විඤ්ඤාණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

විඤ්ඤානය හෝ විඤ්ඤාණය යන ශිර්ෂ සමග සබැදින්න.

චිත්ත වේගය නොහොත් විඤ්ඤාණය.(විඤ්ඤාණ ධාතුව) ඇතැමෙක්‌ විඤ්ඤාණය හඳුන්වන්නේ දැනෙනවා යනුවෙනි. නමුත් ඒ අදහස නිවැරැදි යෑයි කිව නොහැකියි. දැනෙන්නේ විඤ්ඤාණයට නොවේ. විඤ්ඤාණය වේගයක්‌ පමණයි. විඤ්ඤාණ වේගය විසින් නාම සහ රූප එක්‌කර සකස්‌ කළ සංස්‌කරණය කළ සිතටයි දැනෙන්නේ. විඤ්ඤාණයට නොවේ. 'විඤ්ඤාණ පච්චයා නාම රූපං'. ඔය කාර්යයේදී විඤ්ඤාණය නිරත වන්නේ සලායතනවලයි. මායාකාරී ආධ්‍යාත්මික ආයතන හෙවත් ආධ්‍යාත්මික රූප කරා ඇදී ඒම ස්‌වභාවදහමයි. මෙය කෙනෙක්‌ කරන දෙයක්‌ නම් නෙමේ, හේතු ඵල දහමකි. හේතුව වන්නේ ආයතනවල ඔපයයි. ඵලය වන්නේ රූපය ඇදී ඒමයි. මෙසේ ක්‍රියාවන් තිබුණාට කරන කෙනෙක්‌ නම් නැත.

ඔබ දන්නවානේ ඇත්ත නොදැක්‌කොත් තෙරක්‌ නොපෙනෙන ලොවේ සැරිසරන බව.

දැන් ඉතින් ආධ්‍යාත්මයේ (විඤ්ඤාණය සහිත ආයතනයේ) ඔප රූපයයි බාහිර රූපයයි එක්‌ වුණානේ (ආයතනයේ) ඔපය නිසා. මේ රූප රූප එක්‌ වූ කල චිත්ත වේගය මතුවීම ස්‌වභාවයයි. කෙනෙක්‌ නම් මවාගන්න යන්න එපා. මේ හේතුඵල දහමක්‌මයි. හේතුව - ආධ්‍යාත්මික ආයතනයේ ඔපය. ඵලය බාහිර රූපයේ ඡායාව වැටීම. එවිට දෙකක්‌ එක්‌ වේ.

'ද්වයං පටිච්ච'

අපි ටිකක්‌ විමසා බලමු ඊළඟට මොකද වෙන්නේ කියල. රූප.... රූප... එක්‌ වුණාම (චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං) චිත්ත වේගය මතුවීම තමයි ස්‌වභාවදහම.

ද්වයං පටිච්ච විඤ්ඤාණං උප්පඡ්ජතී'

හේතුව - රූප රූප එකතු වීම

ඵලය - වේගය (විඤ්ඤාණ - සිත) මතු වීම ( උදා. ජලයේ රැළි මතුවීම)

'තින්නං සඟති පස්‌සෝ' මෙය හේතුඵල දහමක්‌ විනා කෙනෙක්‌ කරන දෙයක්‌ නොවෙයි නේද? ඊළඟට මොකද වෙන්නේ කියා බලමු. රූප... රූප... එක්‌වෙලා නිසා දැන් දැනෙනවා (එස්ස). දැනෙන්නේ මේ තුන එක්‌වූ කල සිත සැදුණු නිසයි.

"විඤ්ඤාණය ගැන පවා බුදු රජාණන් වහන්සේ සමහර විට සූත්‍ර දෙකක පළ කරන්නේ වෙනස් අදහස්ය. ඒ ඒ අවස්ථාවට අනුකූලවය. විඤ්ඤාණය පිළිපද තරමක් හෝ වියුක්ත අර්ථකථනයක් සාදා ගැනීමට අභිධර්මය ඇවැසි වෙයි. එහෙත් ඒ අර්ථද එක් එක් පුද්ගලයා ගන්නේ තම ඉන්ද්‍රියන්ට සාපේක්ෂවය (මනසද ඉන්ද්‍රියකි). මේ ධර්මයේ ඇති ගුණයකි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤොහි යන්නෙන් කියවෙන්නේ ධර්මය ඒ ඒ පුද්ගලයා තම තම ණැන පමණින් ගන්නා බවය. ඕපනයික යනු තමා තුළට පමුණුවා ගෙන බලන බවය. එවැනි ධර්මයක වාස්තවික ප්‍රවාද ඇති වීමට ඉඩක් නැත. ගුරුත්වාකර්ෂණ ප්‍රවාද ඕපනයික නැත. පුද්ගලයාගෙන් පුද්ගලයාට (හෝ වස්තුවෙන් වස්තුවට) වෙනස්වන ගුරුත්වාකර්ෂණ ප්‍රවදයක් බටහිර විද්‍යාවේ නැත."[1]

ආශ්‍රේය[සංස්කරණය]

  1. http://www.yuthukama.com/2014/09/Bauddayo.html#sthash.idkd2rYo.dpuf
"https://si.wikipedia.org/w/index.php?title=විඤ්ඤාණය&oldid=425058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි