ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්

විකිපීඩියා වෙතින්

ලෝකයේ සමනල වර්ග 24000ක් පමණ සිටින වග තහවුරුවී තිබේ.ඒ අතුරින් මෙරට කුල 6කටඅයත් සමනල වර්ග 247ක් පමණ වාසය කරයි.මින්වර්ග 23ක් පමණ ශ්‍රී ලංකාවට ආවේනිකවේ.[තහවුරු කර නොමැත] ලංකාවේ වාසයකරන සමනලුන් අතරින් වැඩිම ප්‍රමාණයක් වාසයකරන්නේ තෙත් කලාපයේය. තෙත් කලාපයේ වාසය කරන සුලභබව හමුවන සමනලුන් කෙරෙහි මෙහිදි අවධානය යොමු වේ. සමනලුන් පිළිබඳව අධ්‍යනය කිරීමෙදී සලබයින් හා සමනලුන් අතර වෙනස හදුනාගැනීම, මල්පැණි සඳහා උපයෝගී කරගන්නා ශාක හදුනාගැනීම. ඔවුන්ගේ පෝෂණ ශාක හදුනාගැනීම වෑදගත් වේ.

ලංකාවේ සමනලුන් පහත පරිදි කුල 11බෙදා දෑක්විය හෑක.

01) පෑපිලියොනිඩේ කුලය

02) පියරිඩේ කුලය

03) නිම්පාලිඩේ කුලය

04) ලයිසෑනඩේ කුලය

05) හෙස්පරයිඩේ කුලය

06) රියෝඩ්‍රිනිඩේ කුලය

මෙරට හමුවන සමනලුන් සලබයින් ලෙසත්; සලබයින් සමනලුන් ලෙසත් හදුනාගැනීම බොහෝවිට සිදු වේ.නමුත් සලබයින් හා සමනලුන් අතර ප්‍රධාන වෙනසකම් පහත පරිදි දෑක්විය හෑක.

සමනලයා

01) ස්පර්ශක අග කෙලවර රවුම්ය.

02) දීප්තිමත් වර්ණ ඈත.

03) දිවා කාලයේදී හැසිරේ.

සලබයා

01) ස්පර්ශක කුරෑලු පිහාටුවක් වෑනිය.

02) දීප්තිමත් වර්ණ නෑත.

03) රාත්‍රී කාලයේදී හැසිරේ.

සමනලුන් පිළිබඳව කතිකා කිරිමේදී උන්ගේ ජීවන චක්‍රය පිළිබඳව විමසා බෑලීම වටී. සමනලුන්ගේ විශේෂ ලක්ෂණයක් වන්නේ සිය බිත්තරවලින් බිහිවන දළඹුවන් අනුභව කිරිමට ප්‍රියකරන වෘක්ෂවල බිත්තර දෑමීමයි.විවිධ සමනල වර්ගවලට වෙන්වෙන් වූ විශේෂ වෘක්ෂලතා ඈති අතර එය එම විශේෂයේ පෝෂණ ශාකය ලෙස හෑදින්වේ.

සමනලයාගේ ජීවන චක්‍රය


තෙත් කලාපයේ බහුලව හමුවන සමනලුන් කිහිපදෙනෙක්[සංස්කරණය]

===බ්ලූ මෝර්මන්

(Papilio polymnestor)===

කුලය - පෑපිලියොනිඩේ

සිංහල නම - මහ නීලයා

පෝෂණ ශාකය - ජම්බල

ආවේනික සමනලයෙකි.මෙරට හමුවන දෙවන විශාලතම විශේෂය වේ.දුර්ලභ විශේෂයකි.පිරිමි හා ගෑහෑණු සතුන් වර්ණයෙන් සමානය.පියාසෑරිය වේගවත්ය.සංක්‍රමණයට සහභාගී වේ.

කොමන් මෝර්මන් (Papilio polytes)[සංස්කරණය]


කුලය - පෑපිලියොනිඩේ

සිංහල නම - වෙස්ගත්තී

පෝෂණ ශාකය - කරපිංචා

පිරිමි හා ගෑහෑණුසතුන් වර්ණයෙන් සමානය.පියාසෑරිය වේගවත්ය.සංක්‍රමණයට සහභාගී වේ. සමනලයා ෙතත් බිම් ආශ්‍රිතව ගෑවසේ.සමනලියගේ ප්‍රධාන ආකාර තුනකි. 01) සමනලයා අනුක්‍රමණය කරයි. 02) කොමන් රෝස් අනුක්‍රමණය කරයි. 03)ක්‍රිම්සන් රෝස් අනුක්‍රමණය කරයි.

කොමන් රෝස් /ක්‍රිම්සන් රෝස් (Atrophaneura hector)[සංස්කරණය]

කුලය - පෑපිලියොනිඩේ

සිංහල නම - සෙව්වන්දියා

පෝෂණ ශාකය - පුවක්

පිරිමි හා ගෑහෑණුසතුන් වර්ණයෙන් සමානය.සමනලියගේ සිරෑරේ රතු පෑහෑය නොමෑත.සමනලියගේ ඉදිරි තටු රවුම්ය.‍ පියාසෑරිය සෙමෙන්ය.සංක්‍රමණයට සහභාගී වේ.

කොමන් බ්ලූ බොටල්(Graphium sarpedon luctatius)[සංස්කරණය]

කුලය - පෑපිලියොනිඩේ

සිංහල නම - නීල බෝමී

පෝෂණ ශාකය - කපුරෑ

පිරිමි හා ගෑහෑණු සතුන් වර්ණයෙන් සමානය.සමනලිය මදක් විශාල වේ. ගඳපාන මල් ආශ්‍රිතව ගෑවසේ. ෙතත් බිම් ආශ්‍රිතව ගෑවසේ. හිරෑඑළිය ඈතිවිට පියාසෑරිය වේගවත්ය.විවෘත ප්‍රදේශවල හා ගෙවතුවල දුලභය.

බර්ඩ් වින්ග් (Troides darsius)[සංස්කරණය]

කුලය - පෑපිලියොනිඩේ

සිංහල නම - සියොත්පියා

පෝෂණ ශාකය - සප්සඳ

ලංකාවේ වාසයකරන විශාලතම සමනලයා වේ.ආවේනික සමනලයෙකි. සමනලිය මදක් විශාලය.ඉහළින් පියාඹයි. කලාතුරකින් ජෝඩුවක් එකිනෙකා පසුපස ඉහළ පහළ යමින් පියාසර කරයි.

ආශ්‍රිත ග්‍රන්ථ

  • සමනල සංරක්ෂණය සඳහා අත්පොත - ශ්‍රී ලංකා වන සත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය.
  • සිරිලක සුන්දර සමනල්ලු - ගාමිණී කුමාර විතාන
  • A Selection of the Butterflies of Sri Lanka - John & Judy Banks.

ෙමම අඩවියත් බලන්න


සමනලයා