විලාසිතා කවර (Cover) ගැහැණු ළමයි

විකිපීඩියා වෙතින්
කවර ගැහුණු ළමයෙකු නිරූපණය කරන ඕස්ට්‍රේලියානු සඟරාවක්.

කවර ගැහැණු ළමයෙකු යනු සඟරාවක පිට කවරයේ තම ඡායාරූපයක් නිරූපණය කරන කාන්තාවකි. ඈ නිරූපිකාවක්, කීර්තිමත් පුද්ගලයෙකු හෝ විනෝදකාමියෙක් විය හැක.

මෙම වදන ඉංග්‍රීසි භාෂාවේ මුලින්ම ඇති වූයේ 1915 දීය. වඩා අඩුවෙන් භාවිතා වන විරුද්ධාර්ථ පදය වන්නේ කවර පිරිමි ළමයි යන්නයි.

වර්ගයන්[සංස්කරණය]

බටහිර ලෝකයේ පිරිමි හා ගැහැණු දෙපාර්ශවය සඳහා වූ සාමාන්‍ය සඟරා සිල්ලේම පාහේ පිටකවරය අලංකාර කරන්නේ කාන්තාවන් විසිනි. කෙසේ නමුත් සැලකිය යුතු වෙනස්කම් පහත සාකච්ඡා කර ඇත.

කාන්තාවන් සඳහා වූ Redbook හෝ පිරිමින් සඳහා වූ Gentlemen’s quarterly, maxim හෝ esquire වැනි සඟරාවල පිටකවරයේ කීර්තිමත් (celebrity) නිරූපණ දැකගත හැකිය. රාජකීයභාවය හෝ රදළභාවයේ භාවිතය ද මෙය ඈඳා ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ පිළිගැනීමයි.

කාන්තාවන් සඳහා වූ සමහරක් සඟරාවල සඟරාවේ රටාව නිරූපණය කරන නොදන්නා නිරූපිකාවක් නිරූපණය කරයි. (උදාහරණ - Seventeen) Men’s fitness හෝ Sports Illustrated වැනි පිරිමි සඟරාවල මෙම ප්‍රවණතාවයට සමාන්තර ප්‍රවනතාවයක් ඇත.

මධ්‍යස්ථ කාණ්ඩයක් වනුයේ සඟරාවල හෝ ප්‍රචාරණ කටයුතුවල පෙනී සිටීම නිසා ප්‍රසිද්ධියට පත් නිරූපිකාවන් හෝ සුපිරි නිරූපිකාවන් භාවිතයයි. මෙය බහුල වශයෙන් ELLE සඟරාව මඟින් භාවිතයට ගනී.

‍බොහොමයක් අවස්ථාවල දී මෙහි අභිමතාර්ථය වන්නේ විකිණීම හා විවිධත්වය වැඩි කරන අතරතුර අදාල වෙළඳනාමය සඳහා වූ වටිනාකම පෙන්වීමයි.

වියට්නාමයේ දී කවර ගැහැණු ළමයින් ලෙස හඳුන්වන්නේ තැබෑරුම්වල සිටින එහි සේවාදායකයින් සමඟ ලිංගික කටයුතු සඳහා යන ගැහැණු ළමයින්ය.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Cover_girl