විජිත දහතුන
Jump to navigation
Jump to search
විජිත දහතුන | ||||||||
එංගලන්තයේ විජිත (1607–1707) මහා බ්‍රිතාන්‍යයේ විජිත (1707–1776) | ||||||||
| ||||||||
1775 වසරෙහිදී විජිත දහතුන (රතු පැහැයෙන්).
| ||||||||
අගනුවර | එංගලන්තයේ ලන්ඩනය වෙතින් පරිපාලනය කෙරිණි | |||||||
භාෂා | ඉංග්‍රීසි, ප්‍රංශ, බොහෝ ස්වදේශීය භාෂා | |||||||
ආගම | ඇංග්ලිකානුවාදය, ප්‍රොතෙස්තන්තවාදය, ජුදා ආගම, රෝමානු කතෝලික, දේශීය ඇමරිකානු ආගම | |||||||
රජය | ව්‍යවස්ථාදායකමය රාජාණ්ඩුව | |||||||
රාජාණ්ඩුව | ||||||||
• | 1607–1625 | පළමුවන සහ හයවන ජේම්ස් රජ (පළමු) | ||||||
• | 1760–1783 | තුන්වන ජෝර්ජ් රජ (අවසන්) | ||||||
ඉතිහාසය | ||||||||
• | රොවනෝක් විජිතය | 1585 | ||||||
• | වර්ජීනියා විජිතය | 1607 | ||||||
• | නිව් ඉංග්ලන්ඩ් | 1620 | ||||||
• | රෝඩ් අයිලන්ඩ් ඇන්ඩ් ප්‍රොවිඩන්ස් ප්ලාන්ටේෂන්ස් විජිතය සඳහා දෙවන චාල්ස් රජුගේ අධිකාර පත්‍රය | 1663 | ||||||
• | රූපට්ස් ලෑන්ඩ් | 1670 | ||||||
• | හූට්රූක්ට් ගිවිසුම | 1713 | ||||||
• | පැරිස් ගිවිසුම | 1763 | ||||||
• | පැරිස් ගිවිසුම | 1783 | ||||||
Population | ||||||||
• | 1625[1] est. | 1,980 | ||||||
• | 1775[1] est. | 2,400,000 | ||||||
ව්‍යවහාර මුදල | පවුම් ස්ටර්ලිං, විජිත මුදල්, ණයවර බිල්, භාණ්ඩ මුදල්. | |||||||
| ||||||||
වර්තමානයෙහි මෙහි කොටසකි | ![]() | |||||||
Warning: Value specified for "continent" does not comply |
විජිත දහතුන යනු, 17වන සහ 18වන සියවස්හිදී ඇරඹුනු සහ උතුරු ඇමරිකාවෙහි නැගෙනහිර වෙරළෙහි පිහිටි බ්‍රිතාන්‍ය විජිත සමූහයක් වන අතර, 1776 වසරෙහිදී නිදහස ප්‍රකාශයට පත් කොට එක්සත් ජනපදය පිහිටුවා ගත්හ. මෙම විජිත දහතුන වූයේ: ඩෙලවෙයා, පෙන්සිල්වේනියා, නිව් ජර්සි, ජෝර්ජියා, කනෙටිකට්, මැසචූසට්ස් බේ, මේරිලන්ඩ්, දකුණු කැරොලිනා, නිව් හැම්ප්ෂයර්, වර්ජීනියා, නිව්යෝර්ක්, උතුරු කැරොලිනා, සහ රෝඩ් අයිලන්ඩ් ඇන්ඩ් ප්‍රොවිඩන්ස් ප්ලාන්ටේෂන්ස්.
විජිත දහතුන වෙත බෙහෙවින් සමාන දේශපාලනමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නීති පද්ධතීන් වූ අතර, ඒවයේ ප්‍රමුඛ ස්ථානය ගත්තේ ප්‍රොතෙස්තන්ත ආගම අදහන ඉංග්‍රීසි භාෂාව කතා කරන්නන් වූහ. වර්තමාන කැනඩාව සහ කැරිබියානු දේශය මෙන්ම නැගෙනහිර සහ බටහිර ෆ්ලොරිඩාව යන්නන්ගේ විජිතයන්ගෙන් සමන්විත වූ ඒවා නව ලෝකයේ බ්‍රිතාන්‍ය සන්තකයන්ගේ කොටසක් විය.