විමලධර්මසූරිය රජු ලන්දේසීන් පිළිගැනීම

විකිපීඩියා වෙතින්

පළමුවැනි විමලධර්මසූරිය රජු යනු 16 සියවසේ අග සහ 17 හි මුලදී ශ්‍රී ලංකාව නම් දිවයිනෙහි උඩරට රාජධානිය පාලනය කළ රජුය. ඔහු 1604 දී මිය ගියේය. සමහර ඉතිහාසඥයින් සලකන ආකාරයට විමලධර්මසූරිය රජු උඩරට රාජධානිය දෙවන වරට ආරම්භ කළ තැනැත්තාය. උපතේදී කොණප්පු බණ්ඩාර නම් වූ ඔහු පසුව දොන් ජොන් නමින් පෘතුගීසීන් විසින් බෞතීස්ම කරන ලදී. 1594 දී ඔහු රජු බවට පත් වී කරලියද්දේ බණ්ඩාරගේ දූ කුමරිය වූ කුසුමාසන දේවිය නොහොත් දෝන කතිරිනා බිසව සරණ පාවා ගත්තේය. පෘතුගීසීන් විසින් සිහසුනට උරුම තැනැත්තා ලෙස ඔහු ඉදිරිපත් කරන ලදී.එහෙත් පරංගීන්ගේ පලමු උත්සහය වූයේ කරලියද්දේ බණ්ඩාරගේ බෑණුවන්වූ දොන් පිලිප් කුමරැව රජ කිරීමටය.

දේශපාලන වශයෙන් වැදගත් වූ බුදුන්ගේ දන්ත ධාතු තැන්පත් කර තැබීමේ අභිලාෂයෙන් එම සිද්ධස්ථානය කරවන ලදී.මොහුට පසු ඔහුගේ ඥාති සොහොයුරු සෙනරත් රජු මහනුවර රජ විය.