විශ්ලේෂණ රසායන විද්‍යාවේ ඉතිහාසය

විකිපීඩියා වෙතින්

විශ්ලේෂණ රසායන විද්‍යාවේ ඉතිහාසය

ක්‍රි.ව 1661 – 1900 පමණ වන තෙක් ආරම්භක රසායන විද්‍යාවට විශ්ලේෂී ඒකකයක් විය .ඒ මුලද්‍රව්‍යය සොයා ගැනීම, වර්තමානයේ ඇති රසායන ද්‍රව්‍ය සොයා ගැනීම හා රසායන විද්‍යාවට මූලික පසුබිමක් සැකසෙන තෙක් පමණි.රසායන ද්‍රව්‍ය සංශ්ලේෂණය හා සිද්ධාන්ත යන දෙකෙහි ඇති වූ වර්ධනය වැනි දෑ විශ්ලේෂී රසායන විද්‍යාව නොවේ. මෙම කාලයේ දී රසායන විද්‍යාවට විශාල දායකත්වයක් දැක්වූ සොයා ගැනීම් වූයේ , ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රතික්‍රියා මත පදනම් වූ විශේෂ ප්‍රතික්‍රියා හා ජූලියස් වොන්ලීබිග් විසින් සිදු කරන ලද මුලද්‍රව්‍ය වර්ගීකරණයයි. ප්‍රථම වතාවට උපකරණ භාවිතයෙන් සිදුකළ විශ්ලේෂණය වුයේ සිළු විමෝචක වර්ණාවලි මිනිත ක්‍රමයයි. එය රුබීඩියම් හා සීසියම් මූලද්‍රව්‍ය සොයාගත් Gustav Kirchhoff විසින් දියුණු කරන ලදී. Kirchhoff විසින් රූබිඩියම් හා සීසියම් සොයා ගන්නා ලදී.

ප්‍රධාන වශයෙන් විශ්ලේෂී රසායන විද්‍යාවේ විශාල දියුණුවීම් 1900 න් පසු සිදුවිය. මේ කාලය තුළ මෙම ක්ෂේත්‍ර තුළ උපකරණ ඇසුරින් සිදු කළ විශ්ලේෂණයන් වඩ වඩාත් ප්‍රමුඛ විය. මෙහි දී වර්ණාවලීක්ෂ ක්‍රම තාක්ෂණය විසිවන සියවසේ ආරම්භයේ සොයා ගැනුණු අතර එය විසිවන සියවසේ අග භාගයේ දී ශෝදනයකට ලක් කෙරුණි. වියෝජන විද්‍යාව ද මෙම කාලසීමාව තුළ සම දියුණුවක් පෙන්නුම් කළේය. පසුව අධි ක්‍රියාකාරී උපකරණ භාවිතයත් සමග ඉතා අධික වර්ධනයක් ඇතිවීය. 1970 දී බහුතරයක් මෙම තාක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් සම්පූර්ණ සාම්පල්වල විදහා දැක්වීමක් ළගා කර ගැනිණි. ආසන්න වශයෙන් 1970 සිට අද දක්වා වන විට විශ්ලේෂණ රසායනය ටිකෙන් ටික වැඩි දියුණු වී ජීව විද්‍යාත්මක ගැටලු වඩ වඩාත් විශ්ලේෂණය කරමින් මීට ප්‍රථම අකාබනික සහ කුඩා කාබනික අණු පිළිබඳව පැවති විශ්ලේෂණ සාපේක්ෂව අඩු කර ඇත. විසිවන සියවසේ අගභාගය වනවිට විශ්ලේෂී රසායන විද්‍යාවේ පුළුල් දියුණුවක් දක්නට හැකිවිණි.