විජිතා ප්‍රනාන්දු

විකිපීඩියා වෙතින්

විජිතා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදිනියක් මෙන්ම පරිවර්තකයෙක් සහ ප්‍රබන්ධ රචනා කරන්නියක්ද වන්නීය. ඇය “ Gratiaen” ත්‍යාග ලාභිනියක්ද වන ඇය ශ්‍රී ලංකාවේ රාජ්‍යය සාහිත්‍යය සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

ලංකා සරසවියෙන් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ඇය “Ceylon Daily News” පුවත්පතේ විශේෂාංග ලේඛිකාවක් සහ කාන්තා පිටුවෙහි සහ ළමයින්ගේ පිටුවෙහි සංස්කාරකවරිය ලෙස අවුරුදු 30 කට වැඩි කාලයක් සේවය කළාය. ඇය දැනට කාන්තා විශේෂාංග (WFSP) පුවත්පත් කලාවේදිනියක් ලෙස කටයුතු කරන්නීය. මෙම ආයතනය ලෝකය පුරා විසිරී සිටින කාන්තාවන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලා සිය අදහස් ප්‍රකාශ කරන කාන්තා පුවත්පත් කලාවේදිනියන්ගේ ජාලයකි.එහි කාර්යාල නිව්යෝර්ක්, මැනිලා, රෝමය සහ දිල්ලියෙහි පිහිටා ඇත. ඇය විසින් දේශීය ඉංග්‍රීසි භාෂා පුවත්පත්වලට දෙනුලබන දායකත්වයට අමතරව “ Islam Online” හි සෞඛ්‍යය හා විද්‍යා පිටුවටද සිය දායකත්වය සපයනු ලබයි. එය කයිරෝ අගනුවර මුල්කරගත් ප්‍රවෘත්ති හා ප්‍රවර්ධන වෙබ් ජාලයකි.


Daily News පුවත්පතෙහි සේවය කරන අතරතුර ඇය එහි කලා පිටුව සඳහා සිංහල කෙටිකතා පරිවර්තනය කිරීම ආරම්භ කළාය. එම පරිවර්තන වලින් 100 ක් පමණ 1960 සහ 1970 දශකයන්වලදී Daily News පුවත්පතෙහි පලවිය. පරිවර්තන කාර්යය සඳහා ඇය තුළ පැවති මෙම ආශාව නොනැසී දිගටම පැවතුණි. ඇය දැනට සිංහල නවකතා පහක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කොට ඇත.

Women Writing : පරිවර්තන, නම් වන ඇයගේ කාන්තා කෙටිකතා එකතුව වෙනුවෙන් 2002 වර්ෂයේදී ඇයට රාජ්‍යය සාහිත්‍යය සම්මානය හිමි වූවාය. ඇය විසින් ගුණදාස අමරසේකර ශූරීන්ගේ නවකතා දෙකක් පරිවර්තනය කරනු ලැබුවාය.ඒ අතරින් ‘අඳුරෙන් එළියට’ නවකතාව සඳහා ඇය 2003 වර්ෂයේදී ‘Gratiaen’ ත්‍යාගයෙන්ද,2004 වර්ෂයේදී රාජ්‍යය සාහිත්‍යය සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

එසේම ඇය විසින් ඇයගේම ප්‍රබන්ධද රචනා කරනු ලබන්නීය. ඇය කෙටිකතා එකතු දෙකක් වන ‘Eleven Stories (1985) and once’ සහ ‘on a Mountainside (1995) මෙන්ම ඉංග්‍රීසි ළමා කතා පොත් දෙකක් වන ‘ The Kitemaker’ සහ ‘ A civet Cat in our well !’ යන කෘතීන් ප්‍රකාශයට පත්කොට ඇත‍. මෑතකදී ඇය විසින් ‘අන්දරේ සහ මහදැනමුත්තා’ මුල්කර ගත් ජනකතා එකතු දෙකක් ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර සිබිල් වෙත්තසිංහගේ සිතුවම්ද සහිතව ප්‍රකාශයට පත් කළාය.

ඇය වර්තමානයේදී පවුල් සේවා සඳහා වන ආයතනයේ සභාපතිනිය වන්නීය. මෙය ආචාර්ය මනෝරාණි සරවනමුත්තු මහත්මිය පුරෝගාමීව කරගෙන යන, ගැටුම්වලට ගොදුරු වූ කාන්තාවන් සහ ළමයින් සඳහා වන රාජ්‍යය නොවන සංවිධානයකි. ඇය SLACLALS, ඉංග්‍රීසි කතුවරයාගේ සංගමය සහ ‘ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කාන්තාවන්ගේ සංගමය’ යන සංගම්වලද සාමාජිකත්වය දරන්නීය.

ඇය වෙසෙන්නේ ‘වැලිකඩවත්තේ’ බුද්ධිමතුන්ගේ ප්‍රජාවෙහිය. එය ඇය‍ගේ මිය ගිය ස්වාමියා වූ B.J.B (‘බොනී’) ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද්දකි.

"https://si.wikipedia.org/w/index.php?title=විජිතා_ප්‍රනාන්දු&oldid=472133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි