මීගමු දෙමළ ජාතිකයෝ

විකිපීඩියා වෙතින්
22:48, 9 පෙබරවාරි 2015 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (සංස්කරණය) විසින් සිදු කර ඇති සංශෝධන

මීගමු දෙමළ ජාතිකයෝ හෝ පුත්තලම දෙමළ ජාතිකයෝ යනු, ශ්‍රී ලංකාවේ බටහිර ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හී ආජන්ම ශ්‍රී ලාංකික දෙමළ ජනයා සඳහා සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන පදයකි. දිවයිනෙහි අනෙකුත් කොටස් වලින් මෙම දිස්ත්‍රික්කයන්ට පැමිණෙන දෙමළ සංක්‍රමණිකයන් සඳහා මෙය භාවිතා නො‍වෙයි. දිවයින් දේශයේ අනෙකුත් දෙමළ ජාතිකයන් වෙතින් මොවුන් වෙන්කර හඳුනාගන්නේ, ඒවා අතුරින් එකක් මීගමු දෙමළ උපභාෂාව ලෙසින් හැඳින්වෙන , ඔවුන්ගේ අනන්‍ය උපභාෂාව(න්), මහත්වූ උල් තොල් වැනි වක්ත්‍රීය (මුහුණ පිළිබඳවූ) ලක්ෂණ සහ ඔවුන්ගේ සංස්කෘතියෙහි අනෙකුත් ආකාරයන් වලින් වෙයි. ශ්‍රී ලංකාවේ ආජන්ම දෙමළ ජාතිකයන්ගේ අනෙකුත් උප ප්‍රවර්ග වන්නේ, දිවයින් දේශයේ සාම්ප්‍රදායික ලෙසින් දෙමළ ප්‍රමුඛත්වයක් සහිතවූ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හී ජීවත්වන යාපන දෙමළ ජාතිකයෝ හෝ උතුරු දෙමළ ජාතියකයෝ සහ මඩකලපුව දෙමළ ජාතිකයෝ හෝ නැගෙනහිර දෙමළ ජාතිකයෝ වෙති. මීගමුව යනු ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෙරළබඩ නගරයක් වන අතර, පුත්තලම යනු අසබඩ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක් වෙයි. [1] [2][3] [4]

සමාග්‍රහණය

මිගමු දෙමළ ජාතිකයන්ගේ ප්‍රධාන ලාක්ෂණික ගුණාංගය වන්නේ, සිංහලීකරණය නමින් හැඳින්වෙන, බහුතර සිංහල වාර්ගික කණ්ඩායමට සමාග්‍රහණය වීමේ සන්තතික ක්‍රියාවලියයි. මෙම ක්‍රියාවලිය පබල කර ඇත්තේ විවිධ කුල පුරාණෝත්ති සහ පුරාවෘත්ත ගණනාවක් විසිනි. .

බස්නාහිර පළාතේ ගම්පහ (3.2%) සහ පුත්තලම දිස්ත්‍රික්ක (6.8%) ඇතුළුව, මුළු දිවයින පුරා වාර්ගික දේශීය ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ව්‍යාප්තිය දැක්වෙන සටහන

ගම්පහ දිස්ත්‍රික්කයෙහි වාර්ගික දෙමළ ජනයා ඓතිහාසික ලෙසින් වෙරළබඩ තීරයෙහි ජනාවාස පිහිටුවාගෙන සිටි අතර, විසිවන සියවසෙහි මුල් දශක දෙක වන තුරු, අසබඩ පුත්තලම දිස්ත්‍රික්කයෙහි, බහුතර කතෝලික සහ සුළුතර හින්දුවරු සහිත සැලකිය යුතු වාර්ගික දෙමළ ජනගහනයක් පැවතුණි. [5]

ආශ්‍රිත

  1. කන්ටෑක්ට්-ඉන්ඩියුස්ඩ් මෝර්ෆොසින්ටැක්ටික් රිඑලයින්මන්ට් ඉන් නිගම්බු ෆිෂර්මන්ස් ටැමිල් බොන්ටා ස්ටීවන්ස් විසින්, සවුත් ඒෂියන් ලැන්වේජ් ඇනෑලිසිස් රවුන්ඩ්ටේබල් XXIII (ඔක්තොම්බර් 12, 2003) ඔස්ටින්හී ටෙක්සාස් විශ්වවිද්‍යාලයය
  2. නිගම්බු ෆිෂර්මන්ස් ටැමිල්: අ කේස් ඔෆ් කන්ටෑක්ට් -ඉන්ඩියුස්ඩ් ලැන්වේජ් චේන්ජ් ෆ්‍රොම් ශ්‍රී ලංකා බොන්ටා ස්ටීවන්ස් විසින් , කෝනෙල් විශ්වවිද්‍යාලයය
  3. රෝමන්-ඩච් ලෝ වර්සස් තේසවලාමෙයි ප්‍රනාන්දු එරෙහි ප්‍රොක්ටර් සහ අනෙකුන්
  4. ශ්‍රී ලංකා:හිස්ට්‍රි ඇන්ඩ් රූට්ස් ඔෆ් කන්ෆ්ලික්ට් ජොනතන් ස්පෙන්සර් විසින්
  5. පාර්ටිසිපේෂන්, පේට්‍රන්ස් ඇන්ඩ් ද විලේජ්: ද කේස් ඔෆ් පුට්ටලම් ඩිස්ට්‍රික්ට් ජෙන්ස් ෆොයෙල් සහ අනෙකුන් විසින්.
"https://si.wikipedia.org/w/index.php?title=මීගමු_දෙමළ_ජාතිකයෝ&oldid=328429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි