විලාසිතා ජනමාධ්‍ය හා අන්තර්ජාලය

විකිපීඩියා වෙතින්

විලාසිතා පිළිබඳව වූ ප්‍රථම අන්තර්ජාල අඩවිය වූයේ ෆැෂන් නෙට්ය. එය ආරම්භ වූයේ 1995 ජනවාරි මාසයේ දීය. 1990 මැද භාගය වන විට අන්තර්ජාලය යනු අධ්‍යාපන අංශ මඟින් ක්‍රියාත්මක කළ පර්යේෂණ ජාලයක් විය. නමුත් මෙම නවතම මාධ්‍යයේ අති විශාල ඉල්ලුම විලාසිතවල මුල් පිවිසීම හා ස්වාධීන හා ජනප්‍රිය විලාසිතා ප්‍රකාශකයන්, නිර්මාණකරුවන් හා දෘශ්‍ය කලාකරුවන් ඉක්මනින් අන්තර්ජාලය හා එක්වීම මඟින් නිරූපණය වේ.

ෆැෂන් නෙට් හි නිකුත් කිරීම වසර භාගයකට පමණ පසු 1995 පසුභාගයේ දී නිව් යෝර්ක් මත පදනම් වූ ෆැෂන් මෝල් හා ELLE පැමිනුණි. ලුමියර් ප්‍රථම අන්තර්ජාල විලාසිතා සඟරාව වු අතර එහි නික් නයික් හා ජීන් බැප්ටිස් මොන්ඩිනෝ ඇතුළු ඡායාරූපකරුවන් නිරූපණය විය. එය නිකුත් වුයේ 1995 ඔක්තෝබර් මාසයේ දීය. 1996 දී යූව්ස් සෙන්ට් ලොරෙන්ට්ගේ රන් වේ සංදර්ශණය සඳහා ෆැෂන් ලයිව් මඟින් ප්‍රථම අන්තර්ජාල සජීවී විලාසිතා වෙබ් විකාශනය ආරම්භ කරන ලදී. ෆැෂන් වින්ඩෝස් මේ ප්‍රමුඛයන් අතර සිටන අතර එය 2007 දී එහි දසවන සංවත්සරය සමරන ලදී. CNN ස්ටයිල් හා හින්ට් සඟරාව 1998 දී පැමිණෙන ලදී. ඊළඟ වසරේ දී Boo.com හි නැඟීම හා බිඳ වැටීම සිදු වන ලදී. එම සමාගම මඟින් මාස 18 තුළ දී ඩොලර් මිලියන 135 ක් විනාශ කරන ලදී. වෝග් හා W සඳහා වූ SHOWstudio.com හා style.com 2000 වසරේ දී ආරම්භ වන ලදී. ඉන්පසුව 2002 දී ජේසන් කැම්බෙල්ගේ JC Report හා 2005 දී Refinery 29.com ද පැමිණිනි. 2007 යම් අපහසු කාල සීමාවකට පසුව W විසින් style.com අතහැර එය වෝග් හි තනි අන්තර්ජාල නිවස බවට පත්විමට ඉඩ දුනි. විලාසිතා රචකයන් මඟින් නිර්මාණය කරන ලද දැනටමත් එහි ඔප ඇති සැකැස්මට ජනප්‍රිය නවතම වෘත්තීයමය බ්ලොග් එක වුයේ Fashionreporters ය. 2007 දී Beauty flow විශිෂ්ට අන්තර්ගතවලින් යුත් සම්පූර්ණයෙන්ම ෆ්ලෑෂ්වලින් නිර්මාණය කරන ලද සඟරාවක් සමඟ කරලියට ‍පැමිණුනි.

වර්තමානයේ විලාසිතා බ්ලොග් විලාසිතා කර්මාන්තයේ දිනෙන් දින දියුණු වන බලයක් බවට පත්ව ඇත. 2006 අගෝස්තු මාසයේ දී මෙම ප්‍රවණතාවයට එරෙහිව ලෝකයේ විශාලතම සාප්පු සංකීර්ණය වන වෙස්ට් ෆීල්ඩ් ගෘප් හි හිමිකරුවා වක්‍රාකාරව ඔවුන්ගේ වෙළඳ සාප්පු තුළ ඇති නිෂ්පාදන ප්‍රචාරණය කරන දර්ශනයකින් යුත් නව ජනප්‍රිය විලාසිතා ප්‍රවණතා හඳුනාගන්නේ කුමකටදැයි යන මාතෘකාවෙන් යුත් වෙබ් ලිපියක් නිකුත් කරන ලදී. එවැනි දෙයක් සඳහා මුදල් සැපයීම ස්වාධීන වන අතර එය මිළ දී ගැනීම‍හෝ ප්‍රචාරණය මත රඳා නොපවතින නමුත් සම්පූර්ණයෙන්ම වෙළඳ දැන්වීම් මත රඳා පවතී.