වීදි නාට්‍ය

විකිපීඩියා වෙතින්

වීදි නාට්‍ය ඉතිහාසය:

ගාමිණී කේ.හත්තොටුවේගම:

tiny globe
වීදි නාට්‍ය ඉදිරිපත් කරන්නන් පිරිසක් වැන්කොවර් වෙරළ තීරයේදී, බ්‍රිතාන්‍ය කොලොම්බියා, කැනඩා

වීදි නාට්‍ය යනු මුදල් ගෙවන නිශ්චිත පේ‍්‍රක්ෂක පිරිසක් නොමැතිව එළිමහන් පොදු ස්ථානවල රඟ දක්වනු ලබන වේදිකා රංගනයන් වේ. මෙම ස්ථාන වෙළඳ මධ්‍යස්ථාන, රථ ගාල්, විවේකස්ථාන හා මං මාවත් වැනි ඕනෑම ස්ථානයක් විය හැකිය. මිනිසුන් විශාල පිරිසක් ගැවසෙන ඕනෑම තැනක වීදි නාට්‍ය දැකිය හැකිය. මේවායේ රඟ දක්වන්නන් වීදි ගායකයින් මෙන්ම, තම ප‍්‍රධාන කටයුතු ප‍්‍රචලිත කිරීම සඳහා නාට්‍ය සමාගම් හෝ කණ්ඩායම් විසින් යොදවනු ලැබූවන් ද විය හැකිය.

සමහර අවස්ථාවලදී නාට්‍ය ඉදිරිපත් කරන්නන් උත්සව, ළමා ප‍්‍රදර්ශන හෝ පෙරහැරවල් සඳහා යොදවනු ලැබූවන් විය හැකිය. එහෙත් බොහෝ විට වීදි නාට්‍යකරුවන්ට ගෙවීමක් නොකෙරෙන අතර, වීදියේ දී සිදු කරන කාසි එක්රැුස් කිරීමක් මගින් මුදල් උපයා ගනීි.

වීදි නාට්‍යවලදී සරල ඇඳුම් හා භාණ්ඩ යොදා ගන්නා අතර, සාමාන්‍යයෙන් නාද තාක්ෂණය අඩුවෙන් යොදා ගනිමින්, නළුවන්ගේ හඬ හා ශරීර හැකියාවන් ඒ වෙනුවෙන් උපයෝගී කර ගනිති. ඒ අනුව නර්තනය, අභිරූපණය හා අත්තල හැඟීම් වඩාත් ජනප‍්‍රිය වේ. පේ‍්‍රක්ෂකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා එම ඉදිරිපත් කිරීම් ඉතා පැහැදිළිි, හඬ සහිත හා සරල ඒවා විය යුතුය.

වීදි නාට්‍ය අනෙකුත් එළිමහන් රංගන, එනම්, පේ‍්‍රක්ෂකයින් වෙන් කොට තබන හා මුදල් අය කිරීම් සහිත උද්‍යාන රංගනවලින් වෙන් කොට හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. සමහර අවස්ථාවලදී වීදි නාට්‍ය පෙන්වීම සඳහා පාලනාධිකාරිය මගින් අවසර හෝ බලපත‍්‍ර ලබා ගත යුතුය.

වීදි නාට්‍ය යනු පැරණිතම නාට්‍ය සම්ප‍්‍රදායකි. බොහෝමයක් ප‍්‍රධාන නාට්‍ය වර්ග මුල්කාලීනව වීදි නාට්‍ය ස්වරූපයෙන් පැවතුණු ඒවා විය. (උදාහරණ : දුක්ඛ:ප‍්‍රාප්තිය රඟ දක්වන ආගමික නාට්‍ය* වසර 100කට ඉහත විවිධ නාට්‍ය, සංගීත ශාලා හා විවිධ ප‍්‍රසංගවල සේවය කරමින් නළුවන් සිය ඡීවිකාව සපයා ගත් අතර, දැන් ලොව පුරා ප‍්‍රසිද්ධ වීදි නාට්‍ය කණ්ඩායම්වල සේවය කරන නළුවෝ සිටිති.

නූතන වීදි නාට්‍ය කලාවේ වඩාත් සිත් ගන්නා සුළු ලක්ෂණය වන්නේ එයටම විශේෂිත වූ සමාඡීය, දේශපාලනික ස්ථාවර යයි. ‘නියම’ වේදිකා නාට්‍යයක් නැරඹීමට හැකියාව නොමැති පුද්ගලයින්ට වීදි නාට්‍ය නැරඹීය හැකිය. එම නාට්‍ය සකස් කොට ඇත්තේ, නැරඹීමට කැමති ඕනෑම කෙනෙකු සඳහා ය. පේ‍්‍රක්ෂකයකු වියදම් කිරීමට අසීරු නම්, එය නොමිලේ පෙන්වනු ලැබේ.

සටහන්[සංස්කරණය]

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Street_theatre
"https://si.wikipedia.org/w/index.php?title=වීදි_නාට්‍ය&oldid=578419" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි