විජය ගොඩකුඹුර

විකිපීඩියා වෙතින්
විජය ගොඩකුඹුර
Wijaya Godakumbura
උපත
රාස්සගල පැල්මඩුල්ල ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයපැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය
නාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවවිශේෂඥ ශෛල්‍ය වෛද්‍ය
ප්‍රසිද්ධව ඇත්තේසුදීප ආරක්ෂිත කුප්පි ලාම්පුව නිර්මාතෘ හා ප‍්‍රවර්ධකයා
තනතුරවිද්‍යාජෝති
ආගමබෞද්ධ

විද්‍යාජෝති වෛද්‍ය විජය ගොඩකුඹුර (ඉංග්‍රීසි: Wijaya Godakumbura) යනු විශ්‍රාමික විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය වරයෙකි. ඔහු සුදීප ආරක්ෂිත කුප්පි ලාම්පුව (සේfප් බොටල් ලෑම්ප්) නිර්මාතෘ හා ප‍්‍රවර්ධකයා වෙයි.

ජීවන සටහන්[සංස්කරණය]

විජය කොළඹ නාලන්දා වෙන් උසස් පෙළ ඉහළින්ම සමත් වී 1959 දි කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා.

1964දී වෛද්‍ය වරයකු ලෙස රාජ්‍ය සෞඛ්‍ය සේවයට එක් වී 1970 දශකය මුල බි‍්‍රතාන්‍යයේ විශේෂඥ පුහුණුව ලද ඔහු, පිලිස්සුම් අනතුරු වැළැක්වීම හා ඒවාට ප‍්‍රතිකාර කිරීම ගැන ලොව පිළිගත් විද්වතෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය හා විදෙස් රටවල් ඔහුගෙන් උපදෙස් ලබා ගන්නවා. ඔහු දිවයිනේ රෝහල් ගණනාවක ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් රෝගීන් දහස් ගණනක් සුවපත් කළ ඇත.

විජයගේ සුදීප ආරක්ෂිත කුප්පි ලාම්පුව ජාත්‍යන්තර Rolex සම්මාන සඳහා 1998 දීද නෙදර්ලන්තයේ හේග් නුවර පැවැති පස්‌ වැනි වාර්ෂික World Challenge 2009 සම්මාන උළෙලේ ප්‍රථම ස්‌ථානය කරගෙන ඇත. CNN. Reader's Digest, Newsweek yd BBc ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මේ නිර්මාණය ගැන ප‍්‍රශංසාත්මකව වාර්තා කොට තිබෙනවා.

විජය ගොඩකුඹුර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. නාලන්දාවෙදි පාපන්දු මලල ක්‍රීඩා ආදියේ විජය නිරත විය.

ආශ්‍රිත[සංස්කරණය]

  • "ශ්‍රී ලංකාවේ ආරක්‌ෂිත කුප්පි ලාම්පුව World Challenge 2009 සම්මානයෙන් පිදුම් ලබයි". vidusara. 2009/12/23. {{cite web}}: Check date values in: |date= (help); Cite has empty unknown parameter: |1= (help)
"https://si.wikipedia.org/w/index.php?title=විජය_ගොඩකුඹුර&oldid=601552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි