විලාසිතා ඒජන්සි

විකිපීඩියා වෙතින්

විලාසිතා ඒජන්සි ස්කෑම්ස්[සංස්කරණය]

පරණ ඒජන්සි බිඳ වැටෙන හා නව ඒජන්සි මඟින් ඔවුන්ගේ ස්ථාන ලබා ගන්නා නිරන්තරයෙන් වෙනස් වන කර්මාන්තයේ ඒජන්සියක් සඳහා වූ අවශ්‍යතාවය නිසා ස්කෑම් කලාකරුවන්ට නව, සැකයට බඳුන් නොවන නිරූපිකාවන් ගොදුරු කර ගැනීමට බොහොමයක් අවස්ථා ඇත. නීත්‍යානුකූල නිරූපන ඒජන්සියකට වෙළඳ වටපිටාව ගැන දැනුමක් තිබිය යුතු අතර ඔවුන්ගේ වෙළඳපොළ සඳහා අවංකවම නිරූපිකාවන් ඉදිරිපත් කළ යුතුය. එයට නිරූපිකාවගේ අලෙවිකරණය ද්‍රව්‍ය නිපදවීම සඳහා ඡායාරූපකරුවන්, ග්‍රැෆික් නිර්මාණකරුවන් හා මුද්‍රණකරුවන් සමඟ සබඳතා තිබිය යුතුය.

එක්සත් ජනපදයේ better business වංක ව්‍යාපාර පුහුණු වීම හා ස්කෑම් පවත්වන ඒජන්සිවලට එරෙහිව ‍චෝදනා ගොනු කරයි.

ස්කෑම් කලාකරුවන් හා විශ්වාසය තැබිය නොහැකි ඒජන්සි සාමාන්‍යයෙන් දීර්ඝ කාලීන ගිවිසුම් ඉල්ලා සිටින අතර නිරූපිකාවන් අධි කොමිස් ප්‍රතිශතයකට යොමු කරවීමට හෝ අනවශ්‍ය අයිතිවාසිකම් සඳහා අත්සන් කරවීමට අධි පීඩන උපාය මාර්ග භාවිතා කරයි.

නිරූපන ස්කෑම්වලට එක් උදාහරණයක් වන්නේ තමන්ට වැඩ තිබේ යැයි කියා ගන්නා ඒජන්සියක් සත්‍ය වශයෙන්ම , නිරූපිකාවන් බවට පත්වීමට සිටින අයට ඡායාරූප හා නිරූපන පාඨමාලාවන් විකුණා මුදල් ඉපයීමට තැත් කිරීමයි. නීත්‍යානුකූල ඒජන්සියක් ඒජන්සි කොමිස් මුදලෙන් පිට ආදායම් එකතු කිරීම සිදු නොකළ ‍යුතුය.


ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතන[සංස්කරණය]

ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණ ආයතනයක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා පහත අවශ්‍යතාවයන් සපුරාලිය යුතු වේ.


1) අදාල ආයතනය ලොව ප්‍රමුඛ පෙළේ විලාසිතා කේන්ද්‍රයක පිහිටා තිබිය යුතු වේ.ඊට හේතුව සරල වශයෙන් කිවතොත් වඩාත් ලාභදායී සහ ගෞරවාන්විත විලාසිතා නිර්මාණ කටයුතු සඳහා ඉඩ ප්‍රස්ථාව පවතින්නේ මෙම නගරවල හෙයින් වේ.මෙම කාණ්ඩයට අයත් නගර අතරට නිව්යෝක් , මිලාන් , පැරිස් , ලන්ඩන් , ටෝකියෝ , ටොරොන්ටෝ , සාවෝපෝලෝ සහ බාසිලෝනා යන නගර අයත් වේ.

2) අදාල ආයතනය විලාසිතා ක්ෂේත්‍රය තුළ ගෞරවයට පාත්‍ර වී ඇති ප්‍රසිද්ධ ආයතනයක් විය යුතු අතර එය යහපත් කල් ක්‍රියාවකින් යුතු ආයතනයක්ද විය යුතු වේ. මෙහිදී යහපත් භාවය සම්බන්ධයෙන් වැදගත් වන්නේ අදාළ රටවල විලාසිතා ක්ෂේත්‍රයට අදාළ නිරීක්ෂණ ආයතන , පාලන සංවිධාන ආදියේ මතය වේ. මෙවැනි ආයතන සඳහා උදාහරණ ලෙස එක්සත් ජනපදයේ Better Business Bureau ආයතනය , විලාසිතා නිර්මාණකරුවන්ගේ සංවිධානය සහ නගරයේ විලාසිතා සතිය සංවිධානය කරන කණ්ඩායම පෙන්වා දිය හැකිය.

3) අදාල ආයතනය ඍජුව කිසියම් විලාසිතා නිරූපණ ශිල්පියෙක් වෙත ප්‍රධාන පෙලේ විලාසිතා සැලසුම් ආයතනයක් (උදා- Gucci, Dolce & Gabbana , Calvin Klein , Prada, Valentino & Giorgio Armani ආදිය ) හරහා ලාභදායී සැපයුමක් සිදු කොට තිබිය යුතු වේ.

පහත දැක්වෙන්නේ ලොව ප්‍රමුඛ පෙලේ විලාසිතා නිරූපණ ආයතන අතරින් කිහිපයකි:

  • Elite Model Management - නිව්යෝක් නගරය (පැවති පැරීසිය, ප්‍රංශය)
  • Ford Models - නිව්යෝක් නගරය
  • IMG Models - නිව්යෝක් නගරය
  • FTC Publications - නිව්යෝක් නගරය
  • Utive Models – චිකාගෝ
  • Models 1 Agency - ලන්ඩන්
  • Storm Model Agency - ලන්ඩන්
  • Trump Model Management - නිව්යෝක් නගරය
  • WS2M - පැරිස් නගරය
  • Wilhelmina Models - නිව්යෝක් නගරය

සටහන්[සංස්කරණය]

|Modeling agency -Scams |-

"https://si.wikipedia.org/w/index.php?title=විලාසිතා_ඒජන්සි&oldid=472276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි