විලාසිතා-ගූසි

විකිපීඩියා වෙතින්
ගූසි
වර්ගයSubsidiary of PPR (Euronext: PP)
ස්ථාපිතය1921
මූලස්ථානයFlorence, Italy
ප්‍රධාන පුද්ගලයන්Guccio Gucci Founder
Patrizio di Marco, President & CEO,
Frida Giannini, Creative director
කර්මාන්තයපාරිභෝජක භාණ්ඩ නිෂ්පාදන, රෙදිපිළි ඇඟලුම්
නිෂ්පාදිතයන්Clothing, watches, jewelry, shoes and leather goods
ආදායමIncrease € 4.2 billion (31 December 2009)
මූලකාරකPPR
වෙබ්අඩවියgucci.com

ගුසී නිවහන (වඩාත් සරල ලෙස ගුසි ලෙස දන්නා) යනු ඉතාලියානු විලාසිතා හා සම් භාණ්ඩ වෙළද නාමයකි. එය ගුසියෝ ගූසි මගින් 1921 දී ෆ්ලෝරන්ස් හිදී ආරම්භ කරන ලදී. ගූසි යනු ලෝකයේ වඩාත් ප්‍රචලිත, සම්භාවනීය හා ඉතා වැඩි පිළි ගැනීමක් සහිත විලාසිතා වෙළද නාම අතරින් එකක් ලෙස සැලකෙයි. ගූසි නිවහන අයත් වන්නේ ප්‍රංශ සම්පිණ්ඩන සමාගමක් වු Pinault – Printemps – Redoute (PPR) සමාගමට ය. 2007 දී බිස්නස් වීක් සඟරාවට අනුව ගුසි සමාගම ඇමරිකානු ඩෝලර් බිලියන 7.7 ක ලෝක ව්‍යාප්ත ආදායමක් ගොඩනැගු අතර සගරාවේ වාර්ෂික හොදම වෙළද නාම 100 සටහනේ පෙර වසරේ පැවති 46 වන ස්ථානය නැවත සාක්ෂාත් කිරීමට ගුසී සමත් විය. මෙම හේතුව නිසා ගූසි ලෝකයේ වැඩිම විකිණීමක් සහ විලාසිතා වෙළද නාම අතරින් දෙවන තැන අයත් කර ගන්නා අතර එය දෙවැනි වන්නේ LVMH ටය. වඩා වැදගත් ලෙස ගූසි යනු ලෝකයේ වැඩිම විකිණීමක් සහිත ඉතාලියානු වෙළද නාමයකි. ලොව පුරා වෙළද සාප්පු 425 ක පමණ ගූසි ක්‍රියාත්මක වන අතර එහි අධිකාරී හා මහා පරිමාණ දෙපාර්තමේන්තු ගබඩා හරහා තොග වශයෙන් විකිණීම සිදු කරනු ලබයි.

සටහන්[සංස්කරණය]

Gucci
"https://si.wikipedia.org/w/index.php?title=විලාසිතා-ගූසි&oldid=169169" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි