  4. ප්‍රධානීන් සහ ප්‍රභූවරුන්
  5. වෛද්‍යවරුන් වීමට අපේක්‍ෂා කළ අය
  6. නක්‍ෂත්‍රය ඉගෙනීමට පෙළඹුනු අය
  7. උගතුන් වීමට කැමති අය

ශාස්ත්‍රීය මෙන්ම වෘත්තීය විෂයන්ද ඉගැන්වීය.ශාස්ත්‍රීය විෂයන් වුයේ අංක ගණිතය ,භූගෝල විද්‍යාව ,ඉතිහාසය නක්‍ෂත්‍රය ,සිංහල, පාලි ,සංස්කෘත භාෂා ,ඡන්දස් අලංකාරය.සෑම පන්සල් පාසලක්ම එකිනෙකට වෙනස් විය.එක් එක් ප්‍රදේශවලට ආවේණික සම්පත් මිනිස් ආකල්ප මත විෂය මාලාව සැකසිණි. මිනිස් ශ්‍රමය නිසි ලෙස ආර්ථිකයට හසුරුවන පැහැදිලි විෂය මාලාවක් පන්සල් සතු විය.වර්තමානයේ මෙන් උගතුන් අතර විරැකියාව හෝ උගතුන් මුල් වූ දාමරික ක්‍රියා එකල නොවූයේ මෙනිසාය.විමධ්‍යගත පන්සල් පාසල් ක්‍රමයක් විය.භික්‍ෂුව නොමිලේ අධ්‍යාපනයලබා දුනි.රජු පවා අධ්‍යාපනයට මැදිහත් නොවීය.රජවරු භික්‍ෂුවට අවශ්‍ය පහසුකම් සැපයූහ.ශාසනික අධ්‍යාපනයක් දක්නට ලැබුනි.තමන්ට සිවුපසය දුන් ගිහියන්ට කරනු ලබන ප්‍රත්‍යුපකාරයක් ලෙස අධ්‍යාපනය ක්‍රියාත්මක විය.

පවුල[සංස්කරණය]

ක්‍රමානුකුල විධිමත් අධ්‍යාපනයක් මෙමගින් නොලැබුනි.ශිල්ප ශ්‍රේණි/ගුරු කුල වශයෙන් සැකසී තිබිනි.ඔවුන් වෘත්තියක් පිළිබඳව කුසලතා තිබූ අයයි.බොහෝ පිරිස් පාසල මඟින් ලබාදුන් විධිමත් අධ්‍යාපනයෙන් පසුව පවුල මඟින් ලබාදුන් අවිධිමත් අධ්‍යාපනයට යොමු විය.ශාස්ත්‍රීය අංශයට යොමු වීමට අකමැති අය මීට යොමු විය.පවුල් ඒකකය තුල අධ්‍යාපනය ලැබීම සිදුවිය.

සෑම ගුරුකුලයක්ම වෘත්තිය දක්‍ෂතාවන් පිළිබිඹු කළ අය විය.සෑම ගුරුකුලයක් සතුවම ගුරු මුෂ්ටි තිබුනි.ගුරු මුෂ්ටි යනු ශිල්පීය රහස්ය.මෙම ශිල්පීය රහස් සිය වර්ගයට අයත් කුල පරම්පරාව් මතු ආරක්‍ෂාවටත් ,සිය ‍අනන්‍යතාවන් සුරැකීමටත් භාවිතා විය.රහස් මාරුවූයේ පියාගෙන් පුතාටය.ක්‍රමයෙන් කාලාන්තරයක් තිස්සේ කළ ක්‍රියාකාරකම් තුළින් ඉගෙනුම සිදුවිය.ඒ අතරම අවශ්‍ය න්‍යායික දැනුමද ලබාදෙන ලදී.මෙමගින් සිය වෘත්තිය පිළිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයකු බිහි විය.විවාහ වන වයසට පැමිණිකල පියා විසින් පුතාට සිය වෘත්තිය අදාල කාර්මික මෙවලම් භාරදෙනු ලැබීය.

මේ ආකාරයට සෑම ළමයකුටම ද්වීතියික අධ්‍යාපන අවස්ථාවේදී පන්සල් පාසලෙන් හෝ ශිල්ප ශ්‍රේණි තුලින් අනිවාර්ය ද්වීතියික අධ්‍යාපනයක් ලබා දෙන ලදී.

තෘතියික අධ්‍යාපනය[සංස්කරණය]

තෘතියික අධ්‍යාපනය මුළුමනින්ම වෙනස් විය.ශාස්ත්‍රීය හා වෘත්තිය අධ්‍යාපනය හැදෑරූ අය තව දුරටත් ඉහලට ඉගෙනීමට යොමු වූයේ නම් ඒ තෘතියික අධ්‍යාපනයයි.ලංකාවේ පෙර පැවති විශ්ව විද්‍යාල පිළිබඳ විවිධ දේශාටන වාර්තා මඟින් තොරතුරු ලැබේ.හියුංසාන් සහ ෆාහියන් දෙනමගෙ‍් වාර්තා මෙහිලා ප්‍රබල සා‍ක්‍ෂි සපයයි.ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල පද්ධති දෙකක් පැවතිනි.

  1. ථේරවාදී සම්ප්‍රදාය
  2. මහායාන සම්ප්‍රදාය

ථේරවාදී විශ්ව විද්‍යාල සම්ප්‍රදායික රටාවකට අනුගත විය.වේද ,නාට්‍ය ,නක්‍ෂත්‍රය ඉගැන්වීය.වඩා දියුණු වූයේ මහායාන සම්ප්‍රදායයි.අභයගිරිය,ජේතවනාරාමය මීට අයත්ය.ලෞකික ජීවිතයට අවශ්‍ය දැනුමද මෙම පද්ධතියෙන් ලබාදුනි. තරඟකාරීත්වය තුලින් මහායාන විශ්ව විද්‍යාල දියුණු විය.සංස්කෘතික ත්‍රිකෝණ කැණීම් මඟින්ද අභයගිරි විශ්ව විද්‍යාල භූමිය තුලින් කෘෂිකර්ම පීඨයක් ,ඉංජිනේරු පීඨයක් ,ගොවි බිමක් හමුවී ඇත. විශ්ව විද්‍යාලවල කාල සටහන් භික්‍ෂුවගේ දෛනික කාල සටහන අනුව සැකසිණි.එනම්

  1. පිණ්ඩපාතයට පෙර කාල සටහන
  2. පිණ්ඩපාතයට පසු කාල සටහන
  3. සන්ධ්‍යා කාලයේ කාල සටහන

අප රටේ එකල පැවති විශ්ව විද්‍යාල පිරිවෙන නමින්ද හැඳින්වීය.ලංකාවේ විශ්ව විද්‍යාල අරඹන විට යුරෝපයේ පවා විශ්ව විද්‍යාල බිහිව නොතිබිනි.විශේෂඥ ආයතන නමින්ද ආයතනයක් තිබුනි.මෙමඟින් පශ්චාත් උපාධියක් පිරිනැමුණි.දකුණු පලාතේ විශේෂයෙන් මෙම ආයතන පැවතුණි.තිස්ස මහා විහාරය , චිත්ත පබ්බත මීට උදාහරණ වේ. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන ක්‍රමය තුලද පුද්ගලයකුට පශ්චාත් උපාධියක් දක්වා ඉගෙනීමට අවස්ථාව තිබූ බව පැහැදිලිය.