වේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංග
වේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංග
වේදිකා නාට්‍ය යනු සාමුහික කලා මාධ්‍යක් යන්න බෝහෝදෙනා අවිවාදයෙන් පිළිගනු ලබන කරුණකි. වේදිකාව මත නාම්‍යක් රගඳැක්වුවද එහි පිටුපස නොපෙනෙන්නාවු ශිල්පීය කණ්ඩායමකගේ සාමුහික ක්‍රියාකාරකමෙහි ප්‍රතිඑලයක් ගැබ්ව පවතී. නාට්‍යයයේ සාර්ථකත්වය කෙරෙහි මෙම ක්‍රියාකාරකම සෘජුවම බලපානු ලබයි. වේදිකා නාට්‍ය නිර්මාණයේදී විවිධ අයුරින් සහය වන්නාවු කලාවන් ආනුෂාංගික කලාවන්ට අයත්වනු ලබයි.
ආනුෂාංගික යන පදය ඉංග්‍රීසි භාෂාවේ Ancillary theatre යන පදයෙන් හදුන්වනු ලබයි. මෙම පදය සිංහල භාෂාවෙන් සහයෝගය, උපකාරය යන තේරුම් ලබාදේ. සුමංගල ශබ්දකෝශයේ මෙම පදය ‘තවදුරටත් ලබාදෙන සහය’ ලෙස දක්වනු ලැබෙයි. නාට්‍ය මගින් අභිනයන් නිරූපණය වුවද එම අභිනයන් වඩාත් සාර්ථකව ඉදිරිපත් කිරීම සදහා ආනුෂාංගික කලාවන් මගින් ලබාදෙනු ලබන මෙහෙය අතිමහත්ය. ආනුෂාංගික අංගයන්ට අයත් විෂයන් ලෙස පහත විෂයන් දක්විය හැකිය
· වේදිකා පසුතල නිර්මාණය
· අංග රචනය
· රංග වස්ත්‍රාභරණ නිර්මාණය
· සංගීතය
· රංගාලෝකය
· වේස්මෝස්තර රචනය
යන කරුණු ආනුෂාංගික කලාවන් යන ගණයට අයත් වනු ලබයි මෙම කරුණු සියල්ලෙහිම සාර්ථක ප්‍රතිළුලයක් වශයෙන් අවසානයේදි සාර්ථක නාට්‍යයක් නිර්මාණය වේ.
වේදිකා පසුතල නිර්මාණය
නාට්‍යක් නැරඹීමට යන ප්‍රේක්ෂකයාට මුලින්ම නෙතු ගැටෙනු ලබන්නේ වේදිකාව තුළ නිර්මාණය වී පවතින වේදිකා පසුතලයයි. නාට්‍යයේ සම්පූර්ණම ක්‍රියා විකාශනය වේදිකා පසුතල නිර්මාණය මගින් නිරුපණය වනු ලබයි. නාට්‍ය නරඹන්නාවූ ප්‍රේක්ෂකයින් නාට්‍යයේ වේදිකා පසුතල නිර්මාණය දුටු සැනින් වේදිකාව මත රඟ දැක්වෙනු ලබන ක්‍රියා පටිපාටිය පිළිබඳව විස්වසනීයත්වයක් ඇතිකරගනු ලබයි. මෙහිදී නාට්‍ය නිර්මාණය වී ක්‍රියාත්මක වන යුගය කාලය රට ආර්ථික රටාව වැනි බෝහෝ කරුණු පිළිබඳව මනා විවරණයක් සිදු කරනු ලබන අතර සංකේතාත්මකව ඉදිරිපත් කරයුතු සිදුවීම්ද මෙමගින් නිරූපණය වේ.
නාට්‍යතුළ පසුබිම් කතනය කිරීමට වෙනම කාලාකරුවන් රාශියක් සිටිනු ලබයි. පසුබිම් කථනය තුළින් නාට්‍යයේ ශෛලිය නාට්‍ය පවත්වන වටපිටාව නිරූපණය වේ. මෙයට අමතරව පසුබිම වෙනස් කිරීම් මගින් ස්ථාන මාරුවීම් හා නව ජවනිකා සදහා ආරම්භය ලැබීම අදිය සිදුවේ. පසු බිමිකථනය ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය කීපයක සිදුව ඇති ආකාරය නිදසුන් මගින් පෙන්වාදිය හැකිය.
ආර් . ආර් සමරකෝන්ගේ කැලණි පාලම වේදිකා නාට්‍යතුළ‘ කැළණි පාලම’ අවට පවතින මුඩුක්කු වාසින් පිළිබඳව මනා සිතුවමක් මවයි. රංඡනි ඹබේසේකරගේ ‘බර්නාඩිගේ සිපිරි ගෙදර’ නාට්‍යතුළ පවතින කුඩා ජනේලයන් මගින් නිවසේ පවතින සිරකාරි බව නිරූපණය වේ. වේදිකා පසුතල නිර්මාණය සිදු කිරීමේදී එහි පවතින ශෛලිය පිළිබඳව අවධානය යොමුකර යුතුය. එහදී,
· පරිවර්තන නාට්‍යය
· අනුවර්තන නාට්‍යය
· ළමා නාට්‍යය
· අසම්මත නාට්‍යය
යන විවිධාකාර නාට්‍යවලදී එහි පසුබිම් කථනය සිදු කිරීමේදී වෙන වෙනම අවධාණය යොමු කර යුතුය. පරිවර්තනයකදී නාට්‍ය නිර්මාණය කරන පරිසරය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. මන්ද, එය ලංකාවේ පවතින පරිසරයට වෙනස් ආකාරයන් නිරූපණය වීම බලපාන ලද බැවිනි. අනුවර්තනයකදී නාට්‍යයේ හරය දේශීය ජන සමාජයට ගැළපෙන ආකාරයෙන් නිරූපණය කරයුතුය. ළමා නාට්‍යකදී ළමයින්ගේ මනසට ගැළපෙන ආකාරයට පසුතල නිර්මාණය සිදුකර යුතුය. අසම්මත නාට්‍ය තුළ නාට්‍යය අවශ්‍ය වන පරිදි වේදිකා පසුතල නිර්මාණය සිදු කරයුතුවේ.
අංග රචනය
ඉංග්‍රිසි භාෂාවේ make up යන පදයෙන් හදුන්වනු ලබන අංග රචනය වේදිකා නාට්‍ය තුළ අතිශයින්ම වැදගත්වනු ලබන ආනුෂාංගික කලාඅංශයකි. මුහුණ ප්‍රධාන කරගනිමින් මුලු ශරීරයම නාට්‍යයට උචිත පරිදි නිර්මාණය කරමින් නළුවාගේ හෝ නිළියගේ අභිනයන් වඩාත් තීව්‍ර කිරීමට යොදා ගනු ලබන්නාවූ කලා අංගය අංග රචනය ලෙස සරලව පෙන්වාදිය හැකිය. එළිය අදුර උපයෝගිකරගනිමින් වර්ණ මගින් නළුවා ප්‍රකාශනය කරන හැගිම් මනාව නිරූපණයට අංග රචනය උපකාරි වේ.
ප්‍රොසිනියම් වේදිකාවේ අංග රචනය නාට්‍යයේ විකාශනයට ඉතා වැදගත් වේ. අංග රචනය එක්තරා භාෂාවකි. නළු නිළියන් හඳුනාගැනීම පහසු කිරීම සිදුකරනු ලබන්නේ අංග රචනයයි. නළුවා හෝ නිළිය වේදිකාවේ ආලෝකය තුළ සිටගත් විට අඳුරු ස්වභාවයක් ගනු ලබයි. මෙය මග අරවා ගැනීමට අංග රචනය උපකාරී වේ. අංග රචනයේදි මූලික වශයෙන් මුල් අවස්ථාවේදි යොදාගනු ලබන්නේ පදනම් ආලේපයයි. මෙහිදී මුහුණ ප්‍රධාන කලාප කිපයකට බෙදා වෙන්කරනු ලබයි. එනමි,
· නළල කලාපය.
· නාසය කලාපය.
· අක්ෂි කලාපය.
· කම්මුල කලාපය.
· මුඛය කලාපය.
මෙහිදී පදනම් ආලේපය තුළ නිර්මාණය වන පැතලි බව වෙනස් කරමින් මුහුණේ හැඩතලයන් මතු කර ඉදිරිපත් කිරීමට යොදාගනු ලබන වර්ණයන් ප්‍රධාන කොටස් දෙකක් වේ. එනම්,
· දීපන - යම්කිසි හැඩතලයක් මතු කිරීමට යොදා ගන්නා ලබන වර්ණයන් මෙලෙස හඳුන්වනු ලබයි.
· ජායත - යම්කිසි හැඩතලයක අඳුර හා ගැඹුරු බව පෙන්වීමට යොදාගනු ලබන වර්ණයන්ය.
අංග රචනයේදි පදනම් ආලේපනයන් තුළදී යොදා ගන්නා ලබන පදනම් ආලේපන කීපයක් වේ. එනමි,
· පදනම් ආලේපන කැට
· ආවාස කූරු
· මෘදු පදනම් ආලේපන
· දියර පදනම් ආලේපන
· රබර් ආරක්ෂිත ආවාස කූරුය
නුතනයේදී බොහෝවිට භාවිතා කරනු ලබන්නේ පදනම් ආලේපන කැට වන අතර එය භාවිතා කරනු ලබන්නේ ජලය තෙත් කරමින්ය. pan cake ලෙස මෙය හදුන්වනු ලබයි. මෙයට අමතරව පින්සල්, පාරහාසක පුයර, කොණ්ඩා සුදු කිරීමට ගන්නා පුයර, ස්ට්‍රික් ගම්, කෘතීම ලේ, කෘතීම කොණ්ඩා, සියල්ලම අංග රචනයට අයත් වේ.
වෙස් මෝස්තර රචනය
නාට්‍ය පෙළෙහි එන චරිතය ප්‍රතිනිර්මාණය කර ඉදිරිපත් කරනු ලබන්නේ වෙස් මෝස්තර ශිල්පය මගිනි. වේදිකාව මත දිගහැරෙන චරිතය පිළිබදව නරඹන්නා තුළ යමිකිසි මතයක් ගොඩනැගීමට වෙස් මෝස්තර ශිල්පය උපකාරී වේ. නළුවන් ලෙස වෙස් වලා ගැනීම සිදු කරනු ලබන්නේ වෙස් මෝස්තර ශිල්පය මගිනි. රංග වස්ත්‍ර නිර්මාණය ලෙසින්ද හැදින්වෙන මෙහිදී රංග ආකාර තුනකට වෙස් මෝස්තර රචනය සිදුකරනු ලබයි. එනම්,
· ඓතිහාසික සිදුවීම් පදනම් කරගනිමින් නිර්මාණය වන නාට්‍ය
· තාත්වික නාට්‍ය හෙවත් නූතන පසුබිමක් සහිත නාට්‍ය
· සිතින් මවාගන්නා ලද පසුබිමක් තුළ නිර්මාණය වන නාට්‍ය
මෙයට අමතරව වෙස් මෝස්තර රචනයේ දී නාට්‍ය ශෛලිය පිළිබදවද සැලකිළිමත් විය යුතුය. මෙහිදී නාට්‍ය ධර්මි, ලෝක ධර්මි ,අසම්මත රංගනය, ළමා නාට්‍ය යන ශෛලියන් පිළිබඳව අවධානය යොමුකර යුතුය. වෙස් මෝස්තර නිර්මාණයෙන් නළුවාට තමන් රංගනයේ යෙදෙනු ලබන චරිතයට වඩාත් සමීප වීමට අවැසි වට පිටාව සකසා දෙයි.
සංගීතය
බොහෝ වේදිකා නාට්‍ය තුළ සංගීතය යොදාගෙන ඇති ආකාරය දැකිය හැකිය. නාට්‍ය නිෂ්පාදකයාගේ මෙන්ම නාට්‍ය පෙළ රචනා කරන ලද රචකයාට අවැසි පරිදි සංගීතය නිර්මාණය විය යුතුය. නාට්‍යයේ පවතින නාට්‍යමය රසය වර්ධනයට සංගීතය පිටුවහලක් වේ. එමෙන්ම නාට්‍යයේ මතු කිරිමට උත්සාහ දරනු ලබන හැඟීම් මතු කිරිමටද සංගීතය වැදගත් වේ. මෙයට අමතරව බාහිර අංලකාරය පෙන්වීමටද වචනයෙන් කිව නොහැකි බොහෝ දේ පිළිබද චිත්‍තරූප නිර්මාණයට සංගීතය උපකාරීවේ.
රංග භාණ්ඩ නිර්මාණය
නළුවා හෝ නිළියගේ රංග කාර්‍යයට උපකාර වන්නාවු නිර්මාණයන් රංග භාණ්ඩ වේ. මෙහිදී රංග භාණ්ඩ නිර්මාණයේදි අවධානය යොමුකර යුතු කරුණු කිපයකි. එනම්,
· කල් පැවත්ම - වේදිකා නාට්‍ය නිර්මාණයක් විවිධ අවස්ථාවලදී විවිධ ස්ථාන වල පෙන්විය යුතු අතර එහිදී දීර්ඝ කාලයකට සරිලන පරිදි රංග භාණ්ඩ නිර්මාණය විය යුතුය.
· ප්‍රේක්ෂකාගාරයට හා විදුලි ආලෝකයට සරිලන පරිදි රංග භාණ්ඩ නිර්මාණය වීම - මෙහිදී ප්‍රේක්ෂකයන්ට පැහැදිළිව පෙනෙන ආකාරයටද විදුලි ආලෝකය වැදුණු පසු දිළිසීමක් වැනි ක්‍රීයාවන් සිදු නොවන ආකාරයට රංග භාණ්ඩ නිර්මාණය කර යුතුය. නැතහොත් නාට්‍ය නිර්මාණයට එය බාදාවක් විය හැකිය
· රංග භාණ්ඩ සැහැල්ලු විම - නාට්‍ය නිර්මාණයකදී යොදා ගන්නා ලබන රංග භාණ්ඩයන් සැහැල්ලු විය යුතුය. ජවනිකාවෙන් ජවනිකාවට රංග භාණ්ඩ බොහෝ අවස්ථා වල වෙනස්වේ. මෙහිදී ඉක්මනින් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ලෙස රංග භාණ්ඩ නිර්මාණ වීම වැඳගත් වේ.
වේදිකා නාට්‍යයක් තුළ රංග භාණ්ඩ යොදා ගැනීම මගින් නාට්‍යය කාර්‍යය වඩාත් සාර්ථකව ඉදිරිපත් කිරීමට බලපාන ආකාරය පිළිබඳව විමසීමේදී නාට්‍ය කාලාවේදි රංග භාණ්ඩ යොදා ගනුලබන ආකාර කීපයක් වේ. එනම්,
· අදාල පරිසරය නිරූපණය කිරීමට
· පරිහරණ අවශ්‍යතා මත හසුරුවන රංග භාණ්ඩ
· නාට්‍යයේ ශෛලිය අනුව යොදා ගන්නා රංග භාණ්ඩ
· සංකේත ලෙස යොදා ගන්නා රංග භාණ්ඩ
රංග භාණ්ඩ නිර්මාණයේදී වැදගත් වන කරුණු කීපයක් මෙසේ දක්වාලිය හැකිය.
· නාට්‍යයේ ශෛලිය අවබෝධකර ගනිමින් රංග භාණ්ඩ නිර්මාණය කර යුතුය.
· නිර්මාණය කරනු ලබන රංග භාණ්ඩයේ නියම ස්වරූපය අධ්‍යයනය කර රංග භාණ්ඩය නිර්මාණය කිරීම.
· කල් පවතින පහසුවෙන් හැසිර විය හැකි අඩු මුදලකින් රංග භාණ්ඩ නිර්මාණය කිරීම.
· නිර්මාණය කරන ලද රංග භාණ්ඩය පහසුවෙන් ප්‍රේක්ෂකයාට හඳුනාගත හැකි ස්වරූපයෙන් නිර්මාණය කිරීම.
· නළුවා අභිබවා රංග භාණ්ඩය ඉස්මතු නොවන ආකාරයට නිර්මාණය කිරීම.
· වේදිකාවේ ආලෝකයට සරිලන ආකාරයෙන් රංග භාණ්ඩ වර්ණ ගැන්වීම.
වේදිකා නාට්‍යක රංග භාණ්ඩ නිර්මාණය පිළිබදව මෙසේ දක්වාලිය හැකිය.
වේදිකා නාට්‍ය නිර්මාණයක රංගාලෝකය
නාට්‍ය නිර්මාණයක් වඩාත් සාර්තකව ඉදිරිපත් කිරීමේදි බලපානු ලබන්නාවු ප්‍රධාන සාධකයක් ලෙස රංග අලෝකය වැදගත් වනු ලබයි. නුතනයේදි වේදිකා නාට්‍ය තුළ කෘතීම රංග ආලෝකයක් භාවිතා කරනු ලබයි. නාට්‍යය නිර්මාණයේදී එහි මුල, මැද, අග මනා සම්බන්ධතාවයක් ගොඩනැංවීම කෙරෙහි වේදිකා ආලෝකකරණය වැදගත් වේ. වේදිකාවේ අනිකුත් සියලුම ආනුෂාංගික අංගයන් මෙන්ම නාට්‍ය පිටපත, ජවනිකා සම්බන්ධය වැනි බොහෝ කරුණු පිළිබඳව අවධානයෙන් යුතුව සිදුකරයුතු ආනුෂාංගික අංගයක් ලෙස වේදිකා ආලෝකය නිර්මාණය කිරිම දක්වාලිය හැකිය.
වර්තමාන වේදිකාවක ආලෝකය යොදා ගැනීම මගින් බලාපොරත්තු වන අරමුණු රාශික් වේ. එහිදි,
· රංගය මනාලෙස ප්‍රේක්ෂකයාට දැකගත හැකිවීමට.
· වේදිකාවේ හිස් බව මකාදැමීමට.
· නළුවාගේ රංගනය වඩාත් නිර්මාණශිලීව තීව්‍රව ඉදිරිපත් කිරීමට.
· ජවනිකා වෙන්කර පෙන්වීටම.
· චිත්තවේග මානසික ස්වභාවයන් පෙන්වීම සඳහා.
· ප්‍රේක්ෂකයාගේ අවධානය මනා රදවා ගැනීමට.
· කාලය නිරූපණය කිරීමට.
වැනි ක්‍රියාවන් සදහා වේදිකාව තුළ ආලෝකය භාවිතා කරනු ලබයි ආලෝකය හා වේදිකාව තුළ නිවැරදි වර්ණ සංයෝජනයක් තිබිය යුතුය ආලෝකය හා වර්ණ පිළිබදව අවධානය යොමු කිරීමේදි මුලික වර්ණයන් ප්‍රධාන වේ එම වර්ණයන් වනුයේ.
· රතු
· කොළ
· නිල්
යන වර්ණයන් ප්‍රධාන වේ මෙම වර්ණයන් එකතු වීමෙන් ද්විතීයික වර්ණයන් නිර්මාණය වේ. මෙලෙස වර්ණ අඩු වැඩි වශයෙන් එක් කිරීමෙන් විවිධ වර්ණයන් සකසාගත හැකිය. එමෙන්ම වර්ණ සමග බැදුණු භාවමය ගුණයන්ද වේ. එහිදී,
· රතු - මිනිමැරුම, කෝපය, විනාශය, සිත කැළබෙන සුළු බව දක්වාලිය හැකිය.
· නිල් - රාත්‍රිය, මූසලබව , හුදෙකලාව
· කොළ - ගහකොළ, පරිසරය, ඊර්ෂියාව
· රෝස - ආදරය
· සුදු - පවිත්‍රබව, අහිංසක භාවය, සාමය, යටත් බව.
වැනි භාවයන් නිරූපණය කර හැකිය
නුතනයේදි වවිධ වු ආලෝක ලාම්පු භාවිතා කරනු ලබයි. මෙහිදී භාවිතා කරනු ලබන ලාම්පු විවිධ අයුරින් හැදින්විය හැකිය. මුලික වශයෙන් ‘SPOT LIGHTS’ යොදා ගන්නා අතර මෙමගින් වේදිකාවට සුදු ආලෝකය ලබාදීම බලාපොරත්තු වේ.
නුතන තාක්ෂණය මගින් විවිධ වර්ගයේ ලාම්පු නිෂ්පාදනය කර ඇති අතර එමගින් විවිධ ක්‍රියාකාරකම් වේදිකා නාට්‍ය තුළ සිදුකරනු ලබයි. එම ලාම්පු වර්ග පිළිබදව කරුණු මෙසේ දැක්විය හැකිය. තවද විවද ආලෝක උපකරණයන්ද නුතන ලෝකයේ වේදිකා නාට්‍ය සදහා යොදා ගනු ලබයි. එහිදී,
· COLOUR FILTER SHEETS - වර්ණ 80 පමණ මෙම ලාම්පුව තුළ පවති දිගුකල් පැවත්මකින් යුතු අතර වර්ණ විහිදී යයි.
· COLOUR WHEEL - දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කරවිය හැකි බල්බයකි. මෙහි රතු, කොළ, නිල්, තැබිලි, ඇමිබර්, යන වර්ණයන්ගෙන් සමන්විත වේ.
· SEMATHONE PHONE - මෙම බල්බය යොදාගැනීමේදි පාට SLIDE භාවිතා කරනු ලබයි. කෙටි කාලයක් ඇතුළත වර්ණ කීපයක් ලබාගත හැකි බල්බයකි.
· HAZE MACHINNE - වතුර සමග මිශ්‍රකර මෙම බල්බය මගින් තුනී දුමාරයක් පිටකර හැකිය.
· COLOUR SCROLLER - ඉතා වේගයෙන් වර්ණ වෙනස් කිරීම මෙම උපකරණය මගින් සිදු කරනු ලබයි.
· EFFECT PROJECTORS - හිම වැටීම, ගිනිදැල්, වැස්ස, වලාකුළු, වතුර යනාදිය නිර්මාණය කිරීමට මෙම උපකරණය යොදා ගනු ලබයි.
· RIPPLE EFFECTS - විවිධ සෙලවීම් පෙන්වීම සදහා මෙම බල්බය යොදාගනු ලබයි.
· C Y M INTERLIJEN LIGHT - මෙහි තාපය විහිම අඩුය. ඹිනෑම වර්ණයක් නිර්මානය කරගත හැකිය.
· STODE LIGHT - අකුණු ගැසීම නිරූපණය කිරීම සදහා මෙම බල්බය යොදාගත හැකිය
· SMOKE MACHINE - ඝන දුම් වලාවක් පිට කිරීමට මෙම උපකරණය යොදා ගනු ලබයි.
වේදිකා නාට්‍ය තුළ විවිධ අවස්ථාවලදී මෙම උපකරණ භාවිතා කරනු ලබයි.
වේදිකා නාට්‍ය නිර්මාණය තුළ දි පිටපත අධ්‍යක්ෂණය නළුවාගේ හෝ නිළියගේ සමාරෝපනය මත පමණක් දෝලනය වන්නාවු ක්‍රියාදාමයක් නොවන අතර එහි දී වේදිකාව පිටුපස කෙරෙන්නාවූ විශාල කාර්‍යය භාරයක් පවති එම කාර්‍යය මගින් වේදිකාව තුළ සිදුවන්නාවු ක්‍රියා පටිපාටිය වඩාත් සාර්ථක වේ. මෙම ක්‍රියාදාමය ආනුෂාංගික කලාව ලෙස දක්වාලිය හැකිවේ.