විද්‍යා පත්‍රකලාවේදය

විකිපීඩියා වෙතින්
විද්‍යා පත්‍රකලාවේදිනියක් වන එම්මා රේ (1896-1982)

විද්‍යා පත්‍රකලාවේදය යනු විද්‍යාවන් පිළිබඳව තොරතුරු වාර්තාකර මහජන කතිකාවත් ගොඩ නැගිමට උත්සාහ දරන, පත්‍රකලාවේදයේ නව ප්‍රවණතාවකි. මේ සඳහා විද්‍යාලෝකය සහ ජනමාධ්‍ය අතර විශේෂ සබඳතාවක් අවශ්‍ය වන අතර එය දැන් දැන් ගොඩනැගෙමින් පවතී.


විද්‍යා පත්‍රකලාවේදියෙකුගේ ප්‍රථම කාර්යය නම් විශාල තොරතුරු ප්‍රමාණයක් සහිත විද්‍යාත්මක භාෂාවන් දක්වා ඇති ප්‍රවෘත්තියක් නිවැරදි ආකාරයට සරල බසට හැරවීමය. බොහෝ විට මොහු සිය ක්ෂේත්‍රය පිළිබඳව පුහුණුවක් ලැබූවෙකු හෝ ඒ පිළිබදව හැකියාවක් ඇත්තකු වෙයි. මෑත කාලයේ විද්‍යාව සමාජය තුළ ප්‍රධාන චරිතයක් රඟපාන බැවින් විද්‍යා ප්‍රවෘත්ති වර්ධනය වී ඇති අතර විද්‍යාත්මක ප්‍රජාව සහ ජනමාධ්‍ය අතර ප්‍රතික්‍රියා ඉහළ ගොස් ඇත. එහෙත් මෙම ක්‍රමවේද දෙක අතර පවතින මූලික වෙනස්කම් නිසා යම් යම් අපසුතා මතුව ඇත. පත්‍රකලාවේදීන් සත්‍ය සහ විචාරාත්මක තොරතුරු කෙරෙහි වැඩි ඇල්මක් දක්වද්දී විද්‍යාව වැඩි නැඹුරුවක් දක්වන්නේ සිද්ධාන්ත සහ ආනුභවික කරුණු කෙරෙහිය.


සටහන්[සංස්කරණය]

Science_journalism
"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යා_පත්‍රකලාවේදය&oldid=470109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි