වී වගාවේ පලිබෝධක කෘමීන්
ඉතිහාසය
[සංස්කරණය]පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලැබූ ශ්‍රී ලංකාවේ වී වගාව සඳහා පවතින්නේ දිගු ඉතිහාසයකි. ක්‍රි. ව. 1153 සිට 1186 දක්වා මහා පරාක්‍රමබාහු රඡතුමාගේ රාඡ්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත වූවා පමණක් නොව සහල් අපනයනයද කළ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. එමෙන්ම අතීත රඡදරුවෝ වී වගාව සඳහා රාඡ්‍ය අනුග්‍රහය ලබාදීම ඔවුන්ගේ වගකීම ලෙස සැලකූහ. තවද පාරම්පරික යැපුම් කෘෂි සමාඡයේ ගොවියා සදහා පැවතුණේ සමාඡයේ ඉහළ තත්ත්වයකි. රොබට් නොක්ස් මහතා ගොවිකම රජකමට සමාන කිරීමට උත්සාහ ගත්තේ එහෙයිනි. අතීත යැපුම් ආර්ථික රටාවේ කි්‍රයාත්මක වූයේ පාරිභෝගික නිෂ්පාදනයකි. නිෂ්පාදන වෙළදාමක් නොවුණි.
මේ ආකාරයට අතීතයේ සහලින් ස්වයංපෝෂිත කළ දේශීය වී වගාව වර්තමානයේදී දේශීය සහල් අවශ්‍යතාව සපුරාලීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. 2003 වර්ෂය වන විට දේශීය වී වගාව සහල් අවශ්‍යතාවයෙන් සපුරාලීමට හැකි වූයේ 88% ක් පමණි. වර්තමාන වන විට වී වගාවේ නිෂ්පාදන වියදම ඉහළ යාම, සාමාන්‍ය ඵලදායිතාව ස්ථිතික මට්ටමකට පැවතීම හා ගොවියාගේ අදායම පහළ මට්ටමක පැවතීම වැනි ගැටළු රාශියක් මතුවී ඇත. මෙනිසා වී වගාවේ ආර්ථිකමය වැදගත්කම අඩු වී ඇති අතර ලාභදායි නොවන ව්‍යාපාරයක් බවට පත් වී ඇත.
ශ්‍රී ලංකාව අතීතයේ මෙන්ම නූතන ශ්‍රී ලංකාවද මූලික වශයෙන් හැඳින්වෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසය. මෙනිසා වී වගාවට හිමි වන්නේ ප්‍රමුඛතාවකි. වී වගාවට බලපාන ප්‍රධාන ස්වභාවික උවදුරු කිහිපයක් හඳුනා ගත හැක. ඒ අතර ,
- කෘමී උවදුරු
- වල්පැළෑටි උවදුරු
- රෝග කාරක ආදිය වැදගත් වේ.
මේ අතුරින් කෘමීන් මඟින් වී වගාවට ඇති කරන හානිය වඩාත් බරපතල උවදුරක් සේ සැළකිය හැක.
ශ්‍රී ලංකාවේ වී වගාව
[සංස්කරණය]වී වගාව ලංකාවේ වගා කළ හැකි බිම් ප්‍රමාණයෙන් 14% ක් හෙවත් හෙක්ටයාර 878 ,000 ක් වගා කටයුතු සඳහා යොදා ගැනේ. එමෙන්ම ගොවීන්ගෙන් 700,000 ක් පමණ වී වගාවේ ඍජුවම නියැළී සිටී. ලංකාවේ ධාන්‍ය පරිභෝජනය අතර සහල් සඳහා විශේෂ ස්ථානයක් හිමි වේ. ඒ අතර ලංකාවේ වාර්ෂික සාමාන්‍ය ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ ග්රෑම් 102 කි. 2002 වර්ෂයේ මෙරට සහල් නිෂ්පාදනය මෙට්ට්‍රික් ටොන් 2859473 ක් විය. මෙය දේශීය සහල් අවශ්‍යතාවෙන් 84% ක් සැපයීමට සමත් විය.
වී වගා කරන මුළු බිම් ප්‍රමාණයෙන් 80% ක්ම වාරිමාර්ග යටතේ පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට, මන්නාරම යන දිස්ත්‍රික්කවල සහ මහවැලි ප්‍රදේශවල වගා කෙරේ. මුළු වර්ෂාපෝෂිත බිම් වලින් 70% ක් පමණ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, කෑගල්ල සහ යාපනය වැනි දිස්ත්‍රික්කවල වගා කෙරේ. සුළු වාරිමාර්ග ආශ්‍රිතව වගා කරන මුළු බිම් වලින් 70% ක් පමණ නුවරඑළිය, රත්නපුර, වව්නියාව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල වගා කරනු ලැබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ වී වගා කරන බිම් වලින් 78% කට ආසන්න ප්‍රමාණයක් අයත් වන්නේ වියළි කලාපයටයි.
තේ, පොල්, රබර් යන කෘෂි නිෂ්පාදන බෝග හැරුණු විට ඊළඟට වැදගත්ම බෝගය වී වගාවයි. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යා වර්ධන වේගය 1.2% ක්ව පැවතුණහොත් සහ වාර්ෂික සාමාන්‍ය ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ ග්රෑම් 102 ක් ලෙස පැවතුණහොත් 2010 වන විට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.54 දක්වා වැඩි කළ යුතුය. නමුත් වර්තමානයේ සාමාන්‍ය වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.8 කි. මේ තත්ත්වය තුළ බිම් ඒකකයකින් ලැඛෙන අස්වැන්න වැඩි කිරීමට නම් නිෂ්පාදන ධාරිතාවට බලපාන අනෙකුත් අහිතකර තත්ත්වයන් මර්දනය කළ යුතුය. ඒ අනුව වී වගාව කෙරෙහි කෘමීන්ගේ බලපෑම වැදගත් වේ.
කෘමීන් හැඳින්වීම
[සංස්කරණය]කෘමීන් යනු
[සංස්කරණය]- ආත්‍රපෝඩා වංශයේ ඉන්සෙක්ටා වර්ගයට අයත් ජීවීන් වේ
- සත්ව ලෝකයේ ඉන්සෙක්ටා වර්ගයට අයත් වන සත්වයන්
කෘමීන් සත්ත්ව රාජධානියේ ඉතාමත් සාර්ථක ජීවි කොටසක් ලෙස සැලකේ. මොවුන් සත්ත්ව පරිණාමයේ මුල් අවධියකදී සම්භවය වූ ජීවින් කොටසක් වුවද ලෝකයේ අද ජීවත්වන සත්ත්ව සංඛ්‍යාවෙන් 80% කට වැඩි කොටසක් කෘමීහු වෙති. දැනට කෘමී විශේෂ මිලියනයක් පමණ හඳුනාගෙන ඇති අතර අවුරුදු පතා නව විශේෂ 6000 ක් පමණ හඳුනාගැනේ. කෘමීන් අතීතයේ සිට අද දක්වාම ඕනෑම වෙනස්වන පරිසර ත්ත්වයකට සාර්ථක ලෙස අනුවර්තනය වීමේ හැකියාවක් ඇති භෞමික සත්ත්ව කොටසකි. ආර්ථික පදනම මත පිහිටා සියලූම කෘමීන් ප්‍රධාන කාණ්ඩ 03 කට වෙන් කළ හැක. එනම් ,
- හානිකර නොවන කෘමීන්
- හානිකර කෘමීන්
- හිතකර කෘමීන්
මිනිසාටත් ඔහුගේ වගාවලට සහ සත්ව සම්පතටත් හානි පමුණුවන කෘමීන් හානිකර කෘමීන් ලෙස හැඳින්වේ. එහෙත් ඇතැම් කෘමීහු මිනිසාට බොහෝ ප්‍රයෝජනවත් වෙති. මේ හැර ඇතැම් කෘමීන් මිනිසාට හානිකර නොවන නමුත් විශේෂ ප්‍රයෝජනයක් අත්කර දෙන්නේද නැත. මොවුන් හානිකර නොවන කෘමීහු වෙති.
වී වගාවේදී කෘමීන්ගේ බලපෑම සිදුවන වර්ධන අවධීන්
[සංස්කරණය]- වර්ධක අවධිය
- ප්‍රජනක අවධිය
- මේරීමේ අවධිය
- අස්වනු නෙලීමේ අවධිය
වී වගාවේදී හානිකර කෘමීන්
[සංස්කරණය]වී වගාවේ දී අස්වැන්න අඩු වීම සහ අස්වැන්නේ ඵලදායිතාව අඩු වීම කෙරෙහි බලපෑම් ඇති කරන කෘමීන් ගණනාවක් සිටි. මේ අතර එක් එක් කෘමි වර්ගය වී වගාවේ දී හානි සිදු කරන ආකාරය එකිනෙකට වෙනස් වේ.
පැළ මැක්කා (Thrips)
[සංස්කරණය]
ව්‍යවහාරික නම : පැළ මැක්කා
විද්‍යාත්මක නම : Stenchaetotthrips biformis
ගෝත්‍රය : Thysnopetera
කුලය : Thripidae
හානිය -
පැළ මැක්කන්ගේ සුහුඹුලන් සහ කීටයන් පත්‍ර මධ්‍යයේ ෙසෙවල යුෂ උරා බීම නිසා ඒවා දිග උඩු අතට හැකිලී දුඹුරු පැහැයකට හැරී වියළී යයි. පැළ මැක්කන්ගේ හානිය බහුල වශයෙන් ඇති වන්නේ වැපිරීමේ සිට සති 3 අතර කාලයේය. හානියේ ප්‍රමාණය අනුව පඳුරු දැමීම අඩු වී පරිනත වීම පමා විය හැක. ජලය හිඟ කුඹුරුවල වියළි දේශගුණ තත්ත්ව වලදී හානිය වඩාත් බරපතල විය හැකි අතර, පැළ වියළී, වගාව විනාශ වී යාමට පුළුවන. කෙටි කාලීන වී ප්‍රභේද වලට පැළ මැක්කන්ගෙන් වන හානිය ඒවායේ අස්වනු කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. දැනට වගා කෙරෙන වැඩි අස්වනු වී ප්‍රභේද සියල්ලම පාහේ පැළ මැක්කාගේ හානියට ගොදුරු වේ. පැරණි කෙටි කාලීන වී ප්‍රභේද බොහෝමයක් පැළ මැක්කාට ප්‍රතිරෝධීය. කරල්වලට හානි කරන පැළ මැක්කන් විශේෂ ද ඇත. හානියට භාජනය වූ ශුකිකා සුදු පැහැයක් ගෙන වියළී බොල් වේ.
ගොක් මැස්සා (Gall midge)
[සංස්කරණය]ව්‍යවහාරික නම : ගොක් මැස්සා
විද්‍යාත්මක නම : Orcealia Oryzae
ගෝත්‍රය : Diptera
කුලය : Cecidomyiidae
හානිය -
ගොක් මැස්සාගේ හානියේ ප්‍රධාන ලක්‍ෂණය වනුයේ ගොයම් පත්‍රය ළුෑණු කොළයක ස්වරූපයෙන් ලා කොළ හෝ සුදු පැහැති බටයක් ලෙස උඩට ඇදී ඒමයි. රිදී ගොබ හෝ සුදු ගොබ වශයෙන් හඳුන්වන මේවා සාමාන්‍ය පත්‍රයක් තරම් දිගට පැහැදිලිව දැකිය හැකි වුවත්, සමහර අවස්ථාවල හඳුනා ගැනීමට නොහැකි තරම් කුඩා වේ. සුදු ගොබ හටගත් රිකිලි තව දුරටත් නොවැඩේ. එමෙන්ම කරල් නොසෑදේ. එම නිසා අලූතින් පඳුරු දැමීම සිදු වේ. හානිය උග්‍ර වුවහොත් ගොයම තණ බිස්සක් මෙන් දිස් වේ. කරල් පිළිසිද ගන්නා අවස්ථාවේ දී ගොක් මැස්සාගේ හානිය ඇති වුවහොත් නොයෙක් ආකාරයට විකෘති වූ කරල් හෝ කරලක ස්වරූපයක් ගන්නා විකෘති පත්‍ර සමූහයක් හෝ සෑදේ. ඒවායේද සුදු ගොබ වැනි ආකෘති පිහිටිය හැක.
දුඹුරු පැළ කීඩැවා (Brown Planthopper)
[සංස්කරණය]
ව්‍යවහාරික නම : දුඹුරු පැළ කීඩැවා
විද්‍යාත්මක නම : Nilaparvata Lugens
ගෝත්‍රය : Hemiptera
කුලය : Delphacidae
හානිය -
ආසියාතික රටවල වී වගාවට හානි පමුණුවන කෘමීන් අතරින් ප්‍රධාන ස්ථානයෙහිලා සැලකෙනුයේ දුඹුරු පැළ කීඩැවන්ය. ගොයම් පැළ මත ඉතා විශාල සංඛ්‍යාවලින් බෝවී කීඩෑ පිළිස්සීම් ඇති වීම ප්‍රචලිතව දක්නට ලැඛෙන හානියේ ස්වභාවයයි. කීඩෑවන් ආක්‍රමණය වූ පැළ පළමුව කහ පැහැයක් ගන්නා අතර ගහන මට්ටම් වැඩි වීමත් සමඟ වියළී මැරී යයි. දුඹුරු පැළ කීඩැවන් කඳ මත වසා යුෂ උරා බීම නිසා මෙම කීඩෑ පිළිස්සීම ඇති වේ. මීට අමතරව තෘණාකාර කුරුවීම (Grassy Stunt), කඩමළුවන් කුරුවීම (Ragged Stunt ) සහ මළානික කුරුවීම (Wilted Stunt) යන වෛරස් රෝග බෝකරන වාහකයා ලෙසද ක්‍රියා කරයි.
කොළ හකුළන දළඹුවා (Leaffolder)
[සංස්කරණය]ව්‍යවහාරික නම : කොළ හකුළන දළඹුවා
විද්‍යාත්මක නම : Naphalocrocis Medinalis
ගෝත්‍රය : Lepidoptera
කුලය : Pyralidae
හානිය -
ශ්‍රී ලංකාවේ වී වගාවට හානි කරන පළිබෝධයින් අතරින් වැඩි වශයෙන් වාර්තා කරන කෘමි හානියක් ලෙස කොළ හකුළන දළඹුවාගේ හානිය සඳහන් කළ හැක. වර්ධක අවධියේ පඳුරු දමන ගොයමේ පත්‍රදාර එකට බැඳ නාලාකාර ව්‍යුහයක් සාදා ඒ තුළ සිට පත්‍රවල පටක සිරස් තීරු ලෙස සූරා කෑම කොළ හකුළන දළඹුවාගේ හානියේ ස්වභාවයයි. මේ හානිය පැතිරෙන විට සුදු පැහැ ගැන්වූ දුර්වර්ණ වූ හෝ ගොයම නිසරු බවක් පෙන්නුම් කරයි. හානිය නිසා පත්‍ර විනාශ වන බැවින් එය වී ශාකයේ නිෂ්පාදනයට ඍජුවම බලපායි.
පුරුක් පණුවා (Stem Borer)
[සංස්කරණය]ව්‍යවහාරික නම : පුරුක් පණුවා
ගෝත්‍රය : Lepidoptera
කුලය : Pyralidae
හානිය -
පුරුක් පණුවන් ආසියාතින රටවල වී වගාවට හානි පමුණුවන ප්‍රධාන පළිබෝධකයින් අතරට වැටේ. මොවුන් අතරින් ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැඛෙනුයේ කහ පුරුක පණුවන්ය. පුරුක් පණුවන් ගොයම් ගසේ කඳ තුළ පෝෂණය වේ. මේ නිසා සනාල පද්ධතිය විනාශ වී හානි වූ රිකිලි මැරී යයි. කරල් හට ගැනීමට පෙර සිදුවන පුරුක් පණු හානියේ ප්‍රතිඵලය වනුයේ රිකිලිවල වැඩෙන අංකුරය සහ අභ්‍යන්තර පත්‍ර වියළී යාමයි. මේවා මළ හදවත් (Dead Hearts) ලෙස හැඳින්වේ. මූලික වර්ධක අවධියේදී ගොයම් පැළ පුරුක් පණු හානියට ගොදුරු වූ විට අමතර රිකිලි සෑදේ. මළ හදවත් ඇතැම් විට ක්‍රෙසෙක් රෝගය හෝ මීයන්ගේ හානිය හෝ ලෙසට වදරවා තේරුම් ගත හැක. එහෙත් මෙම හානියට පාත්‍ර වූ රිකිලිවල පත්‍රවලින් අල්ලා ඇදීමේදී පහසුවෙන් ගැලවේ. මෙසේ ඇදී එන පත්‍රවල පාදයේ කීටයා හෝ කීටයාගේ අපද්‍රව්‍ය හෝ දැකිය හැක. පීදෙන අවධියේදී පුරුක් පණුවාගෙන් සිදුවන හානිය බහුලවන අතර එය බොල් වූ ශුකිකා සහිත සුදු කරල් වශයෙන් දැකිය හැකිය.
මෙහිදී සම්පූර්ණයෙන් කරල බොල් වී වියළී යයි. ගොයම් කරල වර්ධනය වන අවස්ථාවේදී පුරුක් පණු හානිය හේතු කොට ගෙන කඳ සම්පූර්ණයෙන් විනාශ නොවුනහොත් හානි වූ පත්‍ර කොපු වලටත්, කඳේ පහළ කොටසේ සමහර ස්ථානවලටත් සීමා විය හැක. මෙවැනි අවස්ථාවලදී කරලේ පහළ කොටසේ ශුකිකාවලින් කොටසක් පමණක් බොල් වේ. පුරුක් පණුවන් කඳ තුළ කොටස් කපා දමා ඇති බවට ලකුණු තිබීම, කඳ තුළ කීට අපද්‍රව්‍ය දක්නට ලැබීම, පත්‍රවල වර්ණය වෙනස් වීම සහ පුරුක් පණු සලබයන් පිට වූ සිදුරු කෙඳහි සහ පත්‍ර කොපුවල දක්නට ලැබීම ශාකය තුළ පුරුක් පණුවන් සිටින බව හඳුනාගත හැකි ලක්‍ෂණ වේ.
ගොයම් මකුණා (Rice Bug)
[සංස්කරණය]
ව්‍යවහාරික නම : ගොයම් මකුණා
විද්‍යාත්මක නම : Leptocorisa Oratorius
ගෝත්‍රය : Hmiptera
කුලය : Alydidae
හානිය -
මොවුන් සිහින් දිගැති සිරුරක් සහිත සුහුඹුලන් පැහැයෙන් දුඹුරුය. දිගු පාද සහ දිගු ස්පර්ශක දරති. පත්‍ර මත හෝ කරල් මත පේලි වශයෙන් බිත්තර තැන්පත් කරයි. ගොයම් කරල් මත පෝෂණය වන මකුණන් අතර එක් විශේෂකි. පරාගනයෙන් පසු ඩිම්බ කෝෂය සහල් ඇටයක් බවට විකශනය වන ඕනෑම අවස්ථාවක ගොයම් මකුණාට හානි කළ හැක. කිරි වැදෙන අවස්ථාව තෙක් සිදු කරන හානිය අනුව නොයෙක් ප්‍රමාණවලින් බොල් විය හැක. ධාන්‍ය ඝණවන අවස්ථාවේ සිදුවන හානිය නිසා තත්ත්වයෙන් බාල සහල් ලැබේ.
කොපු පණුවා (Case Worm)
[සංස්කරණය]
ව්‍යවහාරික නම : කොපු පණුවා
විද්‍යාත්මක නම : Nympyula Depunctalis
ගෝත්‍රය : Lepidoptera
කුලය : Pyralidae
හානිය -
කොපු පණුවා (දළඹුවා) වී වගාවට හානි පමුණුවන කෘමීන් අතරින් ප්‍රධාන ස්ථානයක් නොගත්තත් සමහර කාලවල මෙම දළඹුවාගේ හානිය පැතිරී පවතින බව දැක ගත හැක. කොපු පණුවාගේ ජීවන චක්‍රය සඳහා ජලය අත්‍යාවශ්‍ය නිසා බොහෝ විට මෙම හානිය වාරි පහසුකම් ඇති කුඹුරුවලට සීමා වේ. කොපු පණුවා ගොයම් පත්‍රයේ කොටසක් කපා සිරස්ව හකුළා නාලාකාර කොපුවක් සාදා එය තුළ ජීවත් වෙමින් ජල මට්ටම ආසන්නයේ සිහින් ගොයම් පත්‍රවල උඩු අපචර්මය පමණක් ඉතිරිවන අන්දමට පත්‍ර පටක තිරස් තීරු ආකාරයට සූරා කයි. මෙනිසා පත්‍ර මත ඉනිමඟක ආකාරයක පිහිටන සුදු පාට තීරු ලෙස හානිය දිස් වේ.
කරටි පණුවා (Whorl Maggot)
[සංස්කරණය]ව්‍යවහාරික නම : කරටි පණුවා
විද්‍යාත්මක නම : Hydrellia Philippina
ගෝත්‍රය : Diptera
කුලය : Ephyridae
හානිය -
කරටි පණුවා වර්ධනය වන පත්‍රවල ඇතුල් දාරයේ පටක මත යැපේ. පත්‍ර වර්ධනය වී දිග හැරීමත් සමඟ මේ අන්දමට හානි වූ පටක සුදු පැහැයකින් දිස් වේ. සාමාන්‍යයෙන් පැළ අවධියේ සිට උපරිම පඳුරු අවස්ථාව තෙක් වැඩෙන පත්‍රවලට මොවුන් හානි කරන අතර කෙටි කාලීන වී ප්‍රභේද වලට හානි කළ විට අස්වැන්න අඩු වීම කෙරෙහි බලපායි. මෙය සිදු වන්නේ ධජ පත්‍රයද, කරලේ කොටස් (ශුකිකා) ද සුදු පැහැයක් ගෙන විනාශ වී යාම නිසාය. කරටි පණුවාගේ හානිය වැඩි වශයෙන් දක්නට ලැඛෙනුයේ ජලය බැද තිබූ කුඹුරුවලය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ සුහුඹුලන් බිත්තර දැමීම සඳහා මෙවැනි ස්ථාන තෝරා ගැනීමයි. හානි පත්‍ර ප්‍රමාණය අනුව රිකිලි දැමීම අඩු වී පරිනත වීම ද පමා විය හැක.
පිටි මකුණා (White Backed Planthopper)
[සංස්කරණය]
ව්‍යවහාරික නම : පිටි මකුණා
විද්‍යාත්මක නම : Sogatella Furcifera
ගෝත්‍රය : Hemiptera
කුලය : Delphacidae
හානිය -
පිටි මකුණා ඉතා කුඩාය. පියාපත් සහිත සහ රහිත යන දෙයාකාරයෙන්ම සිටින මොවුන්ගේ දේහය මෘදුවන අතර රතට හුරු සුදු පැහැයක් ගනී. පියාපත් රහිත පිටි මකුණන් ශ්‍රාවය කරන සුදු ඉටි වැනි කෙඳිමය ද්‍රව්‍යයකින් දේහය ආවරණය කර ගනී. වියළි දේශගුණික තත්ත්ව යටතේ වර්ෂා ජලයෙන් වගා කරන හොඳින් ජලය බැස යන කුඹුරුවල අධික වශයෙන් දක්නට ලැඛෙන මොවුන් සාමාන්‍යයෙන් ජීවත් වනුයේ පත්‍ර කොපුවල සහ කෙඳහිය. පිටි මකුණා පත්‍රවල යුෂ උරා බීම නිසා ශාකයේ වර්ධනය බාල වේ. ආසාදනය අධික වූ අවස්ථාවල කරල් පීදීම පමා වේ. මෙවැනි අවස්ථාවල අක්‍රමවත් වර්ධනයක් සහිත ගොයමක් දක්නට ලැබේ.
මේ අඩවියත් බලන්න
[සංස්කරණය]අඩවියෙන් බැහැර පිටු
[සංස්කරණය]- Department of Agriculture සංරක්ෂණය කළ පිටපත 2010-03-10 at the Wayback Machine
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
[සංස්කරණය]• කෘෂි තාක්‍ෂණ විෂය සංග්‍රහය 1997
• මිනිසා සහ පරිසරය 2004
• කෘමි පළිබෝධ පාලනය 2000
• වී ගොවිතැන 1999