විකිපීඩියා:FirstEdit

විකිපීඩියා වෙතින්

මෙය ඔබේ පළමු සංස්කරණය විය හැකිය[සංස්කරණය]

ඔබ විකිපීඩියාවට නවක නම්, ඔබ විකිපීඩියාව සංස්කරණය සඳහා දායක වීමට කැමති නම්, මෙය ඔබේ පළමු සංස්කරණය විය හැකි ය.

1- වම් පස ඇති මෙවලම් තීරුවෙන් අහඹු පිටුව ඔබන්න
2- දැන් ඔබව කිසියම් අහඹු පිටුවකට ගෙනු යනු ඇත. උදාහරණ ලෙසට ඔබ මෙම පිටුව වෙත ගෙන ගියා යැයි සිතන්න.

එම පිටුවේ ඇති මේ වැරදි බලන්න. එසේ ම ඔබ පිවිසුණු අහඹු පිටුවේ ද මෙවන් අක්ෂර වින්‍යාසය වැරදි තැන් ඔබට සොයා ගැනීමට හැකි වනු ඇත.

3- දැන් ඔබේ පිටුවේ ඇති සංස්කරණය කරන්න සබැඳුම (ලින්ක් එක) ඔබන්න. එවිට ඔබට මෙම පිටුව සංකරණය කළ හැකි වනු ඇත.
4- දැන් ඔබේ වෙනස සිදු කරන්න. එනම් නිවැරදි අකුරුවලින් අදාළ වචනය වෙනස් කරන්න.
5- දැන් ඔබේ වෙනස්කම බලා ගැනීමට පෙරදසුන පෙන්වන්න බොත්තම ඔබන්න.
6- දැන් ඔබේ වෙනස්කම සුරැකීමට පිටුව සුරකින්න බොත්තම ඔබන්න. එවිට ඔබෙ වෙනස්කම විකිපීඩියාවට එක් වේ. ඔබ සාර්ථක සංස්කරණයක් සමගින් විකිපීඩියාව දියුණු කිරීමට සහාය දක්වා ඇත.
"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:FirstEdit&oldid=533448" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි