විශ්මයජනක ස්ථාන - ශ්‍රී ලංකාව

විකිපීඩියා වෙතින්

සිරීපාදය (Adam’s Peak)[සංස්කරණය]

මෙහිදී ප්‍රථමයෙන්ම සිරීපාදය පිළිබඳව වැඩිදුර විස්තර දැක්වීම යෝග්‍ය වනු ඇත. සිරීපාදය මුහුදුමට්ටමේ සිට අඩි 7,360ක් පමණ ඉහළින් පිහිටා ඇත.


ශ්‍රී පාද වන්දනාවේ ය‍ෙදන කාල වලදී විවිධ ආගම් වලට අයත් බොහෝ ජනී ජනයා මහත් භක්තියෙන් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙති. උදෑසනම සිය ගමන අරඹන පුද්ගලයෝ සවස් වන විට සිරිපා කරැණා කිරීමට සමත් වන අතර ඔවුන් නැවත ආපසු ගමන් අරඹන්නේ පසුදා උදෑසන කන්ද මුදුනේ සිට ඉර සේවය(ඉර උදා වන ආකාරය) ද බැලීමෙන් පසුය. මෙම ගමනේ ඇති මනස්කාන්ත බව නිසාම බොහෝ බැතිමත්තු වසරක් පාසාම සිරිපා කරැණා කිරීම පුරැද්දක්ලෙස කරති.


ශ්‍රී පාද කන්ද මුදුනේදී ඔබට ආශ්චර්යවත් දර්ශන නැරඹීමට හැකිය. තවද මෙම කන්ද මුදුනේ මෙම කන්ද ආරක්ෂා කරන සුමන සමන් දෙවියන් උදෙසා තනන ලද කුඩා විහාරයක්ද දැක ගත හැකි ‍ෙව්. ශ්‍රී පාද වන්දනාවේ ය‍ෙදන සමයේදී දහස් ගණනක් සමනල්ලු සිරිපා කරැණා කරන අසිරිමත් දර්ශනය දැක ගත හැකි නිසා ශ්‍රර්‍ ලාංකික ජනතාව මෙම කන්ද සමනළ කන්ද ලෙසද හඳුන්වයි. සමනල්ලු සිරිපා කරැණා කරන සමයේදී මුළු සමනල කන්දම ලේස් වැනි වූ සුදු පැහැයකින් වැසී යයි.


වැවිලි කටයුතු[සංස්කරණය]

සබරගමුව පළාත විවිධ භූ විෂමතා ලක්ෂණ සහ විවිධ ගස් කොළන් බහුල පුදේශයකි. වනාන්තර කඳු නිම්න තැනිතලා ආදියට අමතරව මෙහි තේ, රබර්, වැනි විවධ වැවිලි කටයුතු සිදු කෙරෙන අති විශාල භූමි ප්‍රමාණයක් ඇත. මෙම වගා භූමියක සංචාරයේ යෙදීම විශ්මය ජනක අත්දැකීමක් වනු නොඅනුමාන අතරම, එහිදීම ඔබට රසවත් මෙන්ම නැවුම් තේ කොළ සහ කුළු බඩු වර්ග මිළට ගැනීමේ හැකියාව ලැබේ. මෙම වැවිලි කර්මාන්තයන් ශ්‍රර්‍ ලංකාවට විදේශ විනිමය උපයා දෙන ප්‍රධානතම ආදායම් මාර්ගයන්ගෙන් එකකි.


ගල් ගුහා සහ ලෙන්[සංස්කරණය]

මීට අමතරව තවත් විශ්මය ජනක ස්ථාන සබරගමුව පළා‍ෙත් බහුලව ඇත. නරඹන්නන්ගේ උනන්දුව වඩවන, කුතුහලය අවුස්සන ගල් ගුහා සහ විවිධ ලෙන් මෙහි බොහෝය. මෙවැනි ස්ථාන නැරඹීමට උනන්දුවක් දක්වන්නෙක් මග නොහැරියම යුතු ස්ථානයකි වවුල්පනේ. බොහෝ දුරට ලංකාවටම පමණක් ආවේනික වූ ලක්ෂණ වලින් යුතු වූ මෙම වවුල්පනේ පිහිටි ගල් ගුහා ප්‍රාග් කේම්බ්‍රීය යුගයේදී තැනී ඇතැයි සැලකේ.


මෙම ගල් ගුහා අතරින් හල්වින්න දොළ පහරද ගලා යන්නේ, ස්ටැලක්ටයිට්(Stalactites) සහ ස්ටැලග්මයිට්(Stalagmites) වලින් සෑදුණු ගුහා වල දර්ශනයේ අලංකාරය දෙගුණ කරවමිනි. තවද මෙම ගල් ගුහා දහස් ගණන් වවුලන්ට නිවහන් වී ඇති නිසාම මෙම ස්ථානයට ‘වවුල්පනේ’ යන නම ලැබී ඇත.

බතලෙගල (Bible Rock)[සංස්කරණය]

බතලෙගලට කියන තවත් නාමයකි බයිබල් කන්ද. ඉංග්‍රීසි ජාතිකයින් විසින් මෙම කන්ද බයිබල් කන්ද ලෙස නම් කර ඇත්තේ එම කන්ද නැමූ බයිබලයක හැඩයට සමාන හැඩයක් ගත් නිසාය. වන හිස් අතරින් ඈකට දිස් වන බයිබල් කන්දේ දර්ශනය සැබැවින්ම මනස්කාන්තය.


රක්වාන පාරේ ආය කටුවක හැඩය ගත් වංගුවක පිහිටි රක්වාන බුළුතොට කපොල්ල දීප්තිමක් දිනයකදී ඈත සිට බලන්නෙක්ට පෙනන්නේ අදහාගත ‍ෙනාහැකි ආකාරයේ අලංකාරයකින් යුත් දර්ශනයක් විලසටය.


අතීත විශ්මයන්[සංස්කරණය]

රත්නපුර නගරයේ මැණික් පතල් වලින් ආභරණ සඳහා මැණික් ලබා දෙනවාට වඩා දේ සොයා ගත් අවස්ථා විරල නැත. මෙම මැණික් පතල් වලින් ආදි යුගයට අයත් පොසිල වර්ග බොහෝමයක් සොයා ගෙන ඇත. මේවාට අනුව ආදි යුගයේදී ලංකාවේ සිංහයන්, හිපපොටේමසුන්, රයිනෝසිරසයන් වැනි සතුන් වාසය කල බව සොයා ගන්නට ලැබී ඇති අතර අතීත මානවයින් පිළිබඳවද තොරතුරු රැසක් සොය් ගෙන ඇත.


ශ්‍රී‍ ලංකාවේ ආදී වාසී ජනයා වන වැද්දන් මේ දක්වාද ලංකාවේ සමහරක් ප්‍රදේශ වල වාසය කරන්නේ සිය පාරම්පරික ජීවන ක්‍රමයන්, ආහාර පාන, ඇඳුම් පැළඳුම් ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමිනි.