ශබ්දය
පෙනුම
(ශබ්ද තරංගය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "ශබ්දය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2025 සැප්තැම්බර්) |
ශබ්දය හෙවත් සද (ඉංග්‍රීසි: sound) යනු යම් කම්පනයක් ඝණ, ද්‍රව හෝ වායු මාධ්‍ය තුළින් ගමන් කරන්නාවූ මූලධර්මයකි. විශේෂයෙන් මෙම කම්පන තරංග, සංඛ්‍යාත ගොනුවක් ලෙස කන හඳුනාගැනීම ශබ්දය ලෙස හඳුන්වා දිය හැකි යි.
ශබ්දයේ භෞතික විද්‍යාව
[සංස්කරණය]අන්වායාම සහ තීර්යක් තරංග
[සංස්කරණය]වායු, ප්ලාස්මාවන්, සහ ද්‍රවයන් තුළින් ශබ්දය ප්‍රචාරණය වන්නේ අන්වායාම තරංග ලෙසින් වන අතර, සම්පීඩන තරංග ලෙසිනුදු හැඳින්වෙයි. කෙසේ වෙතත්, ඝන ද්‍රව්‍ය තුළින්, එය අන්වායාම තරංග ලෙසින් ද තීර්යක් තරංග ලෙසින් ද යන දෙයාකාරයෙන්ම ප්‍රචාරණය විය හැක.