විකිපීඩියා:Request an account

විකිපීඩියා වෙතින්


බොහෝ අවස්ථා වලදී පරිශීලකයන්ට ආධාර උපකාරයකින් තොරව ගිණුම් තැනීම සිදු කල හැකිය. කෙසේ වුව ද, (CAPTCHA රූපය හෝ අපේක්ෂිත පරිශීලකනාමය වැනි) ගැටළු පැනනගින අවස්ථා වල දී, ගිණුමක් ඉල්ලා සිටීම මගින් තමන් වෙනුවෙන් ගිණුමක් නිර්මාණය කරවා ගනු ලැබීමට පරිශීලකයන්ට හැකිය.[1] පළමුව ඔබ ඉල්ලා සිටින පරිශීලකනාමය පරිශීලකනාම ප්‍රතිපත්තියට අනුකූල බව තහවුරු කරගෙන, ගිණුමක් තනා ගැනීම සඳහා පහත උපදෙස් පිළිපදින්න. ඔබ එක් විකිපීඩියා ගිණුමක් පමණක් භාවිත කල යුතු බව පොදු කරුණක් ලෙස සටහන් කර ගන්න. ඔබට දැනටමත් ගිණුමක් පවතී නම්, අමතක වූ මුරපදය ලබාගැනීම හෝ ඔබේ පරිශීලකනාමය වෙනස් කිරීම සිදු කල හැකිය.

පරිශීලකනාම ප්‍රතිපත්තිය

පරිශීලකනාම ප්‍රතිපත්තිය ප්‍රවර්ධන, නොමඟ යවන හෝ ප්‍රහාරාත්මක පරිශීලකනාම වැලැක්වීම සිදු කරයි.

  • ප්‍රවර්ධන පරිශීලකනාම:
    • පවතින සමාගමක, සංවිධානයක, කණ්ඩායමක හෝ වෙබ් අඩවියක (ලාභ-නොලබන සංවිධාන ද සමඟ) නාම ඇතුළත් වේ.
    • වසම් නාම (domain names) හෝ විද්‍යුත් තැපැල් ලිපින ඇතුළත් වේ.
  • නොමඟ යවන පරිශීලකනාම:
    • කීර්තිමත් පුද්ගලයන් ගේ නම්, විශිෂ්ට ලෝක චරිත හෝ ඉසව් හෝ ඥාත විකිපීඩියානුවන් ගේ නම් වලට සමාන පරිශීලකනාම
    • "bot" හෝ "script" වැනි ස්වයංක්‍රිය සංස්කරණ ක්‍රියාවලිය හැඳින්වීමට භාවිත කරන වචන ඇතුළත් පරිශීලකනාම
    • "admin" හෝ "sysop" වැනි විකිපීඩියාවේ අධිකාරිත්වය අඟවන පදවිනාම ඇතුළත් පරිශීලකනාම
  • අපහාසාත්මක/ප්‍රහාරාත්මක පරිශීලකනාම

උපදෙස්:

  1. පහතින් දක්වා ඇති සබැඳි පිටුවේ ක්ෂේත්‍ර දෙකම පුරවන්න.
    • සටහන: ගිණුම් ආපසු ලබාගැනීම හෝ මකාදැමීම සිදු කිරීමට අපට හැකියාවක් නොමැති බව කරුණාකර අවබෝධ කරගන්න. ඔබට විද්‍යුත් තැපැල් ලිපිනය හෝ මුරපදයක් අමතක වුවහොත් එය නැවත ලබාගැනීමට අපට කල නොහැක. මෙයට ඇති එකම විසඳුම ගිණුමක් තැනීම සහ usurpක් ඉල්ලා සිටීමයි.
  2. Check your e-mail inbox for any possible updates or problems that may occur with your request. A request may be fulfilled in several minutes, or it may take longer depending on certain factors, so please be patient. Be sure to check your "spam" folder if you have not received an e-mail within several hours, although the process may take longer on rare occasions.
    • ඔබේ ගිණුම සාර්ථකව නිර්මාණය කල පසු, ඔබට wiki‐at‐wikimedia.org වෙතින් ඔබේ ප්‍රවිෂ්ට වීමේ සාක්ෂිපත්‍ර ඉදිරිපත් කරන ස්වයංක්‍රිය විද්‍යුත් ලිපියක් ලැබෙනු ඇත. මේවා, ඔබට කඩිනමින් නව මුරපදයක් නිර්මාණය කර ගැනීමට ප්‍රවිෂ්ට වීම (log in) සඳහා භාවිත කල හැකිය.



වැඩිදුර තොරතුරු[සංස්කරණය]

  • ඔබට තවදුරටත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම්, කරුණාකර සාකච්ඡා පිටුවෙහි ඔබේ අවශ්‍යතාවය සඳහන් කරන්න.
  • පරිපාලකවරු සහ පළපුරුදු පරිශීලකයන්: ඉල්ලීම් (ගිණුමක් සෑදීම ඇතුළුව) හමුවේ ක්‍රියා කල යුත්තේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් සඳහා Wikipedia:Request an account/Guide සහ w:en:Wikipedia:Request an account/Administrators බලන්න.

සටහන්[සංස්කරණය]

  1. ඇතැම් පරිශීලකයන් නාශකවාදය සඳහා ස්වයංක්‍රිය ව ගිණුම් නිර්මාණය කරගන්නා බැවින්, පවතින පරිශීලකනාම වලට ආසන්න ලෙස හෝ සමාන පරිශීලකනාම නිර්මාණය සහ පිවිසුම් ක්‍රියාවලිය සඳහා රූපයක් (CAPTCHAවක් ලෙස හැඳින්වෙන) එකතු කිරීම (පරිශීලකයන් ස්වයංක්‍රිය ක්‍රියාවලියක් භාවිත නොකරන බැව් තහවුරු කර ගැනීම සඳහා) වැලක්වීමට විකිපීඩියාව කටයුතු යොදා ඇත. ඔබ ගිණුමක් තැනීමට උත්සාහ කල ද, තෝරාගත් පරිශීලක නාමය පවතින පරිශීලක නාමයකට බොහෝ සමාන වීම නිසා හෝ ඔබ තිර කියවනයක් භාවිත කරන නිසා CAPTCHAව කියවා ගැනීමට නොහැකි වීම නිසා හෝ බ්රවුසරය රූප වලට සහයෝගය නොදක්වන නිසා හෝ ගිණුමක් තනා ගැනීමට නොහැකි වූයේ නම්, ඔබ දැන් පැමිණ සිටින්නේ නිවැරදි තැනටයි.
"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:Request_an_account&oldid=621571" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි