වෙරළෙහි පරිණාමය

විකිපීඩියා වෙතින්

වෙරළ ඛාදනය හා වෙරළෙ ද්‍රව්‍ය තැන්පත්වීමට බලපාන හේතු[සංස්කරණය]

සුනාමි හා සුළි සුළං[සංස්කරණය]

සුනාමි යනු භූමිකම්පා නිසා විශාල උදම් රළ ගොඩබිමට පැමිණිමයි. මෙයට ඛාදන හැකියාව ඇත. මෙය කාලයක් තිස්සේ තැන්පත් වු ද්‍රව්‍ය ඛාදනයට ලක්කර සාගරික වෘක්ෂලතා විනාශය ද සිදු කරයි. තවද ගංවතුර ඇති වීමටද, නිවාස ගොඩනැගිලි විනාශයද හේතුවේ.

කුණාටු යනු අඩු පීඩනයදී මුහුදු සුළං වැඩිවීමයි. මෙයට සමකාන්ත කුණාටු උදාහරණය වේ. කුණාටු නිසා වෙරළ ඛාදනයද එමෙන්ම මුහුදු බඩ ප්‍රදේශ වල ද්‍රව්‍ය තැන්පත් විම් වැඩිවීමද සිදු විය හැකිය.

ඩෙල්ටා - ඩෙල්ටා පෝෂණය වන්නේ දියැටි පස (alluvium) සහ වැලි හා ගංගා මෝයේ තැන්පත් වීම නිසයි. මෙය වෙරළ ඛාදනය අඩු කරයි. බොහෝ ඩෙල්ටා මීට වසර ගණනකට පෙර තැනී ඇත. ගංවතුර තත්ත්වයන් නිසා ඩෙල්ටා කැඩී යාම සිදු වේ.


මධ්‍යධරණි මුහුදේ ඇති ඩෙල්ටා කලක් තිස්සේ වර්ධනය වෙමින් පවති. ඊට හේතුවනම් මුහුදු මට්ටම ඒකකාරි වීම හා ගංගාවන් හරියාකාර ලෙස ගලායාමයි. නමුත් මානව ක්‍රියාවන් නිසා මේ ප්‍රදේශ වෙනස් වේ. උදා- බාසිලෝනා වෙරළ තීරය මධ්‍යකාලීන යුගයේ සිට මෙහි තැන්පතු වැඩි වු නිසා වරාය ඉදි කිරීම පහසු විය.


වත්මන වෙරළ තීරය ඛාදනය


මෑත කාලයක පටන් වෙරළ ඛාදනය වැඩි වෙමින් පවතී. මේ නිසා වෙරළ ඝනකමද අඩු වේ. උදා. කැලිෆෝනියා වෙරළ, පෝල්ලන්ත වෙරළ, පෘතුගාල වෙරළ.

සාපේක්ෂ මුහුදු මට්ටම වෙනස් වීම[සංස්කරණය]

විද්‍යාත්මක හා දේශගුණික සාධක හේතුවෙන් පෘථිවි පෘෂ්ඨය හා මුහුදු මට්ටම අතර උස හදිසියේම හෝ ක්‍රමක්‍රමයෙන් වෙනස් විය හැක. මෙම සංසිද්ධිය නිසා වෙරළ තීරය නිරතුරුවම වෙනස් වෙමින් පවතී.


විශේෂ අවස්ථා - ගිනිකඳු හා භූමි කම්පා[සංස්කරණය]

ගිනිකඳු ක්‍රියාකාරිත්වයෙන් නව දුපත් ඇතිවිය හැක. උදාහරණයක් ලෙස අයිස්ලන්තයට අයත් සර්ට්ඩී දුපත(Surtsey) දැක්විය හැකිය. එය ඇතිවුයේ 1963 නොවැම්බර් හා 1967 ජුනි යන කාලය ඇතුළතය. මීටර් 800 පමණ වට ප්‍රමාණයකින් යුත් මෙම දුපත මුහුදු රළ, වර්ෂාව හා සුළගෙන් ඛාදනය වෙමින් පැවතුනද, එය තව ශත වර්ෂයක් පමණ පවතී යයි අපේක්ෂා කෙරේ. සමහර භූකම්පන බිම් මට්ටම් වල හදිසි වෙනස්කම් ඇති කරයි. මේ හේතුවෙන් ද මුහුදු තීරයේ වෙනස්කම් ඇතිවේ. ‍ව්‍යුහය පාලනය කරන ලද වෙරළ තීර අතරට කැලි‍ෆෝනියාවේ සෙන් ඇන්ඩ්‍රියාස් විභේදන කලාපය සහ භූකම්පන සහිත මධ්‍යධරණී තීරුව (ජිබරෝල්ටාව සිට ග්‍රීසියට) අයත් වේ.


කිදාබැස්ම හා උක්ෂිප්තය[සංස්කරණය]

කිදාබැස්ම යනු අභ්‍යන්තර භුගතික ස්වභාවය නිසා පෘථිවි පෘෂ්ඨය මුහුදු මට්ටමට සාපේක්ෂව පහතට ගමන් කිරීමයි. උක්ෂිප්තය දී පෘථිවි පෘෂ්ඨය ඉහළට එසවීමක් සිදුවේ. කිදාබැස්මකට ප්‍රකට නිදසුනක් වන්නේ වැනීසියයි. එහි කලින් කලට ඇතිවන උදම් හා දියවැල් හේතුවෙන් ජල ගැලීම් ඇතිවේ. මේ සිද්ධියට හේතුවන්නේ පෝ ගංගාවේ රොන්මඩ ඩෙල්ටා ප්‍රදේශයේ සිරවීම නිසා ජලය හා වායු මඟින් එහි බලය විශාලනය වීමය. මෙම ක්‍රමානුකූල ගිලාබැස්ම නැවැත්වීමට මිනිසා දරන උත්සාහයන් ව්‍යර්ථ වී ඇත. ස්වීඩනයේ තුන්වැනි විශාලම විල වන Malaren විල නිර්ග්ලැසියරකරන උක්ෂිප්තයක් සඳහා උදාහරණයකි. අතීතයේ එය මුහුදු යාත්‍රා වලට පවා ස්වීඩන රට අභ්‍යන්තරයට ගමන් කළ හැකි බොක්කක්ව පැවතුන නමුත් එය අවසානයේදි විලක් බවට පත්විය. එහි ඉහළට එසවීම සඳහා හේතුවුයේ ග්ලැසියර දියවිමයි. හිම යුගයේ ග්ලැසියරවල ස්කන්ධය නිසා තෙරපීමට ලක්ව තිබු පොළොව එම ග්ලැසියර නැතිවි යාමත් සමඟ නැවත ඉහළට එසවිනි. අවු. 2000 දක්වා කාලයක් තුළ හිම දිය වීමත් සමඟ සිදුවන පොළොවේ එසවීම වර්ෂයකට සෙන්ටිමීටර් 7.5 පමණ වේ. මෙම හිම දියවී යාමේ ක්‍රියාවලිය සම්පුර්ණ වීමත් සමඟ එසවෙන වේගයද වර්ෂයකට සෙන්ටිමීටර් 2.5 දක්වා අඩුවු අතර ක්‍රමක්‍රමයෙන් එම වේගය ඝාතීය ලෙස පහත බසී. වර්තමානයේදී එහි ‍වේගය වර්ෂයකට සෙන්ටිමීටර් 1 හෝ ඊට අඩු සංඛ්‍යාවක් වේ. පර්යේෂණ මඟින් අනාවරණය කර ඇත්තේ මෙම පොළොව ඉහළට එසවීමේ ක්‍රියාවලිය තව අවු. 10,000 පමණ පවතින බවත් අවසානයේ එහි සමස්ථ එසවීම මීටර් 400 පමණ විය හැකි බවත්ය.

සටහන්[සංස්කරණය]

Beach evolution Relative sea level changes
"https://si.wikipedia.org/w/index.php?title=වෙරළෙහි_පරිණාමය&oldid=472274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි