විපස්සනාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

විපස්සනාව යනු අනිත්‍ය දුක්ඛ අනත්ත (තමාට අයත් නොවන) යන ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කිරීමයි. විපස්සනා භාවනාව ඉන්දියාවේ පැරණිතම භාවනා ක්‍රමයක් වන අතර එය නැවත හඳුන්වා දෙන ලද්දේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අවු. 2500 කට වඩා අතීතයේදීය. මෙම භාවනා ක්‍රමය බෞද්ධ අබෞද්ධ බොහොදෙනෙක් භාවිතා කරන අතර විදර්ශනා භාවනාව නම් වේ. එය බුදුරජාණන් වහන්සේ විසින් උගන්වන ලද ‍බෞද්ධ භාවනා ක්‍රමයක් වුව ද, එය නිකායවාදි නොවන විශ්ව යෙදුමක් වේ. යමෙකුට විදර්ශනා භාවනාව වැඩීම සඳහා බෞද්ධාගම වැළඳ ගැනීම අත්‍යවශ්‍ය නොවේ. විපස්සනා භාවනාවඩීමේ ක්‍රමය නිකායෙන් නිකායට වෙනස් වුව ද, සියළුම ක්‍රමවල මුලික පදනම වන්නේ සතර සතිපට්ඨානය නමින් හඳුන්වන කාය වේදනා චිත්ත ධම්ම අනිත්‍ය දුක්ඛ අනත්ත වශයෙන් අනුපස්සනා කිරීමයි.

විපස්සනා භාවනාව බුදුදහමේ ප්‍රධාන භාවනා ක්‍රම දෙක වන සමථ හා විපස්සනා භාවනා ක්‍රම දෙකෙන් එකකි. සමථ භාවනාවෙන් සිත සන්සුන් කරන භාවනාවක් වන අතර, එය යෝගා වැනි ලෝකයේ වෙනත් භාවනා ක්‍රම වලට සමාන වේ. එය මඟින් සිත සන්සුන කර සිත විනිවිද දැකිම සඳහා අවශ්‍ය සිත එකඟ කර ගැනීමේ හැකියාව ලබා දේ. සමථ භාවනාවෙන් සිත සන්සුන් කළ හැකි වුවද සිතේ ස්වභාවය පැහැදිලිව අවබෝධ කර ගත හැක්කේ විදර්ශනා භාවනාවෙනි. එයින් ප්‍රඥාවට ද, ඉන් පසුව ඥානයට ද සිත යොමු වීමෙන් සිත නැවත අකුසලයට යොමු වීම වලක්වා ගත හැක. චතුරාර්ය සත්‍ය අවබෝධ කර සසර දුකින් අත්මිදිය හැක.

දැන් කායානුපස්සනා සතිපට්ඨානයේ සඳහන් වන ධාතු මනසිකාර භාවනාව වඩන ආකාරය කෙටියෙන් පැහැදිළි කරගනිමු.

ධාතු කියන්නේ සත්ත්ව පුද්ගල නොවන හේතූන් නිසා හටගත් මූලද්‍රව්‍ය කියන අර්ථයෙන්. ධාතු මනසිකාරය වැඩිමෙන් අනත්ත හෙවත් තමාගේයයි කිසිවක් ගත නොහැකි බව අවබෝධ වෙනවා. අනත්තානුපස්සනාව වැඩේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ කියා ධාතු සයක් තිබෙනවා. පඨවි කියන්නේ තද ගතියට. ආපෝ කියන්නේ ඇලෙන වැගිරෙන ස්වභාවයට. තේජෝ කියන්නේ උෂ්ණත්වයට. වායෝ කියන්නේ සෙලවෙන ස්වභාවයට. හැම වස්තුවකම ධාතු සතරම තිබෙනවා. ඒ ඒ ධාතූන්ගේ අඩු වැඩි බව අනුව විවිධාකාර වස්තූන් ඇති වෙලා තියෙනවා.

පඨවි ගතිය වැඩි වුනොත් ඒ වස්තුව සම් මස් නහර ඇට ගස් ගල් ලෝහ වර්ග වැනි තද දෙයක් වෙනවා. ආපෝ ධාතුව යමක අධික වුනොත් සෙම සොටු ලේ සැරව ජලය වැනි ඇලෙන වැගිරෙන දෙයක් වෙනවා. තේජෝ ධාතුව අධික වෙන්න වෙන්න රස්නය වැඩි වෙනවා. ගින්නෙහි තේජෝ ධාතුව අධිකයි. සුළගෙහි වායෝ ධාතුව අධිකයි. ඒ නිසා වේගයෙන් චලනය වෙනවා. අප කායික චලනයන් කරන්නේ ඒ ක්‍රියාව කිරීමට අවශ්‍ය සිතෙහි බලයෙන් ඒ අවශ්‍ය අවයවයේ උපන් වායෝ ධාතුවේ ක්‍රියාකාරිත්වයෙන්.

