ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ආර්ථීකය[සංස්කරණය]

  • රටේ බොහෝ පිරිසක් ජීවත් වූයේ ගම්වල ය. ඒ ගම්වල වැසියන්ගේ ජීවිත වර්තමානයට සාපේක්ෂව ඉතා සරල ආකාරයට හැඩ ගැසී තිබිණි. බොහෝ දෙනාගේ ජීවන වෘත්තිය වූයේ ගොවිතැන යි.ඇතැමුන් හේන් ගොවිතැන්වල යෙදුණ අතර සෙසු අය කුඹුරු ගොවිතැන්වල නිරත වූහ. ජීවත් වීම සදහා සතුන් ඇති කිරීම පැවතිණි. ඊට අමතරව නොයෙක් වෘත්තීන්වල යෙදුණු පිරිස් ඔවුන්ට ම වෙන් වූ ගම්වල ජීවත් වූහ.

ගොවිතැන[සංස්කරණය]

  • ශ‍්‍රී ලංකාවේ පැරණි සමාජයේ වාසය කළ බොහෝ ගැමියන්ගේ ප‍්‍රධාන ජීවන වෘත්තිය වූයේ ගොවිතැන යි. සතුන් ඇති කිරීම හෙවත් පශු පාලනය ද ගොවිතැන් කටයුතුවලට ම තදානුබද්ධව පවත්වා ගෙන ගිය කටයුත්තකි. ගොවිතැන් කටයුතු ආකාර දෙකකට සිදු කෙරිණි. ඉන් පළමුවැන්න හේන් ගොවිතැන යි. දෙවැන්න මඩ ගොවිතැන හෙවත් කුඹුරු ගොවිතැනයි. මේ අතරින් වඩාත් පැරණි හේන් ගොවිතැන බව ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රය මඟින් තහවුරු කරයි. බුත්සරණ නම් සාහිත්‍ය කෘතියේ සෙහෙන් යනුවෙන් ද සිංහල උම්මග්ග ජාතකයේ සේන් යනුවෙන් ද සෙල්ලිපිවල ‘පිටිබිම්’ යනුවෙන් ද හ`දුන්වා දී තිබෙන්නේ පැරණි කාලයේ තිබූ හේන් ය.

හේන් ගොවිතැන[සංස්කරණය]

