වෛද්‍ය සමාජවිද්‍යාව
මෙම ලිපිය වනාහි Medical sociology ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
වෛද්‍ය සමාජවිද්‍යාව යනු නොයෙකුත් රෝග අවස්ථාවන්හිදී පුද්ගලයන්ගේ හැසිරීම් පිළිබදව කෙරෙන අධ්‍යයනයකි. මෙහිදී වෛද්‍ය යන වචනය යෙදුනද වෛද්‍ය වෘත්තිකයන්ගේ හැසිරීම පමණක්ම අධ්‍යයනය නොකරයි. සියළුම මානව වර්ගයාගේ සෞඛ්‍ය සහ රෝගී අවස්ථාවන්හි දී ඔවුන් දක්වන චර්යාත්මක ප්‍රතිචාර පිළිබදව හදාරනු ලබයි.
වෛද්‍ය සමාජ විද්‍යාවේදී පුද්ගලයෙකු හෝ පුද්ගලයන් සමූහයක් සෞඛ්‍ය තත්වය පවත්වාගෙන යාම, රෝග අවස්ථාවකදී ක්‍රියා කරන ආකාරය හා සෞඛ්‍ය සේවා පද්ධතිය අතර දක්වන අන්තර්ප්‍රතික්‍රියා පිළිබදව අවධානය යොමු කරනු ලබයි. මෙහිදී භෞතික සහ කෘත්‍යමය ලෙස සිදුවූ අකර්මණ්‍යවීමකට උපරිම ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලබාදේ. මෙහිදී අපගේ සෞඛ්‍ය තත්වය සහ පරිසරය මගින් මානසික වශයෙන් කෙසේ බලපෑමක් ඇති කරයිද යන්න පිළිබදව හදාරනු ලබයි.
වෛද්‍ය සමාජ විද්‍යාවෙහි පියා ලෙස සලකනුයේ ටැල්කොට් පාසන්ස් වන අතර එසේ වීමට හේතුව ඔහු විසින් සොයාගන්නා ලද “රෝගියෙකුගේ භූමිකාව” නම් විග්‍රහ කිරීමයි. මෙමගින් නිරෝගී පුද්ගලයෙකුට සාපෙක්ෂව රෝගී වූ පුද්ගලයෙකු නිරූපණය කරන භූමිකාවෙහි වෙනස විස්තර කරයි. ඔහු පුද්ගලයෙකු රෝගී වූ අවස්ථාවේ දී ඔහුගේ අභිප්‍රායන් රෝගියෙකුගේ භූමිකාව ලෙස විස්තර කරයි. නමුත් පාසන් විසින් මෙහිදී වෛද්‍යවරයෙකු වෙනත් වෛද්‍ය ආයතනයක් මගින් නිරූපණය කරන භූමිකාව විස්තර කර නොමැත. රෝගියෙකුගේ භූමිකාව කොටස් 4 කින් යුක්ත වේ.
- සමාජයෙහි සාමාන්‍ය වශෙයන් සිදුවන වගකීම්වලින් නිදහස් වී සිටීමේ හැකියාව
- තමා රෝගී වීමට කිසිදු වගකීමක් නොමැති බව පැවසීමට ඇති අයිතිවාසිකම
- රෝගය සුව වීමට ඇති අවශ්‍යතාවය
- නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාගැනීමට රෝගියා බැදී සිටීම.
වෛද්‍ය සමාජ විද්‍යාව සාමාන්‍යයෙන් සමාජ විද්‍යාව , සායනික මනෝ විද්‍යාව සහ සෞඛ්‍ය අධ්‍යයනයන්හි කොටසක් ලෙස ඉගැන්වේ. තවද වෛද්‍ය විද්‍යාවෙහි ආචාර ධර්ම පද්ධතිය පිළිබදව අධ්‍යයනය කිරීමක් වශයෙන් එය විශේෂඥ උපාධිවලට ද අන්තර්ගත වේ.
එක්සත් රාජධානියෙහි විශේෂඥ උපාධි සදහා වෛද්‍ය සමාජ විද්‍යාව අන්තර්ගත වන ආයතන වශයෙන් නොටින්හැම් සරසවියේ ලන්ඩන් සරසවිය සහ ගෝල්ඩ්ස්මිත් විද්‍යාලය හැදින්විය හැකිය.