අයිස් කැටයක් ගැන සිතන්න. ඒක ඝණ වෙලා තියෙන්නේ පඨවි ගතිය අධික නිසා. අනෙක් ධාතු තුනත් එතන තියෙනවා. රස්නය හෙවත් තේජෝ ගතිය වැඩි කලොත් ඒ අයිස් කැටය දිය වෙන්න පටන් ගන්නවා. එතකොට ආපෝ ධාතුව ප්රනකට වෙනවා. තව දුරටත් රත් කළොත් වාශ්ප වෙනවා. එතකොට වායෝ ධාතුව ප්රඩකට වෙනවා. මෙතන ධාතු ටිකක් හැර අයිස් කැටයක් කියා දෙයක් සත්යප වශයෙන් ම තිබෙනවා ද කියා සිතා බලන්න. ධාතු සතරකට තමයි අයිස් කැටයක් කියා නමක් දුන්නේ. මේ ධාතු සතර නිසා වර්ණයක් ඇති වෙලා රෑප සටහන් දිග පලල හැඩ තල මනසින් ඇති වෙලා, ධාතු ගොඩකට ගැහැණියක්ය පිරිමියෙක්ය ලමයෙක් ය ගෙයක් ය ආදී වශයෙන් මුළාවට පත් වෙනවා. ආකාශ ධාතුව කියන්නේ හිස් අවකාශයට. විඤ්ඤාණය කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ සහ මනසින් නොයෙක් අරමුණු දැනගැනීමට.

  • පියවර 1 - භාවනා කර පලපුරුද්දක් නැති කෙනෙකුට තමන් කළ දානමය පින්කම් (භික්ෂූන් වහන්සේලාට දුන් දානය හෝ තමන් දානයකට සහභාගි වූ අවස්තාවක්, දුගී මගී යාචකයින්ට දන් දුන් අවස්තාවන්, කඨින පින්කම් පිරිත් පින්කම්, සත්වයෙක්ව මරණයෙන් නිදහස් කරගැනීම ආදිය) සිහිපත් කරගෙන සිත එකග කරගන්න පුලුවන්. දන්දෙන්න අමාරුම දේ මොකක් දේ තණ්හාවයි. තණ්හාව තමයි දුක්ඛ සමුය කියන්නේ. තමන්ගේ ඡාග ගුනය සිහි කරගන්න. දෙයක් අත්හැරීමේ හැකියාව තමන්ටත් තියෙනවා කියලා සිතන්න. එවිට ප්‍රීතිය ප්‍රමෝදය ඇති වෙලා සිත සමාධි වෙනවා.
  • පියවර 2 - දැන් ධාතු මනසිකාරය වැඩිය යුතුය

අසූචි කියන්නේත් පඨවි ධාතුව. බාහිර අසූචි, අපි මම මගේ කියලා ගන්නේ නැහැනේ. බාහිර අසූචි පිළිකුලයි පඨවි ධාතුව මම නොවේ මගේ නොවේ, මේ කයේ කෙස් පිළිකුලයි පඨවි ධාතුව මම නොවේ, මගේ නොවේ යනුවෙන් මෙනෙහි කරන්න. මේ වගේ ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හෘදය වස්තුව අක්මාව ආදී අනෙක් කොටස් ගැනත් මෙනෙහි කරගෙන යන්න. ඊලගට ආපේ ධාතුව. ඇලෙන වැගිරෙන ගතිය. බාහිර මුත්රාප වගේ දෙයක් ගැන හිතනවා. බාහිර මුත්රාබ පිළිකුලයි ආපෝ ධතුව මම නොවේ, මගේ නොවේ. මේ කයේ පිත පිලිකුලයි ආපේ ධාතුව මම නොවේ, මගේ නොවේ. මේ විදිහට සෙම සැරව ලේ දහඩිය වගේ ආපෝ ධාතු කොටස් භාවනා කරන්න.

ඊලගට තේජෝ ධාතුව - රස්නය හෝ සීතලට තේජෝ ධාතුව කියනවා. කුණු බක්කියකත් කුණු නිසා රස්නයක් ඇති වෙනවා. ඒ වගේම අපේ ශරීරයෙත් බැක්ටීරියා ආදිය නිසා රස්නයක් ඇති වෙනවා. කුණු බක්කියක ඇති රස්නය තේජෝ ධාතුව මම නොවේ, මගේ නොවේ. මේ කයේ රස්නය තේජෝ ධාතුව මම නොවේ, මගේ නොවේ යනුවෙන් මෙනෙහි කර අවබෝධ කරගන්න.

ඊලගට වායෝ ධාතුව - අපට ගන්ධය දැනෙන්නේ වායෝ ධාතුව හරහා. කුණු ගොඩක හෝ අසූචි ගොඩක දුර්ඝන්ධය පිළිකුළයි වායෝ ධාතුව මම නොවේ මගේ නොවේ. මේ කයේ හුස්ම පිළිකුලයි වායෝ ධාතුව මම නොවේ, මගේ නොවේ යනුවෙන් මෙනෙහි කරන්න.

බාහිර ලෝකයේ කඳු හෙල් සාගර ආදී සියල්ලම ධාතු වශයෙන් සලකා පහ කරන්න. මෙහෙම මෙනෙහි කළාම සිත ධාතු සතරෙන්ම මිදෙනවා. මෙතරම් කාලයක් මමය මගේය කියලා අල්ලාගෙන සිටි කුණු ජරාවන්ගෙන් සිත නිදහස් වෙනවා.

  • පියවර 3 - අශුභ දේ සුභයි, අනිත්යි දේ නිත්යුයි, දුක් දේම සුඛයි කියන වැරදි සංඥා නිසා මගේය යන මුසාව ඇති වෙලා අනන්ත සසර අප මහත් පීඩාවට දුකට පත් වුණා. ඒ වැරදි සංඥා සහ ඉන් ඇති වූ මුසාවාද පරැසාවාච පිසුණාවාච ආදී දස අකුසලයට ලැජ්ජා වෙන්න පිළිකුල් කරන්න. එයට ඇති තණ්හාව දන් දෙන්න.
  • පියවර 4 - දැන් සිතන්න, නිවන විතරයි සකස් කල දෙයක් නොවන්නේ, නොකැඩෙන්නේ නොබිඳෙන්නේ. සියලු දේ කැඩෙන බිදෙන බැවින් මුසාවන්. ‘තණ්හාව ක්ෂය වීම නිවනයි‘ යනුවෙන් මෙනෙහි කරන්න. මෙසේ ඉන්ද්‍රියයන් සංවරව සිටිම හොඳ යයි නුවන ඇති කරගන්න. සියලු සත්වයෝ සිටින්නේ දුකේ බව සිතා සිංහල දෙමළ හිතවත් අහිතවත් ආදී සියලු කුළ පහ කරන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වායි, බාහිරව මෙත්තාව පතුරුවන්න.

සාරාංශය

තමන් කළ දානමය පුණ්‍යක්‍රියා මෙනෙහි කරන්න. ඊලගට, ධාතු මනසිකාරය වඩන්න. කයේ පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතූන් බාහිර අසූචි වැනි පිළිකුල් දෙයක් සමග සංසංන්දනාත්මකව මෙනෙහි කර තමා නොවන බව අවබෝධ කරගන්න. සුභයි සුඛයි මගේ කියා ගැනීම නිසා ඇති වෙන මුසාවට ලැජ්ජා වෙනවා පිළිකුල් කරනවා යයි එය පහ කරන්න. නිවන පමණයි සත්යක යනුවෙන් සච්චාදිට්ඨානය මෙනෙහි කරන්න. කිසිවක් මමය මගේයය් නොගෙන තමාට නොව බාහිරව අප්‍රමාණ වශයෙන් මෙත්තාව පතුරවන්න. චතුරාර්ය සත්‍යය අවබෝධ වේ.

බටහිරින් හැදින්වීමක්. (මෙම කොටස ඉංග්‍රීසි බසින් වඩාත් හොදීන් අර්ථ ගැන්වෙන බැවින් පරිවර්තනය නොකලෙමු)[සංස්කරණය]

There is a Zen koan that I think is kind of cute. When I think of Zen koans I often, when you hear the exchange between the student and the master, I hear the voice of little Kwai Chang Caine from the kung fu television show talking to Master Po, the blind master. So in this one the student says, “Master what is the most important thing?” And the master says, “The most important thing is attention. Yes, master but what is the second most important thing.? The second most important thing is attention. Yes, master but what is the third most important thing? The third most important thing is attention.” What is the common denominator among all of these technologies for awakening? Tt is attention. And there are lots of ways to apply attention; lots of things to apply attention to.

Something Shinzen Young said in an offhand remark years ago got me thinking about a way to categorize all of these different practices from different traditions. Shinzen said, when things are difficult, he will downshift to mindfulness of the body as kind of first gear. So I took that ball and ran with it. I think of this as being divided into three gears, a kind of three-speed transmission. First gear is looking at the objects of awareness, the changing phenomena of mind and body, so vipassana is first gear. Second gear is to turn the attention around and ask the question to whom is this happening. So that would be Advaita Vedanta or certain kind of Zen, Hwadu.

And third gear is to recognize, as Tibetan Buddhists might say, the essential nature of mind. To recognize what is always already done. This moment is perfect as it is and you need only recognize that. So that’s the three speed transmission. And one way to approach it is to go to third gear first. If you can see that this moment is perfect as it is, well I would just look at that. If that’s difficult, if you’re not able to get traction then you can downshift to second or first gear. http://www.buddhistgeeks.com/2011/08/bg-229-enlightenment-for-the-rest-of-us/

ප්‍රසිද්ධ විදර්ශනා භාවනා ගුරුවරු[සංස්කරණය]

ශ්‍රී ලංකාව

ඉන්දියාව

තායි ලන්තය

  • අජාන් මන්
  • අජාන් චා
  • අජාන් ලී ධම්මධරෝ

බුරුමය

  • මහාසී සයාඩෝ
  • පණ්ඩිත සයාඩෝ
  • චන්මායි සයාඩෝ
"https://si.wikipedia.org/w/index.php?title=විපස්සනාව&oldid=429308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි