වුෂු ක්‍රිඩාව

විකිපීඩියා වෙතින්
සාම්ප්‍රදායික වූෂූ තරඟාවලියක් (දසවන සමස්ත චීන ක්‍රීඩාවලියේ අවස්ථාවක්).

වර්තමාන වුෂු ක්‍රිඩාව පැරණි සාම්‍ප්‍රධායික එන සටන් කලාවෙන් පැවත එන්නක් ලෙස හැදින්විය හැකිය. 1949 ට පසුව චීන සමුහාණ්ඩුව ක්‍රිඩාව ආරම්‍භ කෙරුණු අතර එය චීන සම්‍ප්‍රධායි සටන් කලාව ජාතික මට්‍ටම ගෙන ඒ‍මේ උත්සාහයක් විය.

වර්තමානයේ දී බොහෝ තරඟ පත්වනු ලබන්නේ රජය විසින් පත් කරනු ලැබූ කොමිටියකින් වන අතර එම තරඟ මුල් සටන් කලා සම්ප්‍රදායට අනුව සැලසුම් කෙරේ. එසේම අවුරුදු 2කට වරක් පවත්නා වුෂු ලෝක ශූරතාවය දක්වන අන්තර්ජාතික ක්‍රීඩාවක් ලෙස දැනට මෙම ක්‍රීඩාව වර්ධනය වී ඇත. ප්‍රථම ලෝක ශූරතාවය 1991 දින බීජින් හි දී පැවැත්වුණු අතර ක්ලාර්ක් ෂෑන් එහි ශූරයා විය.

නූතන වූෂූ ක්‍රීඩා ප්‍රධාන අංග 2කින් පවත්වනු ලබයි. ඒවා නම් “ටඕලු” සහ “සැන්ඩා” ආරයි.

ටඕලු ආර බොහෝ දුරට චීන සටන් කලාව ඇතුළත් ජිම්නාස්ටික් ක්‍රීඩාවට සමාන වන අතර නියමිත් නීති රීති මාලාවක් යටතේ විනිශ්චයේ දී ලකුණු ප්‍රදානය කරයි. මෙම ආරේදී මූලික චීන සම්ප්‍රදායික සටන් ශිල්ප ඇතුළත් වන අතර කෙනෙකුගේ දක්ෂතාවය ඔප් නැංවීමේ දී වෙනස් කළ හැකිය. කාල පරාසයන් තුළ බාහිර හා අභ්‍යන්තර ආරයන්ට අනුව ක්‍රීඩාව තරඟකාරීව කෙරෙන අතර නූතන තරඟකරුවන් විවිධ ශිල්ප ක්‍රමවල අනුව පුහුණු වීම් සිදු කරනු ලබයි.

“සැන්ඩා” නූතන සටන් ක්‍රමයක් වන අතර එය චීන සම්ප්‍රදායික බොක්සින්, මල්ලව පොර හා විවිධ චින සටන් ක්‍රම (Qin Na) වල අභාසය ලබා ඇත. එය චීන විවිධ පහර දීම ශිල්ප ක්‍රම ඇතුළත්ව ඇත. එම තරඟ “ටඕලු” ක්‍රීඩා තරඟ හා සමාන්තරව පැවැත්වේ.

Part of the series on
චීන සටන් කලා
චීන සටන් කලා ලැයිස්තුව
කොන්දේසි
අයිතිහාසික ස්ථාන
"https://si.wikipedia.org/w/index.php?title=වුෂු_ක්‍රිඩාව&oldid=410687" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි