විකිපීඩියා:විද්‍යාව-බටහිර, නවීන සහ බෞද්ධ

විකිපීඩියා වෙතින්

සයන්ස් යන ඉංග්‍රීසි පදය සඳහා, සිංහල විකිපීඩියාව තුල සමහරක් විකිපීඩියානුවෝ නවීන විද්‍යාව යන පදයද තවත් සමහරෙක් බටහිර විද්‍යාව යන පදයද භාවිතා කරති. මෑතක සිට මෙම නවීන විද්‍යාව යන පදය භාවිතය කිසියම් ව්‍යාපාරයක හෝ මෙහෙයුමක කොටසක් බවට පත්ව ඇත. සයන්ස් යන පදයට විද්‍යාව යන්න භාවිතා කරන ඉතා සුළු පිරිසට විරුද්ධව කිසියම් විකිපීඩියානු පිරිසක් සංවිධානය වී සිටිති. මොවුන් කෙතරම් සංඛ්‍යාවක්ද යන්න අභිරහසක්ව ඇත්තේ විකිපීඩියාව තුල කණ්ඩායම් ප්‍රබලතාවය කෘත්‍රිම ලෙස උලුප්පා දැක්වීමට ඉමහත්වූ ක්‍රම ඇති හෙයිනි.

සයන්ස් යන ඉංග්‍රීසි පදය සඳහා, නවීන විද්‍යාව හෝ බටහිර විද්‍යාව හෝ ලෙසින් භාවිතා කිරීම මෑතකදී පැන නැගුනක් නොවේ. ඊ. ඩබ්. අදිකාරම් මහතා “නවීන විද්‍යාව“ නමින් සිංහල විද්‍යාව සඟරාවක් ආරම්භ කලේ 1940 ගණන් වලදීය. එතුමා පොත් විශාල සංඛ්‍යාවක් ලියා ඇති අතර විද්‍යාව පිළිබඳ ගුවන් විදුලි කතා මාලාද සිදු කර ඇත. එනමුදු දශක සතක් අනතුරුව වුවද “නවීන විද්‍යාව“ යන පදය සිංහල සමාජයට අනුගත වී කොමැත. සංහල පුවත්පත්, සඟරා, ගුවන් විදුලිය, රූපවාහිනිය අාදියෙහි “නවීන විද්‍යාව“ යන්න භාවිතා නොවේ. එසේ නොවන්නේ, මහජනයා එය භාවිතා නොකරන නිසාය. ඉහත දැක්වූ මාධ්‍යයන් විසින් “නවීන විද්‍යාව“ යන පදය භාවිතා කලහොත් "මොකක්ද ඒ?" කියා පාඨකයන්/ප්‍රේක්ෂකයන් විමසනු ඇත. ජන මාධ්‍යයක් ජනතාවට සමීප විය යුතු නිසා එය එවැනි විරල පද භාවිතා නොකරයි. අනෙක් අතට මෙම “නවීන විද්‍යාව“ යන පදය හඳුන්වාදීමට රාජ්‍යයට හෝ අවශ්‍ය නැත. එසේ අවශ්‍යතාවයක් පවතියි නම් අධ්‍යාපනය තුලින් එය පහසුවෙන් කල හැකිව තිබුණි. විෂයමාලාවෙහි "විද්‍යාව" වෙනුවට "නවීන විද්‍යාව" යෙදුවෙහි නම් පෙළ පොත් වල "නවීන විද්‍යාව" යන්න යෙදුවෙහි නම් දශකයකට අඩු කලකදී එම භාවිතය සරි වනු ඇත. එනමුදු එසේ සිදුවීද නොමැත. මහජනතාවට හෝ රාජ්‍ය පාලකයන්ට හෝ අවශ්‍ය නොමැති නම් මෙම "නවීන විද්‍යාව" භාවිතය අවශ්‍යව ඇත්තේ කුමන සමාජ කොටසකටද? එය කිසියම් විලාසිතාවක්ද? කිසියම් සංවිධානයක හෝ මෙහෙයුමක හෝ කොටසක්ද?

විද්‍යාව යන්න නවීන යැයි පර්යාය පදයක් යොදා හැඳින්වීමට තරම් සුදුසුද යන්න විමසිය යුතු කරුණකි. අහසෙහි සූර්යයාගේ දෘශ්‍ය චලනය දුටු ආදි මිනිසා එය අධ්‍යයනය කොට එහි රටාව අවබෝධ කොට ආදි දින දර්ශන තැනූහ. එම දින දර්ශන ජන ජීවිතයට භාවිතා කලහ. පිරමිඩ වැනි විශාල ගොඩනැගිලි ඉදි කලහ. මේ අතර භූතයන්, ප්‍රේතයන්, දේවතාවුන්, ලොකෝත්තර බලවේග, මායාවන්, ආදි ආගමික මතවේදයන්ද ඔවුන් විසින් තැනුනි. මිනිස් ජීවිතය රටාවකට පවත්වා ගෙන යෑමට නීති හා සමාජ චාරිත්‍ර පද්ධතීන්ද තැනූහ. මේ සියල්ල අතුරින් ස්වභාවික දේ සිදුවන ආකාරය අවබෝධ කර එය ජන ජීවිතයට භාවිතා කිරීම විද්‍යාව විය. එසේ අවබෝධ කර ගත නොහැති තැන දේවත්වයක් ආරූඨ කලහ. එසේ එකල පැවති විද්‍යාව නවීන විද්‍යාවද? බටහිර විද්‍යාවද? මෙකල මිනිසුන් පර්යේෂණ නොකලහ. එනමුදු ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ කලහ. එය විද්‍යාව විය.

ක්‍රිපූ 33 වන සියවසෙහි පවා ඊජිප්තුවෙහි වෛද්‍ය විද්‍යාව පැවතිණි. ක්‍රිපූ 3 වන සියවසෙහි චීනයෙහි විද්‍යාව පැවතුණි. මේවා සයන්ස් යන ඉංග්‍රීසි පදයෙන් විස්තර වන දෑය. මේවා සිංහලෙන් නවීන විද්‍යාව යන ගණයට වැටෙයිද?