වේල්ස් භාෂා සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සම්භාව්‍ය භාෂා වලින් ලියන ලද සාහිත්‍යය හැරුණු කළ වේල්ස් භාෂා සාහිත්‍යය යුරෝපයේ පැරණිතම දැනට පවතින සාහිත්‍යයි. වේල්ස් සාහිත්‍ය සම්ප්‍රදායය 6 වන සියවසෙහි සිට විසි-එක් වන සියවස දක්වා විහිදෙයි. මෙම සියවස් පුරාවට එහි යස-අයස වේල්ස් භාෂාවෙහි පලාපල පරිදීම උච්චාවචනය විය. වර්තමානයේදී පවා සමහරක් වේල්ස් භාෂාව කතාකරන්නන් හට ආදි මධ්‍යතන යුග වල භාෂාව හඳුනාගත හැක.

මධ්‍යයතන යුග[සංස්කරණය කරන්න]

ප්‍රශංසාර්ත කාව්‍යය නිර්මාණය මෙකල හරාත්මක සම්ප්‍රදායය වූ අතර කවි ටාලියැසෙන් මෙහි ප්‍රමුඛයා ලෙසින් සැලකෙයි. අනෙක් කරුණ නම් කාව්‍යකරුවන් වෘත්තියේ දක්ෂයින් වු අතර ඔවුන්ගේ ජිවිතයන්ට ‍රජවරුන්ගෙන්, කුමාරවරුන්ගෙන් සහ ආර්යයාවන්ගෙන් විශ්වාසනීය අනුග්‍රහයක් ලැබිණි. 'ග්වෙනෙයිඩ්' රාජ්‍යයයේ බිද වැටීම සහ වේල්ස්හි ස්වාධිනත්වය කවර ආකාරයකින් හෝ 1282 දී නැති වීම මගින් සම්ප්‍රදායන් තුළ අර්බුදයක් ඇති වු නමුත් මෙම අර්බුදය ජය ගත්තේය. මෙය 'සිවිඩ්' මීටරයේ දියුණුවට, නවීකරණයට සහ ප්‍රශංසාවට ඉතා ලිහිල් අර්ථකථනයක් සහ ශ්‍රේෂ්ඨයින්ගේ උපකාරයන් සදහා විශ්වාසනීයත්වයක් ඇති කළේය.


ශිල්ප ශ්‍රේණියේ කාව්‍යකරුවන් හා කවියන් පිළිවෙලින් 'රෑල් බුක්' මගින් වෘත්තීමය සාහිත්‍ය සම්ප්‍රදාය පෝෂණය කරන ලදී. මෙම 'රෑල් බුක්' මගින් ඔවුන්ගේ වෘත්තීමය දක්ෂයින් විසින් කාව්‍ය ශිල්පයක් ලෙස හැදෑරිය යුතු බව අවධාරණය කරන ලදී. මෙම නීතීන්ට අනුව ආධුනිකයෙකුට සම්පුර්ණයෙන් සුදුසුකම් ලැබු කාව්‍යකරුවෙකු වීමට අවුරුදු 9 ක් අවශ්‍ය විය. මෙම නීතීන් තුළ කාව්‍යකරුවන්ගේ සේවයට බලාපොරොත්තුවන ගාස්තුව සදහන් වු අතර කාව්‍යකරුවන්ගේ පුහුණුවීම් සහ වසරේ එක් කාලයකදී කාව්‍යකරුවන්ට ඇති ඉල්ලීම් අනුව මෙම ගාස්තුව වෙනස් විය.

රජවරු, කුමාරවරුන්, ශ්‍රේෂ්ඨයින් කාව්‍යකරුවන් තුළ ගෞරවයට පාත්‍රවිය.මේ නිසාම කතාන්දර සඳහා ඔවුන් සිටියේය. වේල්ස් සියැපිඩ්, කාව්‍යකරු මෙම කතාන්තරකරුවන් තුළ සිට වෘත්තීමය ශ්‍රේෂ්ඨයෙක් විය. නමුත් කාව්‍යකරුවන්ගේ මෙන් නොව මොවුන්ගේ කාර්යයන් සුළු ප්‍රමාණයක් පමණක් නොනැසී පවතී. නොනැසී පවතින්නේ කතා කියන්නන් විසින් ප්‍රකාශ කරන ලද ස්වදේශිය වේලසයේ සාහිත්‍ය නිර්මාණ පමණි. මෙම කථා සාමාන්‍යයෙන් 'මැබිජෝනියන්' ලෙස හදුන්වයි.

මධ්‍යයන්න යුගයේ වේල්ස්හි ගද්‍යය කතා සම්ප්‍රදායකට සීමා නොවු අතර ආගමික සහ ‍ප්‍රායෝගික ක්‍රියාවන් මෙයට ඇතුළත් වුවේය.මේවා ඉතා විශාල ප්‍රමාණයෙන්, අනෙක් භාෂාවන්ට පරිවර්තන විය

16 හා 17 වන සියවස්[සංස්කරණය කරන්න]

යුරෝපයේ අනෙක් කොටස්වල මෙන්ම වේල්සයේ 16 හා 17 වන සියවස් අධික වෙනසක් සිදු වූ කාල පර්ච්ඡේදයක් විය. දේශපාලනිකව , සමාජීයව හා ආර්ථිකමය වශයෙන් නූතන වේල්සයේ පදනම ඇති වූයේ මෙම කාලයේදීය. වේල්සයේ නීති පනත් 1535 – 1542 දී වේල්සය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි අධිරාජ්‍යයට සම්බන්ධ වූයේ දේශපාලනික හෝ නෛතික ස්වාධීනත්වයේ ඉතිරිවී තිබූ අවශේෂ ද නැති කර ගනිමිනි. I වන එළිසබෙත් රැජිනගේ 1559 ඒකීයතා පනත හරහා හෝ දේශපාලනික - ආගමික ගිවිසුම වේල්සය නමින් රෙපරමාදු යටත් බවට පත් කළ අතර එයට නැවත බලය ගැනීමට හැකිවූයේ ඉංග්‍රීසි සිවිල් යුද්ධය අතරතුර හා ඉන් පසුව සිදු වූ දියුණුවීම් වලිනි. තවද , අවසාන වශයෙන් මෙම යුගයේදී ගල් අඟුරු කැනීම ලෝහ කැනීම හා වානේ උණූ කිරීමේ කර්මාන්තවල අරම්භය සනිටුහන් වූ අතර එමගින් ඉන්පසු වූ ශතවර්ශවලදී සිදු වූ විශාල කර්මාන්තකරණයට මග පෑදිණි.

කාව්‍ය ශිල්ප ක්‍රමයන්ගේ අවසානය[සංස්කරණය කරන්න]

16 වන ශතවර්ෂයේ මැද භාගයේ සිට ශ්‍රේෂ්ඨ කාව්‍යකරුවන්ගේ වන්දනා සම්ප්‍රදායෙහි පසුබැස්මක් දක්නට ලැබිණි. කාව්‍යකරුවන්ට, කාව්‍යමය හැකියාවෙන් ජිවිතය ඉදිරියට ගෙන යෑම බොහෝ සෙයින් අසීරු වීම ඊට හේතුවයි. ඊට ප්‍රාථමික වශයෙන් සිදුවුයේ බලපෑවේ තමනට පාලනය කරගත නොහැකි වූ සමාජයිය හේතූන්ය. කාව්‍යකරුවන්ට පුර්ණ අනුග්‍රහයක් දැක්වු ශාසනයේ පිරිහීම, ටියුඩර් රාජවංශය තුළදි ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ඇන්ග්ලිකානුකරණය වීම, උදාහරණයක් ලෙස වේල්ස් හි පණත් මඟින් කාව්‍යකරුවන් දිරිමත් කළ අනුග්‍රාහකයින්ගේ ඊට තිබු කැමැත්ත හා ඒ කෙරෙහි ඔවුන් දැක්වූ සහයෝගය බොහෝ සෙයින් අවම කළේය. නමුත් මෙම බිඳ වැටීමට අභ්‍යන්තර හේතු ‍සාධක ද විය. කාව්‍යකරුවන්ගේ සංඝර්ණවාදය හෝ කවිකාරයන්ගේ පිළිවෙල, නවීන ලෝකයේ පුනරුදයේ ඉගැන්වීම් වලට අනුව හැඩ ගැසීමට නොහැකිවීම සහ මුද්‍රණයේ වැඩි දියුණුවට අනුගත වීමට ඔවුනට ඉතා අසීරු වීම යනු එම අභ්‍යන්තර හේතු ‍සාධක වේ.

කෙසේ වෙතත්, වේල්ස් සාහිත්‍යමය සම්ප්‍රදායේ, සාම්ප්‍රදායික මිමි සහ 'සින්ගැන්ල්ඩ්' සම්පුර්ණයෙන්ම විනාශ වී ‍නොගිය නමුත් එහි වෘත්තීයභාවය නැති විණි. එහෙත් මෙය සාමාන්‍ය කාව්‍යකරුවන් අතට පත් වී අවුරුදු සිය ගණනක් ජීවමානව පැවැතුණි. 'සින්ගැනඩ්' සහ සම්ප්‍රදායික මිමි වර්තමානයේදීත් වේස්ල් භාෂාමය කාව්‍යකරුවන් විසින් භාවිතා කරනු ලබයි.

පුනරුද අධ්‍යයනය[සංස්කරණය කරන්න]

ස්වකීය සරසවියක් හෝ වෙනත් අධ්‍යයන ආයතනයක් රහිතව, අවම වශයෙන් අධිකරණයක් හෝ අමාත්‍යවරුන් රහිතව, වේල්ස් දේශය, පුනරුදයත් සමඟ නැගී සංකල්ප විප්ලවයකට දායක වීමට සුදුසු තත්ත්වයක නොවිය. එ‍සේ දැනුම හා සංකල්ප ජනිත කිරීමේහිලා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරිමට සුදුසු වු ප්‍රධාන නගරයක් වුව ද වේල්ස් හී නොවීය. නමුත් පුනරුදය මඟින් වේල්ස් මත නිසැක ‍බලපෑමක් තිබුණි. එනම්, යම් යම් පුද්ගලයින් (රෙපරමාදු හා කතෝලික බැතිමතුන්ද) තම ‍වේල්ෂ් භාෂාව පුනරුදයෙන් නැගී ආ මේ නව ව්‍යාපාරයේ කොටසක් කිරීමට දැක්වු කැපවිම හා අභිප්‍රාය හෙයිනි.

මුලින්ම මුද්‍රණය කරන ලද වේල්ස ග්‍රන්ථය[සංස්කරණය කරන්න]

1546 දී වේල්සයේ මුද්‍රණය වූ ප්‍රථම ග්‍රන්ථය ප්‍රකාශයට පත් විය. එය ලියන ලද්දේ බ්‍රෙකෝන්හි සර් ජෝන් ප්‍රයිස් විසිනි. ජෝන් ප්‍රයිස් වංශවතෙකු වූ අතර වැදගත් සිවිල් සේවකයෙකු ද විය. ඔහු වේල්ස කවුන්සිලයේ ලේකම් ලෙස කටයුතු කළ අතර ඔහු එම ප්‍රදේශයේ ආගමික ස්ථානවල විසිරවා හැසිරීම පරිපාලනයට වගකිව යුතු නිලධාරීන්ගෙන් අයෙක් ද විය. උපාධිදරයෙක්ද වන මොහු ආගමට හා ඉගෙනීමට, ප්‍රතිසංවිධානය හා මානව වාදයට සම්බන්ධ නවතම අදහස් ඉදිරිපත් කරන ලදී . තවද ඔහු වේල්සයේ ඉතිහාසය හා සාහිත්‍යය ඇතුළත් විවිධ වස්තු පිළිබඳ ලේඛන එකතු කරන්නෙකු ද විය.

වෙනත් මානවවේදීන් පඬිවරුන්[සංස්කරණය කරන්න]

විලියම් සැල්ස්බරිගේ ක්‍රියාකාරකම්වලට කෙටි කලකට පසුව මොවුන් දිස් වන්නට විය. සැල්ස්බරි ප්‍රොතෙස්තන්ත්‍රවාදියෙකු වූ අතර ඔහුගේ අධ්‍යයනයන් මහාද්වීපයේ නව ආගමික අදහස් සමඟ බද්ධ කළේය. අනෙක් අතින් ගෘෆර්ඩ් රොබට් කතෝලිකයෙකු වූ අතර එම ආකාරයෙන්ම ‍වැදගත් වේල්ස ව්‍යාකරණයන් ප්‍රකාශයට පත් කළේය. ඔහු 1567 දී මිලාන් නඟරයට පිටුවහල් කෙරිණි. විලියම් මෝගන් විසින් බයිබලයේ සම්පූර්ණ පරිවර්තනයක් 1588 දී ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වේල්ස භාෂාවේ හා සාහිත්‍යයේ විශාල ඉදිරි පියවරක් ඇති වේ.

18 වැනි ශත වර්ෂය[සංස්කරණය කරන්න]

18 වැනි ශත වර්ෂයේ වේල්ස් දේශය පුරා අනනුකූලත්වය පැතිරීමත් සමඟම ආගමික සාහිත්‍යය සඳහා නැඹුරුව ඉතා ප්‍රබල ‍ලෙස වර්ධනය විය. වේල්ස් මෙතෝදිස්තය නැවත පිබිදීමට පුරෝගාමී වුයේ 'හවල් හැරිස්" සහ 'ඩැනියලෝලන්ඩ්' ගේ දේශනා සහ ධර්ම පත්‍රිකා ප්‍රකාශයට පත්කිරීම හේතුවෙනි. ඊට අමතරව විලියම් විලියම්ස් පැන්ටිසෙයිලන්, ඇන් ග්‍රිෆින්ස් සහ අනෙක් අයගේ ගීතිකා සහ කාව්‍යය ද ඒ සඳහා ඉවහල් විය.


මොරිස් නම් 'ඇන්ග්ලෙසි' සහෝදරයින් ලන්ඩනයේ වේල්ස් සමාජයේ ස්ථාපිත කිරීමට පුරෝගාමී චරිත වු අතර, ඔවුනොවුන් අතර හුවමාරු වු ලියුම්, එම කාලය තුල වැදගත් වාර්තාව ලෙස සැලකිණි. ලන්ඩනයේ වේල්ස්හි ජනතාවගේ කාර්යයන් බ්‍රිතාන්‍යයේ සමස්ථ අනන්‍යතාව පවත්වා ගැනීමට ඉවහල් විය.


‍'කොවන්' හි ‍'තෝමස් ජෝන්ස්' සහ 'ගැලැමොගන් ස්ටෝන්මැන්සන්’ සහ ‘ඉයෙලෝ මෝගැවන්ග්' ඇතුළුව පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වය වර්තමානයේ සොයා ගෙන ඇති බොහෝ සම්ප්‍රදායන් කෙරෙහි හා වේල්ස් ජාතිකයන්ගේ නැවත පිබිදීමට ඉවහල් විය. ඉයොලෝ ඇතැම් විට වංචාකාර ලෙස හැඳින්වුයේ ‍බොහෝ ශුද්ධ මිත්‍යාවන්ගේ සොයා ගැනීම් නිසාය. තවද ඔහු පැරණි මුලාශ්‍ර එකතු කරන්නෙක් වු අතර එමඟින් වේල්ස් සාහිත්‍යය දුෂ්කරභාවයට පත් නොවන ආකාරයේ සේවයක් සිදු කළේය. ඇතැම් වේල්ස් ජනතාව කවියාට අනුග්‍රහ කළ නමුත් අද වනවිට එය ක්‍රමයෙන් අඩුවෙමින් පවති.

දහනව වන ශතවර්ෂය[සංස්කරණය කරන්න]

19 වන ශතවර්ෂයේ ඇති වු කාර්මික විප්ලවය හේතුවෙන් මිනිසුන් විශාල වශයෙන් දකු‍ණු වේල්සයේ නිම්නභූමි වෙත ආගමනය විය. ඒ අතරින් බොහෝ පිරිසක් ඉංග්‍රීසි ජාතිකයින් වු අතර සමහර අය දේශීය ප්‍රජාව සමඟ සම්බන්ධ විමේ අදහසින් වේල්ස්හි භාෂාව ඉගෙන ගැනීමට උත්සාහ කළහ. ඒ සමගම පොත්, වාරික සඟරා, පත්තර, කවි, බැලට් නාට්‍ය හා දේශන සඳහා තිබු ඉල්ලුම වැඩි වෙන්නට විය. චාලට් ගෙස්ට් මෙනවිය, ලැනෝවර් මෙ‍නවිය වැනි ධනවත් ආදායම් ලාභීන්, ධනවත් සංස්කෘතියක් කරා රාජ්‍යය යොමු කිරීමට ක්‍රියාකාරීව සහයෝගය දුන් අය වේ. වේල්ස් හී සාහිත්‍යය උත්සව ජාලය හේතුවෙන් ලිපි හා සෑම ආකාර‍යකම කවි දියුණු විය.

තරඟයන්හිදී කවීන් ඔවුන්ගේ අනන්‍යතාවය සඟවා තබා ගැනීමේ අදහසින්, ඔවුන් විරිඳු කියන නාමයන් (බ්‍රැඩික් නාමයන්) භාවිතා කළෝය. ජනප්‍රිය වීමෙන් පසුවද ඔවුන් එම නාමයන්ම භාවිතා කළහ. ඊවන් ඊවන්ස් (ඉයන් ශ්ලෙන් ජර්නොයිඩ්), ජෝන් බැල්ක්මෙල්, විලියම් තෝමස් හා ‍ජෝන් සිරියොග් හුග්ස් යන අය එම ශතවර්ෂයේ බොහෝ පැසසුම් ලත් කවීන් වුහ. ඔවුන් භාවිතා කළ බ්‍රැඩික් නාමයන් පිළිවෙලින් 'ඇලන්', 'ඉස්වෙයින්' සහ සිරියොග් වේ.

වේල්ස්හි වේග ශක්තිය හැඳිනගැනීමට නවකතාකරුවන් ප්‍රමාද විය. අන්කල් ටොම්ස් කැබින් වැනි පරිවර්තන පැවතියත්, පිළිගත් ප්‍රථම නවකථාකරු ඩැනියල් ඕවන් වු අතර රේස් ලොවිස් (1885) හා ඉනොක් හව්ස්ද (1891) ඒඅතර විය.

විසිවැනි සියවසේ සිට ඉදිරියට[සංස්කරණය කරන්න]

දහනව වැනි සියවසේ පසු කාලයේත් විසිවැනි සියවසේ මුල් කාලයේත් වේල්ස් භාෂාව වැඩි වශයෙන් දේශපාලන සංකේතයක් බවට පත්වෙමින් තිබෙන ආකාරය වේල්ස් සාහිත්‍යයෙන් පිළිබිඹු වීම ආරම්භ විය. මෙම සමයේ සාහිත්‍ය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයන් දෙදෙනෙකු වුයේ විශාල ලෙස නිර්මාණය කළ සෝන්ඩර්ස් ලූවි සහ ලේඛකයන් හා ප්‍රකාශකයෙක් වු කේට් රොබර්ට්ස්ය. ලිවර්පුල් හි හැදි වැදුණු ලූවිස් දේශාභිමානි ව්‍යාපාරයෙහි නායකයෙක් වු අතර විරෝධතාව්‍යාපාරවල යෙදිම සම්බන්ධයෙන් හිරගත කොට සිටියේය. ඔහු තමන් පෙනි සිටි කාරණයෙහි නිවැරදිතාවය පිළිබඳව අවධානය යොමු කිරිම සඳහා නාට්‍යය සිය මාධ්‍යය ලෙස තෝරා ගත්තේය. නවකථාකරුවෙකු වු කේට් රොබර්ට්ස් ගුරුවරයෙක් ලෙස සේවය කළ අතර උතුරු හා දකුණු වේල්සයෙහි ජිවත් වු හා ඒ පිළිබදව ලිවු අල්ප ලේඛකයන් සංඛ්‍යාව අතරින් කෙනෙක් විය.

වේල්සයෙහි යම් යම් කොටස් කාර්මීකරණය ආරම්භ වෙමින් තිබිම මිශ්‍ර ආශිර්වාදයක් ලෙස සැලකුණු අතර රටේ වඩා විශාල කොටසක නොවෙනස්ව පැවතුණු පැරණි කෘෂිකාර්මික ජිවන රටාව බොහෝ ලේඛකයන් විසින් පරමාදර්ශයක් ලෙස හුවා දැක්වුහ. කෙසේ වුව ද යුද්ධ අතරතුර කාලයේ ග්වයිනේඞ් කෘෂිකාර්මික ප්‍රජාවන් පිළිබඳව වඩා තත්වික චිත්‍රයක් ජෝන් එලිස් විලියම්ස් (1924) විසින් ඉංග්‍රීසි හා වේල්ස් යන භාෂා ද්වයෙන්ම ඉදිරිපත් කරනු ලැබිණි. මෙම අත්දැකිම් පිළිබඳව මතකයන් ප්‍රජා පුවත්පත්වලත්, කන්ටි‍්‍රමන් සඟරාවෙහිත් ඉන් පසුව ග්‍රන්ථ වශයෙන් ‘ක්ලවුඞ්ස් ඔෆ් ටයිම් ඇන් ඈර් ස්ටෝරිස් (1989) සහ ‘රෙයාර් වෙල්ස් බිට්ස්’ (2000) යන නම් යටතේ ඉංග්‍රීසි භාෂාවෙනුත් ප්‍රසිද්ධියට පත් විය. වේල්ස් හි ප්‍රකාශකයන් සමුහය අතර නිදහස් මතධාරියෙක් වු ‘විලියම්ස්’ ශාස්ත්‍රඥයෙක් හෝ දේශපාලනඥයෙක් නොවීය. නමුත් ඔහු පශ්චාත් දෙවන ලෝක යුද සමයේ ප්‍රංශයේ භවසන්තාවාදය වැළඳගත් අයෙක් වු අතර ‘සිමෝන් ඞී බොවෝර්’ සමග ක්‍රියාශිලි මිත්‍රත්වයක් හා ලිපි ගනුදෙනුවක් පවත්වාගෙන ගියේය.

මේ අතර එකතැන රැඳෙන මායිමේ තිබු වේල්ස් කාව්‍යය කවින් විසින් තරමක් දුරට දේශපාලන ස්ථාවරයක් ඉදිරිපත් කිරිම සදහා සාම්ප්‍රදායික කාව්‍ය රීතින්හි විශාරදත්වය යළි ළගාකර ගැනිමත් සමඟ නව ජිවිතයක් ලැබිය. එම ක්ෂේත්‍රයෙහි මුලිකයන් වුයේ ‘ඇලන් ල්වයිඞ්’ සහ ‘ඩික් ජොන්ස්’ ය. ‘මෙනා එල්නින්’ වැනි කිවිඳියන් පුරුෂාධිපත්‍ය වු කවියන් සමුහයෙන් එල්ල වු බාධාවන් හා සම්ප්‍රදායන් පරදවමින් සිය හඬ ඇසිමට සැලැස්වුහ.

ශ්‍රීමත් අයිෆෝර් විලියම්ස් පඩිවරයා ද ටැලිසින් සහ අනේරින් වැනි කවින්ගේ කෘතින්, ඇනේරින් ගේ ‘ගොඩෝඩින්’ හි තේමාව වුයේ ක්‍රි.ව 472 දී ස්ටෝන් හෙන්ජ් හි දි බ්‍රිතාන්‍යයන්ගේ භාරයයි විශ්වාස කළ පුජාක එඞ්වඞ් ඬේවිස් වැනි පුරාවිද්‍යාඥයන් අවිචාරාත්මක සිතුවිලි මැදින් යළි ඉදිරියට ගනිමින් පැරණිතම වේල්සියානු ලිඛිත සාහිත්‍යයේ සහ වේල්ස් භාෂාවේ විද්‍යාත්මක අධ්‍යයනය සදහා පුරෝගාමි විය.

"https://si.wikipedia.org/w/index.php?title=වේල්ස්_භාෂා_සාහිත්‍යය&oldid=340826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි