විශ්වාසය සහ මූල්‍ය සම්පාදනය

විකිපීඩියා වෙතින්

වෙස්ට්මිනිස්ටර් ක්‍රමය පදනම් වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක, සුළුතර රජයකට බලයෙහි සිටීම සඳහා විශ්වාසය සහ මූල්‍ය සම්පාදනය සහතික කෙරෙන සම්මුතීන් අවශ්‍ය වෙයි.

විශ්වාසය සහ මූල්‍ය සම්පාදනය සම්මුතියක් යනු, පාර්ලිමේන්තුවෙහි පක්ෂයක් හෝ ස්වාධීන මන්ත්‍රීවරු පිරිසක් හෝ විසින්, විශ්වාස පළකිරීමෙහි යෝජනා වලදී සහ විසර්ජන හෝ අයවැය (මූල්‍ය සම්පාදන) ඡන්ද වලදී, පක්ෂව ඡන්දය දීමෙන් හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමෙන් හෝ රජයට සහය සපයන බවට වන සම්මුතියකි.