විඥානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

විඤානය යනුවෙන් අදහස් කරන්නේ සචේතන බවයි. මම ලිපිය බෞද්ධ සංකල්ප සමාලෝචනය කරනවා ඇත. බුද්ධ ධර්මයේ මුල් ඉගැන්වීම් ‚ පාලි සාහිත්‍යය සහ වෙනත් දහම් පාසල් තුළින් යොමු කරන්නා වූ ශාස්ත්‍රිය ඉගැන්වීම් මීට ඇතුළත් වේ.

පාලි සාහිත්‍යය පාලි සාහිත්‍යයේ විඥානය යනුවෙන් සමානාර්ථ පදයක් බොහෝ විට යොදා ගන්නේ බෙලහීන ශාරීරික ද්‍රව්‍යයක අරුත කියා පාන්නටය. පාලි වගන්ති රැසකම විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ විඥානය යනුවෙන් හඳුන්වා ඇත්තේ ඉහත සඳහන් පරිදි සචේතනයයි. ඒ වාගේම ඒය අවස්ථා තුනකදී මෙලෙස සඳහන් කොට ඇත.

ප්‍රත්‍යර්ථ පදයක් ලෙස යොදා ගෙන ඇත්තේ අවබෝධයේ පදනම් විස්තර කිරීම සඳහාය. “සියලු” යන්ගේ අර්ථය හුවා දක්වන්නටද යොදා ගැනේ. “සබ්බ”
ගැහැටයන්ගේ (දුක) මුල් හේතුව කියාපාන්න ‚ අල්ලා ගැනීමේ(උපාදාන) එකුවන් (ඛන්ධ) 5න් එකක් ලෙස යොදා ගෙන ඇත.
ඒවාගේම පාධීන උත්පත්තිය (පටිච්චසමුප්පාදය) කරුණු 12න් එකක් ලෙසත් යොදාගෙන ඇත.

අභිධර්මයෙහි සටහන් කර ඇති පාලි ග්‍රන්ථ වල විඥානය තවත් කොටස් 89කට වෙන්කොට ඇත.

අවබෝධයේ පදනම් ප්‍රත්‍යර්ථද

බුද්ධ ධර්මයේ අවබෝධ පදනම් හය විස්තර කර ඇත්තේ ඇස‚ කණ‚ නාසය‚ දිව‚ ශරීරය සහ මනස යනුවෙන්ය. ඒවාගේම විඥාන වර්ග හය වන්නේ දැකීමේ විඥානය‚ ඇසීමේ විඥානය‚ නාසයේ විඥානය‚ දිවෙහි විඥානය‚ ශරීරයේ විඥානය සහ සිතෙහි විඥානයයි. උදාහරණයක් වශයෙන් මෙම පෙළගැස්මෙදී කණ සහ ශබ්දය ඇති විට ඒ අදාල විඥානයන් හට ගනී. මෙම මූල ධාතුන් තුන තිබෙන කල්හි ඇති වන්නේ තෘෂ්ණාවයි. සබ්බ සූත්‍ර දේශනාවේ“සර්ව” (සියල්ල) යන්නට විඥාන හය ඇතුළත් වේ. මෙම සියල්ල ඇතුළත රාගය, පිළිකුළ මෝහය සහ දුක යන කරුණු වේ. එම නිසා මේ දුක්ඛ භාවය නැති කිරීමට සියලු මුළාවීම් වලින් මිදිය යුතුවේ. එබැවින් විඥානයේ ගති ලක්ෂණ මෙසේ සඳහන් වේ.
විඥානය ඇති වන්නේ භෞතික හැඟීම් මුල් කොට ගෙනය.
සචේතිනක වර්ග හය එකින් එකට වෙනස්ව පවතී.
සචේතිනකන් වෙන් වෙන්ව සිතමුල් කොට ගෙන හට ගනී.
සචේතිනකයේ නිමාව ආරම්භය සිට හඳුනා ගත හැකි වේ.
සියලු තෟෂ්ණාවන් විඥානයන් හරහා හට ගනී
එම නිසා සියළු දුක්ඛයන්ගෙන් ඈත් වීම සඳහා විඥානයන් හට ඇල්මක් නොදැක්විය යුතුවේ.

සංස්කාර බෞද්ධයාගේ විඥානය යනු සම්භාවනීයත්වයෙන් අර්ථ දැක්වූ සංස්කාර ධර්මයන් 5න් එකකි. ඉතිරි 4 වන්නේ රූප‚ වේදනා‚ සංඥා‚ සහ සංඛාරා යන්නයි. සංයුක්ත නිකායයේ බුදුන් වහන්සේ විඥානය පැහැදිලි කරන්නේ මෙලෙසය.

විඥානය යනුවෙන් හඳුන්වෙන්නේ මන්ද? දතහැකි දෙයක් බැවිනි. එයට දත හැකි වන්නේ කිනම් දෙයක්ද? දත හැකි වන්නේ රස⁄නීරස භාවය සහ ක්ෂාර ⁄අක්ෂාර හාවයයි. ( වෙන්කර) දත හැකි භාවය නිසා විඥානය යනුවෙන් හැඳින් වේ.

මෙවන් අන්දමේ දැනුවත් කිරීමක් ඉතාමත් පැහැදිලි වාගේම ඉතා කල්පනාකාරීව සිතිය හැකිය. ඉහත සඳහන් දේශනයේම සංඥා නැමැති සංස්කාර ධර්මයත් මෙලෙස පැහැදිලි කර ඇත.

සංඥා යනුවෙන් හඳුන්වෙන්නේ මන්ද? එමගින් තේරුම් ගැනීමක් සිදුවෙන බැවිනි.කිනම් දෙයක් තේරුම් ගැනේද? යම්කිසි දෙයක පිටතින් විහිදෙන ස්වභාවය තේරුම් ගැනේ

පරාධීනත්වයේ ආරම්භය

විඥානය පරාධීනත්වයේ ආරම්භයෙහි නිධාන දොළහෙන් තුන්වැනි නිධානය වේ.

සිත කයෙහි අ‍න්‍යෝන්‍ය රැඳියාව

විඥානයෙන් නාම-රූප බිහි වේ.

පුනුරුත්පත්තිය

කෙනෙකුගේ විඥානයට අනූව පුනරුත්පත්තිය සිදු වේ.

සමකාලීන භාවිතය තායි බෞද්ධාගම විඥානය අර්ථ දක්වන්නේ මරණින් පසු ශරීරයෙන් පිටත් වන චින්තනය යනුවෙනි..

සටහන්[සංස්කරණය]

https://en.wikipedia.org/wiki/Vijnana

මනසවිඥානයේ උපත පහදා දෙන්න...

"https://si.wikipedia.org/w/index.php?title=විඥානය&oldid=396107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි