"වින්ස්ටන් චර්චිල්" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (Bot: Migrating 113 interwiki links, now provided by Wikidata on d:q8016 (translate me))
No edit summary
 
 
 
සර් ලෙනාර්ඩ් ස්පෙන්සර් චර්චිල් උපත ලැබුවේ 1874 නොවැම්බර් මස 30 වන දිනයි. ඔහු බ්‍රිතාන්‍යයේ දේශපාලඥයෙකු වශයෙන් කටයුතු කළ අතර විශේෂයෙන්ම ඔහුව දැන හඳුනා ගත්තේ දෙවන ලෝක යුද්ධ සමසයේදී මහා බ්‍රිතාන්‍යයේ නායකත්වය ගෙන කටයුතු කිරීමත් සමගය. තවද, මොහු එක්සත් රාජධානියේ අගමැතිවරයා වශයෙන් 1940 සිට 1945 දක්වා කටයුතු කළ අතර නැවත වතාවක් 1951 සිට [[1955]] දක්වා කාලය තුළ ඔහුට එම දූරය හෙබවීමට වාසනාව හිමි විය. චර්චිල් උසස් දේශපාලඥයෙකු මෙන්ම ව්‍යක්ත දේශකයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත් වූ අතර බ්‍රිතාන්‍යය යුධ හමුදා නිළධාරියෙකු ලෙසත්, ‍ඓතිහාසික ලේකකයෙකු හා කලා කරුවෙකු ලෙසත් ස්ථාවරත්වයක් ගොඩනගා ගත් පුද්ගලයෙකු විය.
 
තම හමුදා කාලය අතර තුර ඉන්දියාවේ හා සුඩානයේ ඇති වූ සටන් චර්චිල්ගේ අවධානයට යොමු වූ අතරම දෙවන බෝයර් යුද්ධය අතරතුර ඔහු යුධ වාර්තා කරුවෙකු වශයෙන් එකී කාල සීමාවේ කීර්තිය හා අපකීර්තිය යන දෙකම අත්පත් කර ගන්නා ලදී. එලෙසම ඔහු බ්‍රිතාන්‍යය හමුදාවේ බටහිර යුධ පෙරමුණේ සේවය කළ අතර 6 වන පාබල බල ඇණියේ සේනාපති වශයෙන්ද කටයුතු කළේය. චර්චිල් වසර 60 ක් පුරාවටම දේශපාලන කරලියේ ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කළ අතර ඔහු විසින් දේශපාලන හා කැබිනට් තනතුරු රාශියක් හොබවනු ලැබීය. පළමු ලෝක යුද්ධයට ප්‍රථම ඔහු වෙළඳ සංගමයේ සභාපති ලෙසද , ස්වදේශ කටයුතු බාර රාජ්‍යය ලේකම් ලෙසද එවකට පැවති ලිබරල් රජය යටතේ කටයුතු කරන ලදී. එමෙන්ම පළමු ලෝක යුද්ධ කාලසීමාවේදී චර්චිල් පළමු අද්මිරාල්වරයා වශයෙන්ද , යුද්ධෝපකරණ පිළිබඳ ඇමතිවරයා වශයෙන්ද , යුධ මහලේකම්වරයා වශයෙන් හා ගුවන් කටයුතු පිළිබඳ රාජ්‍යය ලේකම්වරයා වහයෙන්ද කටයුතුකරන ලදී. තවද, භාණ්ඩාගාර චාන්සලර් තනතුර හොබවනු ලැබුවේද වින්ස්ටන් චර්චිල් විසින්මය.‍
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/465104" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව