වෙනුසීවේලා

විකිපීඩියා වෙතින්

කාල මණ්ඩලය UTC – 4.30 මං තීරැව - දකුණ අන්තර්ජාල TLD - Ve දුරකථන සංකේත - +58

වෙනුසීවේලා ( ඉංග්‍රීසි:Venezuela ) නිල වශයෙන් වෙනුසිවේලා බොල්වියන් සමුහාණ්ඩුව වශයෙන් හදුන්වන අතර දකුණු ඇමරිකාවේ උතුරු වෙරලේ පිහිටි නිවර්තන කලාපීය රටකි. එය මහාද්වීපික ප්‍රධාන භුමියක් වන අතර කැරබියානු මුහුදේ හි වෙරල තීරයේ එහි විවිධ දුපත් පිහිටා ඇත. 1821 නිදහස ලද මෙය පෙර පැවති ස්පාඤ්ඤ කොලනියකි. එය මායිම් වන්නේ නැගෙනහිර ගුයානා, දකුණු බ්‍රසීලය, බටහිර කොලොම්බියාව, වෙනුසිවේලා වෙරල තිරයෙන් එපිට උතුරට වන්නට ට්‍රිනිඩෑඩ්, ටොබ‍ෑගෝ, ග්‍රෙනාඩ්, ශාන්ත ලුසියා, බාබඩෝස්, තුරකාවෝ, වෝනියේර්, අරෑබා, ශාන්ත වින්සන්ට් හා ග්‍රැනඩයින් හා ලීබාඩ් ටය. වර්ග කි. මි. 916 445 හා ජගහනය 26 414 816 හා අගනුවර වන්නේ තරකස්ය. වෙනිසුවේලා ජාතික ධජයේ වර්ණ වන්නේ කහ, නිල් හා රතුය. කහ පාට භුමිය, නිල් පාට මුහුද හා අහස රතු වර්ණ නිදහස වෙනුවෙන් ජිවිත පුජා කල වීරයන් පිළිඹිඹු කරයි. වෙනිසුවේලාවට දේශසීමා පිළිබද ගුෂානා සමග ආරවුල් ඇත. 1895 ඉසෙතුයි‍ෙබා් ගග පිළිද පැවැති මතභේද පුළුල් වු අතර එය මධ්‍යස්ථ තට්ටුවකට (සාමාජිකයන් ලෙස එක්සත් රාජධානිය, ඇමරිකාව සහ රැසියාව) යොමු වු අතර 1899 දී වෙනිසුවේලා ඉල්ලීමට විරැද්ධව තීරණයකට එළඹීය. වෙනිසුවේලාව වඩා ප්‍රචලිත වන්නේ එහි ඇති පෙට්රෝලියම් කර්මාන්තය ප්‍රදේශය තුල ඇති පාරිසරික විවිධත්වය සහ එහි ඇති ස්වභාවික ලක්ෂණයන්ටය. වෙනිසුවේලා ලොව ජෛව විවිධත්වය අතින් 17 වන ස්ථානයේ සිටින අතර ලතින් ඇමරිකාව තුල ඇති බොහෝ නාගරිකරණය වු රටවල් වලින් වෙනිසුවේලාව විශාල වශයෙන් ජනතාව උතුරැ ප්‍රදේශයේ නගරවල ජිවත් වන අතර විශේෂයෙන් අගනුවර හා විශාලතම නගරය වන කරනාස් වලය. අනෙකුත් නගර වන්නේ මරනයිබෝ, ව‍ැලෙන්ඩයා, මරතේ, බාතුයියිමෙටෝ, මෙරීඩා, බාසිලෝනා, පෙට්ටෝ කෲස්, සහ සියුඩෑඩ් ගුහානාය.

  • වෙනිසුවේලා
  • පින්තූරය - කොඩිය
  • ආදර්ශ පාඨය - දෙවියන් සහ
  • ජාතික ගීය
  • අගනුවර - කැරකස් 100 30' N 660 58 W
  • රාජ්‍ය භාෂාව - ස්පාඤ්ඤ
  • ජාතික භාෂාව - ස්පාඤ්ඤ
  • ජන වර්ග - 67% මෙස්ටිසෝ, 21% වයිට්, 1% ඇමරින්දියන් වෙනත් 9% (ඇෆ්රිකානු, අරාබි, ආසියානු)
  • රජය - ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
  • ජනාධිපති - ප්‍රාගෝ චැගස් ෆ්‍රියස්
  • නියෝජ්‍ය ජනාධිපති - ඒ ලියස් ජයුආ
  • නිදහස ස්පාඤ්ඤයේ සිට - 05 ජුලි 1811
  • පිලිගැනිම - 30 මාර්තු 1845
  • වර්ග ප්‍රමාණය - එකතුව - 916 445 Km2

353 841 sq mi

  • ජලය (%) – 0.32
  • ජනගහනය - ජුලි 2009 තක්සේරැව - 26 814 843
  • 2001 ඝනත්වය - 30.2 / Km2

77 / sq mi

  • GDP (PPP) – 2008 තක්සේරැව
  • එකතුව - $ 359.210 බිලියන
  • සාමාන්‍ය - $ 12 806
  • GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව
  • එකතුව - $ 319.443 බිලියන
  • සාමාන්‍ය - $ 11 388
  • ගිනි (2007) 42.2 (ඉහළ)
  • HDI (2007) – 0.844 (ඉහළ)
  • මුදල් - බොලිවර් ෆියු‍ට්
"https://si.wikipedia.org/w/index.php?title=වෙනුසීවේලා&oldid=170337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි