වර්ගයන්

විකිපීඩියා වෙතින්

වර්ගයන්


පෝලන්තයේ Szczecin, පිහිටි ග්‍රීස්ම රංග ශාලාව

පසුගිය කාලය පුරා සංවර්ධනය වුණු විවිධාකාරයේ රංග ශාලාවන් දැකිය හැකිය. නාට්‍යයන් හිදී ලියූ වදනට වඩා නළු නිළියන් ඉදිරිපත් කරන දෙබස වඩ‍ා වැදගත් වේ. දේශපාලනික රඟමඬල ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ගන්නේ වර්තමාන සිදුවීම් පිළිබඳව ප්‍රේක්ෂකයන් හට දැනුම ලබා දීමටයි.

නාට්‍ය



සර්ජ් සුදෙයිකින් විසින් ‘වවුල් රඟහල’ [Bat Theatre] වෙනුවෙන් නිර්මාණය කළ දැන්වීම [1922]

නාට්‍ය [සාහිත්‍යයේ සඳහන් පරිදි ‘අභිනය’] වල ප්‍රධාන වන්නේ දෙබස් වන අතර එය තිර රචනයෙන් හෝ එවෙලේ නිර්මාණය කර ඉදිරිපත් කිරිමයි‍. නාට්‍ය යන වචනයේ ඉංග්‍රීසි පදය වන ‘drama’ යන්න ග්‍රීක බසින් කැඩී ආ එකකි. එසේම අතීත ග්‍රීසියේ ‘රඟ මඬල’ යනුවෙන් ඉතිහාසයේද රංග ශාලාවන් පිළිබඳව සඳහන්ය. එම සඳහන්වලට අනුව රංග ශාලාව යනු වේදිකාවක් ඉදිරියේ අර්ධ කවාකාර ප්‍රේක්ෂකාගාරයක සිට නළු නිළියන්ගේ රංගයන් නැරඹීමට ඇති ස්ථානයයි. තවද, සංගීතමය නාට්‍යහල් ලෙසටද වර්ග වර්ග කර ඇති රංග ශාලා කොටසක් ඇති අතර ඒවායේ සංගීතය, ගීත, නැටුම් ජවනිකා හා දෙබස්වලින් පිරි නාට්‍යයන් රඟ දක්වයි. කෙසේ වෙතත් නාට්‍යහල වේදිකාවට වැඩියමක් ප්‍රේක්ෂකයාට ලබා දේ. රඟහලින් පිටුපස ඇඳුම් නිර්මාණය, වේදිකා පසුතල සහ අ‍ාලෝකකරණය යනාදී දෑ නිර්මාණය කරන අයුරුද දැක ගත හැක.

දේශපාලනික රඟමඩල

දේශපාලනික රඟමඬල සම්බන්ධව දීර්ඝ සංස්කෘතියන් දැකිය හැක. සමාජය දැනුවත් කිරීමට හා සමාජ වෙනස්වීම් එහි ප්‍රධාන ඉලක්කයයි. මෙම නාට්‍යයන් හාස්‍යමය ජවනිකා වලින් පිරී ඇත. මෙමගින් මහජන මතයට බලපෑම් කළ හැකි ප්‍රබලත්වය නිසා දේශපාලනික රඟ මඬල අති විශේෂය. ප්‍රචණ්ඩත්වය හා ගැටුම්වලට හඬ නැගිය හැකි ප්‍රභලම මාධ්‍යයයි. නිදසුනක් ලෙස බර්ටෝල් බ්‍රෙස්ට් විසින් නාසි පාලනය අතරතුරදී හ‍ා වියට්නාම් යුද්ධය අතරතුරදී ඉදිරිපත් වූ උද්ඝෝෂක ප්‍රචාරක රංගකාලව දැක්විය හැකිය.

කතෝලික පල්ලි විසින් රංග පීඨයන් තුළ ප්‍රසාංගිකත්වය වැඩිකරනුවස් රාගයට ලැදි, අභිරහස්, සදාචාරාත්මක ආදී නාට්‍යයන් නිර්මාණයේ යෙදුණහ.








References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Theatre#Types

"https://si.wikipedia.org/w/index.php?title=වර්ගයන්&oldid=471903" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි