වෙනත් නාට්‍ය ශාලා

විකිපීඩියා වෙතින්

Grand Guignol

ඕනෑම ආකාරයක වේදිකාවක් මත සාහසිකාත්මක විලාසයෙන් ප්‍රදර්ශනය කෙරෙන නාට්‍යය විශේෂයකි. Grand Guignol නාමය සැබවින්ම නිරූපනය කරන්නේ ප්‍රංශයේ පැරිස් නුවර Grand Guignol ශාලාවේ රෞද හා බිහිසුන උද්වේග නාට්‍යයන්ය.


ක්ෂණ නිර්මාණ රංග කලාව (Improvisational theatre)

මෙය රංගනය ඉදිරිපත් කරන අතරතුරදීම රංගන ශිල්පීන් ක්‍රියාවන්(රංගනයන්) නිර්මාණය කර ගන්නා නාට්‍ය විශේෂයකි.


උද්වේග නාට්‍යය (Melodrama)

හැඟීම්බර නාට්‍යය හෝ බොහෝ විට නපුර ඉදිරියේ යහපතවිදහා දක්වන එහෙත් සතුටුදායක අවසානයක් ඇති අවාසනාවන්ත කථාන්තර ගෙන හැර දක්වයි. රෞද්‍ර නපුරන්, දුක්විඳිනා සුරූපිනියන් හා ‍ගෞරවනීය වීරයන් ආදී ප්‍රකට චරිත මෙම නාට්‍ය විශේෂය සඳහා භාවිතා කරයි.


පශ්ච රංග කලාව (Meta theatre)

එළිසබෙත් සමයේ පටන් ගත් නූතන ප්‍රේක්ෂකයන් වෙත නිර්මාණික නාට්‍ය විශේෂයකි. ඔවුන් විසින් හඳුන්වාගත් හතරවන බිත්තිය (Fourth wall) සම්පූර්ණයෙන් බිඳහෙලා ප්‍රෙක්ෂකයන් ඇඳබැඳ ගනී. මෙය පිටපතේ ඇති වැරදිම් නිසා ඇතිවන රංගනය තුලින් අඳුරු කරවයි.


සදාචාරය නාට්‍යය (Morality play)

මෙය නාට්‍යයේ චරිත උපයෝගී කරගනිමින් සදාචාරය සමමිතික කරන්නා වූ රූපක කථාවකි.


සංගීත රංග කලාව (Musical theatre)

ගායනය, දෙබස් හා (බොහෝ විට) නර්තනය තුළින් කථා වස්තුව ඉදිරිපත් කරයි.


Natya

පූජනීය පුරාණ රංග ශාලා විශේෂයකි. මෙහිදී නාඩගම් හා nrrita නම් පවිත්‍ර රංගනය ඉදිරිපත් කරයි.


ඔපෙරාව (Opera)

කථාවෙන් ඉදිරිපත් කෙරෙන්නා වූ හැඟීම් ගායනයෙන් හුවා දක්වන්න නාට්‍යය විශේෂයකි.

අභිරූපණය (Pantomime)

අති උද්වේගය, ගායනය, රංගනය හා නාට්‍ය අංගනයන්ගෙන් සමන්විත රූකඩ හා වි‍නෝදාස්වාදාත්මක, හාස්‍යමය අත්දැකීමක් ලබා දෙන නාට්‍ය විශේෂයකි ‍බොහෝ විට කුඩා ළමුන් සඳහා නිර්මාණය කරයි.


සටහන්[සංස්කරණය]

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=වෙනත්_නාට්‍ය_ශාලා&oldid=472574" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි