ශ්‍රි ලංකා‍ අලියා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ අලියා  (Elephas maximus maximus) ලෙස විද්‍යාත්මක නාමකරණය කරන ආසියානු අලි උප විශේෂයකි. 1986 සිට අන්තරායට ලක් වූ උප විශේෂයක් ලෙස IUCN රතු දත්ත පොතට ඇතුලත් කර ඇත.  වසර ගණනාවක් සිට අලි ජනගහනය 50% පමණ අඩු වී ඇත. ශ්‍රී ලංකාවේ අලියාට වසර 60ත් 75ත් අතර ආයුකාලයක් පවති. වාසස්ථාන අහිමි වීම, පිරිහීම හා ඛණ්ඩනය වීම මෙම විශේෂයට මූලික වශයෙන් තර්ජනය කරයි.

කාල් ලිනෙයස් මහතා විසින් 1758   Elephas maximus  ප්‍රථම නාමකරණය කර ඇත්තේ ද ශ්‍රී ලංකාවේ අලියා පාදක කරගෙන ය.

Sri Lankan Elephant
Srilankan tuskelephant.jpg
ශ්‍රී ලංකීය පිරිමි අලියෙක්
Pinnawala 02.jpg
ගැහැණු අලි ඇතුන් (පින්නවල අලි අනාථාගාරය)
විද්‍යාත්මක වර්ගීකරණය
ගණය: Elephas
විශේෂය: maximus
උපවිශේෂය: maximus
Elephant Distribution Map Sri Lanka 2015.jpg
ශ්‍රී ලංකීය අලි ව්‍යාප්තිය

ශ්‍රි ලංකා‍නු අලියා, ආසියානු අලින්ගේ උපවිෙශ්ෂයන් අතර විශාලතම උපවිශේෂය වුවත්, අප්‍රිකානු අලින්ගේ උපවිෙශ්ෂයන් දෙකටම වඩා කුඩාය. ඉතිහාස දත්තයන් හා දහනමවන සියවෙසහි ගන්නා ලද ඡායා රූප හා සස‍දන කල, මෙකල ජාතික වනෝද්‍යයාන වල සිටින අලින් එකල අලින්ට වඩා කුඩාය. මෙයට හේතු වී ඇත්තේ දිගු කාලයක් තුල සිදුකල අලි දඩයම් හා හිලැ කිරීම්ය. ලංකා‍ව, වසර දහස් ගනණකට පෙර, ඉන්දියානු අර්ධද්වීපයෙහි කොටසක්ව පැවතිකල, දකුණු ඉන්දියාවෙන් ලංකා‍වට අලින් සංක්‍රමණය වුවායැයි සිතිය හැක. ඉතා වැදගත් සංස්කෘතික බැදිමක් මිනිසා හා අලියා අතර පවති. අලින් ගහනය ජාතික වනෝද්‍යයාන වලට හා අභය භූමි වලට සිමා වී ඇත. උඩවලව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය, විල්පත්තු ජාතික උද්‍යානය, යාල ජාතික උද්‍යානය අලින් නැරඹීමට අගනා ස්ථානයන්ය.

ආහාර සහ වාසස්ථාන[සංස්කරණය]

ලංකා‍නු අලියා ශාක භක්ෂක සතකු වන අතර තණකොල, ගස් වල පොතු, ඉදී වැටිනු පලතුරු ජාති හා තාල වර්ගයේ ශාක පත්‍ර මොවුන්ගේ ප්‍රියතම ආහාරයන්ය. විශාල පිරිමි සතෙකුට දිනකට කිලෝග්රෑම් 200 පමණ ආහාර අවශ්‍යයය. ඉතිහාසයට අනුව අලින්ගේ ප්‍රධාන වාසස්ථන නිම්න භුමි වැසි වනාන්තරත්, කදුකර වනාන්තරත්, වියලි කලාපීය වනාන්තරත් වේ. නමුත් මෙකල කදුකර වනාන්තර වලින්, අලින් වදවී යන අතර වැඩි වශයෙන්, අලින් දැකගත හැක්කේ වියලි වනාන්තර වලය. ලංකා‍නු අලින් වදවී යාමෙ තර්ජනයට මුහුණ දී ඇත. ලංකා‍වෙහි ඇත් දළ ව්‍යාපාරයට වසර 2000 ක පමණ අතීතයක් ඇත. 18 වන සියවස හා 19 වන සියවසේ මුල් භාගයේදී අලින් විශාල වශයෙන් දඩයම් කරන ලදි. 1999 සිට 2006 දක්වා කාලය තුල අලින් 100කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කර ඇත. අද සංරක්ෂණය නොකල ප්‍රදේශවල අලින් අත්තේ සුලු වශයෙනි. දළ ඇතුන් සිටින්නේ මුළු ගහනයෙන් සියයට 5 ත් 7ත් අතර ප්‍රමාණයකි.

අලි-මිනිස් ගැටුම[සංස්කරණය]

පසුගිය දශකය තුල ලංකාවේ අලි ගහනය විශාල ලෙස පහළ ගොස් ඇති බව සමීක්‍ෂණ මගින් තහවුරු කොට ඇත. අලින් නිසා මිනිස් ජීවිත විනාශවීම වියලි කලාපයේ සමහර ප්‍රදේශවල සුලබ සිදුවීමක් බවට පත්ව ඇත. අලින් වසින් වගා බිම් හානි කිරීමද, අලින් විසින් හානි කරන නිසා වගා බිම් අත්හැර දැමීමද සිදුවේ.

තර්ජන[සංස්කරණය]

විශාලම තර්ජනය වන්නේ වගා බිම්, නිවාස සහ මිනිස් ජීවිත බේරා ගැනීමට අලින් මරා දැමීමය. එසේම ඇතුන් දඩයම, වන විනාශය, නියගය හා කුසගින්න අනෙක් තර්ජනයන්ය.

සුරැකීම[සංස්කරණය]

වන සතුන් සුරැකීමට ජාතික වනෝද්‍යයාන හා අභය භුමීන් පිහිටුවා ඇත. කෑගල්ලේ , පින්නවල අලි අනාථගාරය ගිලන් වු අලින්ටද, අනාථ වු අලින්ටද සෙවණක් වී ඇති අතර එහි අලින් 70 පමණ වෙසෙති.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; iucn නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රි_ලංකා‍_අලියා&oldid=454669" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි