විලියම් හර්ට්

විකිපීඩියා වෙතින්
විලියම් හර්ට්
උපත 1950 මාර්තු 20 ( අවු: 68)
රැකියාව නළුවෙකි
ක්‍රියාකාරී වර්ෂ 1978 සිට වර්තමානය තෙක්
භාර්යාවන් මේරි බෙත් හර්ට් (1971-1982) හීඩි හෙන්ඩර්සන් (1989-1992)
ගෘහස්ත සහායිකාවන් සැන්ඩ්‍රා ජෙනින්ස් (1981-1984) මාර්ලී මාර්ට්ලින් (1985-1986) සැන්ඩ්‍රින් බොනෙයාර් (1992-1997)

ජුලියර්ඩ් පාසලින් රංගන ශිල්පය හැදෑරූ හර්ට්, ප්‍රථම වරට 1970 දී වේදිකාව මත රැඟුම් ඉදිරිපත් කළේය. වසර 1980 දී තිරගත වූ "ද ඕල්ටර්ඩ් ස්ටේට්" (The Altered State) හි කරදරයට පත්වූ විද්‍යාඥයෙකුගේ චරිතය තුළින් සිනමාවට එක්විය. එම චරිතය නිසා ඔහුගේ නම වසරේ නව තරුව ලෙස ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට නිර්දේශ විය. 1981 දී තිරගත වූ "බොඩි හීට්"(Body Heat) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලබා ගැනීමට ඔහුට හැකිවිය. වසර 1985 දී "කිස් ඔෆ් අ ස්පයිඩර් වුමන්" (Kiss of a Spider Woman) හි සමලිංගික බිම ඔප දමන්නෙකුගේ චරිතය අති දක්ෂ ලෙස නිරූපනය කළ ඔහුට, හොඳම නළුවා ලෙස ඔස්කාර් සහ BAFTA සම්මාන පිරිනැමිණි.

"චිල්ඩ්‍රන් ඔෆ් ලෙසර් ගොඩ්ස්" (Children of Lesser Gods) සහ "බ්‍රෝඩ්කාස්ට් නිවුස්" (Broadcast News) වෙනුවෙන් ඔහුට ඔස්කාර් සම්මාන නිර්දේශයන්ද ලැබීණි. 2005 වර්ෂයේ තිරගතවූ " අ හිස්ට්‍රි ඔෆ් වයලන්ස්" (A History of Violence) ඔහුගේ මීළඟ ඔස්කාර් සම්මානය සඳහා නම නිර්දේශ වූ චිත්‍රපටයයි. "හර්ලිබර්ලි" (Hurlyburly) හි රංගනය වෙනුවෙන් 1985 දී ඔහුගේ නම ටෝනි සම්මානය සඳහා නිර්දේශනය විය. tayim sanngaraawei kleyaar"සිරියානා" (2005), "ද ගුඩ් ෂෙපර්ඩ්" (2006), "මිස්ටර් බෲක්ස්" (2007), "ඉන්ටු ද වයිල්ඩ්" (2007), "ද ඉන්ක්‍රෙඩිබල් හල්ක්" (2008) සහ තිරගත වීමට ඇති "රොබින් හූඩ්" (2010) ඔහුගේ අනෙකුත් සාර්ථකම නිර්මාණ කිහිපයකි.

මූලික අවධිය[සංස්කරණය]

මොහු, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි ඇල්ෆ්‍රඩ් හර්ට් සහ ටයිම් සඟරාවේ ක්ලෙයාර් ඉසබෙල් ට දාව වොෂින්ටන් හිදී උපත ලැබුවේය. 1968 මිඩ්ල් සෙක්ස් පාසලින් උපාධිය ලබා ගත් අතර ඔහුව නාට්‍ය සංගමයේ සභාපති තනතුරට පත්විය. ඔහු පසුව "ටෆ්ට් විශ්වවිද්‍යාලය" තුලින් දේවධර්මය උගත්තේය.


සටහන්[සංස්කරණය]

William_Hurt
"https://si.wikipedia.org/w/index.php?title=විලියම්_හර්ට්&oldid=470613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි