ශ්‍රී ලංකා විශේෂ යාත්‍රා බලඝණය

විකිපීඩියා වෙතින්
(විශේෂ යාත්‍රා බලඝණය (ශ්‍රි ලංකාව) වෙතින් යළි-යොමු කරන ලදි)

විශේෂ යාත්‍රා බලඝණය(SBS) (ඉංග්‍රීසි: Special Boat Squadron) ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශිෂ්ඨතම විශේෂ බලකා ඒකකය වේ. බ්‍රිතාන්‍ය විශේෂ යාත්‍රා සේවය අනුව යමින් 1993 වසරේ මෙම විශේෂ ප්‍රහාරක බලඝණය ශ්‍රීලංකා නාවික හමුදාවේ ස්ථාපනය කරන ලදි.

ශ්‍රී ලංකා විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයින්

ශ්‍රි ලංකා හමුදාවට අයත් විශේෂ බලකා යටතේ වර්ගීකරණය වන මෙය කොමාන්ඩෝ රෙජිමේන්තුව (CR), විශේෂ බලකාය (SF), රෙජිමේන්තු විශේෂ බලකාය (ශ්‍රීලංකා ගුවන් හමුදාව ) යන විශේෂ බලකා බලඝණ හා එක්ව ක්‍රියා කරන එකම නාවික හමුදා විශේෂ බලකා බලඝණය වේ.

කාර්‍ය භාරය[සංස්කරණය]

විශේෂ යාත්‍රා බලඝණය , එක්සත් රාජධානියේ නාවුක විශේෂ ඒකකය වන විශේෂ යාත්‍රා සේවාව(Special Boat Service - SBS) ආදර්ශයට ගෙන නිර්මාණය කොට ඇත. මෙහි කාර්‍ය භාරය වන්නේ නාවුක විශේෂ බලකායක් ලෙස   මුහුදහා ජලාශ්‍රිතව සිදුවන මෙහෙයුම් , සමුදුරේදී ඇතිවන ත්‍රස්තවාදී ප්‍රහාර වලට එදිරිව සිදු කරන මෙහෙයුම් , ත්‍රස්තවාදීන් හා ඉලක්ක පිරික්සීම් හා හඳුනාගැනීම් , කිමිදුම් සටන්කරුවන් හා කුඩා වේග ප්‍රහාරක යාත්‍රා මගින් සිදු කරන මෙහෙයුම් වැනි විශේෂ නාවුක මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දීමයි . විශේෂ බලකා ඒකකයක් ලෙස, එහි කාර්යභාරයන් මුහුදේ සිදුකරන ක්‍රියාන්විත සඳහා පමණක් සීමා නොවේ. බොහෝ අවස්ථා වලදී ශ්‍රීලංකා කොමාන්ඩෝ රෙජිමේන්තුව, යුධ හමුදා විශේෂ බලකාය හා එක්ව ගොඩබිම ඒකාබද්ධ සටන් සඳහා ද මෙම බලඝණය තම දායකත්වය නිතැතින්ම දක්වා ඇත.

විශේෂ යාත්‍රා බලඝණයේ කර්තව්‍යයන් හා කාර්යභාරයන් ලෙස සලකනු ලබන්නේ,

  • වෙරලබඩ ව සිදුකරන හමුදා මෙහෙයුම් සඳහා කුඩා වේග ප්‍රහාරක බෝට්ටු මගින් සහාය සැපයීම.
  • මුහුදු සීමා වල සිදුවන සටන් සඳහා කල්තියා රහසිගතව සූදානම් වීමට සිදු කරන විශේෂිත  නිරීක්ෂණ හා ගවේෂණ මෙහෙයුම් හා මිනුම් කටයුතු සිදු කිරීම (මුහුදු පතුලේ ස්වභාවය ආදිය)
  • මුහුදේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීම.
  • කලින් සැලසුම් කරන ක්‍රියාන්විත සඳහා පැමිනෙන කණ්ඩායම්වලට මාර්ග සැකසීම හා ආරක්ෂාව සැපයීම.
  • ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ මුහුදු යාත්‍රා හා නැව් වලට ආරක්ෂාව සැපයීම හා ත්‍රස්තවාදී ග්‍රහණයේ ඇති යාත්‍රා මුදා ගැනීම.
  • ගැඹුරු මුහුදු සීමාවේ ඇති ඉලක්ක හඳුනා ගැනීම හා නිරීක්ෂණ සිදුකොට ප්‍රහාර එල්ලකිරීම.
  • හඳුනාගත් ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීම.
  • VBSS operation(Visit Board Search & Seizure)
  • ප්‍රභූවරුන්ට ආරක්ෂාව සැපයිම.

ඉතිහාසය[සංස්කරණය]

 ශ්‍රීලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය 1993 ජනවාරි 13 දින, ලුතිනන් කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්න ගේ නායකත්වයෙන් යුතු ව අධිකාරිලත් නිලධාරින් 2ක් හා සෙසු නිලයන් 76 කගෙන් සමන්විතව යාපනය කරෙයිනගර් වල පිහිටි ශ්‍රිලං.නා.නෞ. එළාර හිදී ආරම්භ කරන ලදි. විශේෂ පුහුණුවකින් පසුව 25 දෙනෙකුගෙන් යුතු ප්‍රථම විශේෂ යාත්‍රා බලඝණය පිහිටුවන ලදි . මෙම ඒකකයේ පළමු මෙහෙයුම වූයේ 1993 නොවැම්බර් මසදී ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගත් පූනරීන් නාවික කඳවුර නැවත අත්පත් කර ගැනීමයි. වි.යා.බ විසින් ශ්‍රීලංකාවේ පැවති  රිවිරැස, දිරිතර , අග්නිඛීල වැනි ප්‍රධාන මෙහෙයුම් රැසකදී තම දායකත්වය මාතෘභූමිය වෙනුවෙන් සපයා ඇත. තවද අවසන් මානුෂීය මෙහෙයුමේදී ක්‍රියාකාරීව තම දායකත්වය වි.යා.බ විසින් විශිෂ්ට ලෙස දක්වා ඇත.

යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේ වේග ප්‍රහාරක ජෙට් බෝට්ටු වැනි කුඩා ප්‍රහාරක යාත්‍රා මගින් මුහුදු කොටින්ගේ යාත්‍රා හා මරාගෙන මැරෙන කොටි බෝට්ටු වලින් සිදු කල ප්‍රහාර වලට එරෙහිව ක්‍රියාන්විත දියත් කිරීම විශේෂ යාත්‍රා බලඝණය මගින් සිදුවිය.

විශිෂ්ට සාමාජිකයන්[සංස්කරණය]

  • ප්‍රධාන සුළු නිලධාරී කේ.ජී. ශාන්ත -  පරම වීර විභූෂණය  පදක්කමින් පිදුම් ලබන ලදි.
  • ලුතිනන් කමාන්ඩර් සමන්ත වරුණ ගාල්ලගේ,   WWV, RWP, RSP 11 and a founding officer of SBS.[1]
  •   වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න WV,RWP & Bar,RSP,ndc,psc - ඒකකයේ පළමු අණදෙන නිලධාරි

තව තොරතුරු[සංස්කරණය]

  • Military of Sri Lanka
  • Sri Lanka Navy
  • Military ranks and insignia of the Sri Lanka Navy
  • Sri Lanka Army Special Forces Regiment
  • Sri Lanka Army Commando Regiment
  • Sri Lanka Air Force Regiment Special Force

නිර්දේශ[සංස්කරණය]

බාහිර[සංස්කරණය]