ශ්රී5 වික්රයමරාජසිංහ 1798-1815

විකිපීඩියා වෙතින්

ශ්රීේ වික්රයමරාජසිංහ 1798-1815

ශ්රීේ වික්රයම රාජසිංහ රජතුමා - මහනුවර අන්තිම රජු

මොහු රාජාධිරාජ සිංහ රජුගේ බිසව වූ උපේන්ද්රඅම්මාගේ සොහොයුරියගේ පුතාය. මෙම නව රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ කලින් රජුගේ ඥාති පුත්‍රයාය. රජ වන විට වයස අවුරුදු 18 ක් වුනා පමණි. ඔහු මහනුවර නායක්කර් රජ පරපුරේ අන්තිමයා වූවා මෙන්ම ශ්රී ලංකාවේද අන්තිම රජු විය. ඔහුගේ පාලන කාලය තුළ ලංකාවේ අනිකුත් පෙදෙස්වල ද බ්රිරතාන්ය යටත් විජිතය ස්ථාපනය විය.

රාජාධි රාජසිංහගෙන් පසු රජකමට පත්වීම සඳහා තවත් අයෙකු සිටියේය. ඔහු උපේන්ද්රකම්මා බිසවගේ සහෝදරයාය. ඔහුට රජ කමේ උරුමයට වැඩි අයිතියක් තිබිණ. කෙසේ වෙතත් අගමැති පිළිමතලාවේ, දකුණු ඉන්දීය කුමාරයා රජකමට තේරුවේය. වාර්ථාවන අන්දමට ඔහු එසේ කළේ විශාල සැලසුමක් හිතේ දරා ගෙනයි. එනම් සිහසුන අනියම් වශයෙන් ලබා ගෙන ඔහුගේම වූ නව රජ පරපුරක් පවත්වාගෙන යාමය. රජකමට පත් වීමෙන් පසු තරුණ රජුට කුමණ්ත්රවණ ගණනාවකට මුහුණ දීමට සිදු විය.

අභ්යවන්තර අර්බුද

ඔහුගේ පාලන කාලය තුළදී ලන්දේසීන්ගෙන් පසු මුහුදු බඩ ප්රුදේශයේ බලය අල්ලා ගත් බ්රිේතාන්යදයෝ උඩරට රාජ්යූයේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවූහ. එහෙත් පිළිමතලාවේ බ්රිීතාන්ය යන් සමග රහස් ගිවිසුම් පවත්වා ගෙන ගියේ බ්රිනතාන්යතයින්ට එරෙහිව ආරවුල් කිරීමට රජු පෙළඹෙන අයුරිණි. එවිට උඩරට රාජධානිය අල්ලා ගැනීමට බ්රිලතාන්යියින්ට සාධාරණ හේතුවක් ඉස්මතුවෙයි. පසුව රාජ ද්රෝබහි වීමේ හේතුව මත පිළිමතලාවේ මරා දැමීමට රජුට සිදු විය. එසේ කරන ලද්දේ ඊට පෙර එම වරද සම්බන්ධයෙන් දෙවරක් සමාව දී තිබීමෙන් පසුවයි.

අලුතෙන් අගමැති (නොහොත් පළමු අධිගාර්) පදවියට පත් වූ ඇහැළේපොල, පිළිමතලාවගේ බෑණාය. ඔහු විසින් සංවිධානය කරන ලද කැරැල්ල රජු විසින් මැඩ පැවැත්වීමෙන් පසු ඇහැළේපොල කොළඹට පලා ගොස් බ්රිලතාන්යියන් හා සම්බන්ධ වූයේය. ඔහුට යටත් වන ලෙස රජතුමා දන්වා සිටියේය. සති තුනක් ගත වීමෙන් පසුව ද ඔහු යටත් නොවීම නිසා කෝපයට පත් රජු ඔහුගේ මුළු පවුලම මරා දමන ලෙස නියෝග කළේය. මෙම දඬුවම ගැන විස්තර රට පුරා පතල කරන ලද්දේ ඒ ගැන ශෝක වූවන් විසිණි. කෙසේ වුවද මෙම තොරතුරුවල නිරවද්යපතාවය ප්රදශ්නකාරීය.

පිටුවහල් කිරීම

බ්රිවතාන්යොය හමුදාව එම අවස්ථාවේ උඩරට බලා ගමන් කළහ. ඔවුන්ගේ මෙම ගමනට රජු බලයෙන් පහ වීම අපේක්ෂා කළ මහජනතාවගේ උදව් ද ලැබිණි. රජු සිර භාරයට ගෙන රාජකීය සිරකරුවෙකු ලෙසින් මදුරාසියේ වෙල්ලෝර් කොටුව වෙත ගෙන යන ලදී. මීට රජ පවුලේ සෙස්සෝ ද ඇතුළත් වූහ.

බ්රිේතාන්යෙ රජයෙන් ඔහුට සහ බිසවුන් දෙදෙනාට දෙන ලද සුළු දීමනාවෙන් රජු ජීවත් විය. මෙම දීමනාව රජුගෙන් පසුවත් ඔහුගේ ඤාති වර්ගයාට දිගටම ගෙවා ගෙන එන ලදී. එසේ අවුරුදු 156 ක් එය ගෙවමින් සිට 1948 දී නිදහස ලැබීමත් සමග ගෙවීම නතර කරන ලදී.

http://en.wikipedia.org/wiki/Nayaks_of_Kandy#Sri_Vikrama_Rajasinha_1798-1815