හේන් ගොවිතැන යනු ගොඩ ගොවිතැනකි. තමන්ට අවශ්‍ය ප‍්‍රමාණයේ ධාන්‍ය සහ එළව`ඵ වවා ගැනීමට ප‍්‍රමාණවත් තරමේ ඉඩම් කොටසක් මහකැලෑවකින් වෙන් කොට ගෙන එය කපා ගිනි තැබීමෙන් හේනක් සකස් කර ගනු ලැබේ. මෙහි දී විශාල ගස් කපා නොදැමීමට වග බලා ගැනේ. මුලික වශයෙන් එළිපෙහෙලි කර ගත් කැලෑ කොටස ගිනිතැබීමට පෙර සියලූ සතුන්ට ඉන් ඉවත් වන ලෙස ශබ්ද නගා කෑ ගැසීම සිදු කරන්නේ හේන අයත් ගොවියා විසිනි.අලූතින් ගිනිතබා ගත් හේනක් හ`දුන්වන්නේ නවදැලි හේන නමිනි. එවැනි හේන් ඉතා සරුසාර ය. නවදැලිසේන යන යෙදුම සද්ධර්මරතනාවලියේ ද යෙදී තිබේ. ශ‍්‍රි ලංකාවේ ඇතැම් පළාත්වල නවදැලි හේන යන යෙදුමට වෙනත් තේරුමක් දී තිබේ. කුරක්කන්, කොල්ලූ, උ`දු, මුං, ඉරි`ගු, මෑ, තණහාල්, අසමෝදගම්ල අමු යන පැළෑටි නවය දලූ ලා සරුවට වැවුණු හේන් නවදැලි හේන් යනුවෙන් හැ`දින්වෙන බව ඉන් කියැවේ. කාලයක් අතහැර දමා යළිත් වගා කිරීම අරඹන හේන් හැ`දින්වීමට ‘කනත්ත’ යන වචනය භාවිත කරන්නේ අනුරාධපුර පළාතේ ගැමියන් ය. හේන් වගාවේ දී අනුගමනය කෙරෙන සාමාන්‍ය ක‍්‍රමය වූයේ වරක් දෙවරක් වගා කළ හේන ඉන් පසු අතහැර දැමීම යි. කාලයක් එසේ අතහැර දමා තිබීමෙන් එතැන යළිත් කැලෑව හට ගනී. එනිසා පැරණි හේන් වගාව කිසිවිටෙකත් පරිසරයට අනිසි බලපෑමක් ඇති නොකළේ ය.හේන්වල වගා කරන ලද දේ අතර උ`දු, මෑ, මුං, කුරක්කන්, ඉරි`ගු, තල, අමු, අබ, දුරු, තණහාල් යන ඇට වර්ග ද කරබටු, තිබ්බටු, වම්බටු, අ`ඵපුහුල් සහ වට්ටක්කා යන එළව`ඵ වර්ග ඇල් වී වර්ග සහ අල වර්ග උක්ගස් සහ කපු ද විය. වගා කරන ලද්දේ ඒවාට ම වෙන් වූ හේන්වල ය. ඒ කාලයේ රටට අවශ්‍ය වු රෙදි සහ හකුරු නිපදවීමට ප‍්‍රමාණවත් තරමින් කපු වගාව සහ උක් වගාව මෙරට දියුණු වී තිබිණි. වැටුප් ලබමින් උක් කර්මාන්තයේ යෙදී සිටි කම්කරුවන් ගැන වංසකථාවල ස`දහන්ව තිබේ. ඉතිහාසයේ දීර්ඝකාලයක් තිස්සේ රටට අවශ්‍ය හකුරු රට තුළම නිපදවා ගැනීමට අපේ මුතුන්මිත්තෝ සමත් වූහ. ක‍්‍රිස්තු වර්ෂයෙන් දහසයවන සියවස වන තුරු මෙරටට සීනී ආනයනය නොකළ බව විද්වත්හු පෙන්වා දෙති.හේනක් කොටන්නේ තමන් වාසය කරන නිවසට තරමක් ඈත ප‍්‍රදේශයක බැවින් හේනේ අස්වැන්න ලබා ගන්නා තුරු ගොවියෝ හේනේ ඉදි කරන ලද පැල්පතක තාවකාලිකව ලැගුම් ගනිති. හේන වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හේන වටා ඉදි කරන ලී වැට හ`දුන්වන්නේ ‘ද`ඩුවැට’ යන නමිනි. හේනේ උස් ගසක ඉදි කරන කුඩා පැල්පත හැදින්වෙන්නේ ‘පැල’ නමිනි. රාත‍්‍රි කාලයට හේනට පැමිණෙන සතුන්ගෙන් තම හේන ආරක්ෂා කර ගැනීමට ගොවියා රැුය පහන් කරන ලද්දේ මෙම පැලේ ය.හේන් වගා කිරීම වෙනුවෙන් ඇතැම් රජවරුන්ගේ කාලවල දී බදු අය කර ගෙන තිබේ. කැති අඩ, කෙටූ කනබ අය යනුවෙන් සෙල්ලිපිවල හදුන්වා දී තිබෙන්නේ එවැනි බදු වර්ග දෙකකි. පොළොන්නරුවේ රජ කළ නිශ්ශංක මල්ල රජතුමා (ක‍්‍රි.ව 1187 -1196) එම බදු වර්ග දෙක අහෝසි කළ බව එරජු විසින් කරවන ලද සෙල්ලිපිවල සඳහන් වේ.පුරාණ කාලයේ ජනගහනය අධික නොවුයෙන් හේන් වගාව සිය ජීවන අවශ්‍යතා ස`දහා ප‍්‍රමාණවත් වෘත්තියක් විය. මඩ ගොවිතැනක් ලෙස වී වගාව ආරම්භ වුයේ වැඩිවන ජනගහනයට අවශ්‍ය කරන ආහාර වැඩිවැඩියෙන් නිපදවීමට ය.

පුදපූජා ඇදහිලි විශ්වාස[සංස්කරණය]