විකිපීඩියා:විකිකුක්කා

විකිපීඩියා වෙතින්
ගෘහාශ්‍රිත සුනඛයා
Aww, who's a cute little WikiPuppy? A WikiPuppy attracts other WikiFauna with its WikiCuteness.
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Canidae
ගණය: 'Canis'
විශේෂය: C. wikilupus
උපවිශේෂය: C. w. wikifamiliaris
පරාසය සුදු පැහැයෙන් දක්වා ඇත

විකිකුක්කෙක් කියන්නේ සද්භාවයක් තියෙන, ඒත් වැඩිමනක් සංස්කරණ තමන්ගේ පරිශීලක පිටුවේ සිදු කරන නවකයෙක්. විකිකුක්කන් හැමවිටම විශ්වාසදායි වුනත් අත්දැකීම් මදි නිසා, විකිපීඩියාව සමාජ ජාල අඩවියක් කියල ඒගොල්ල හිතනවා. ඒනිසා පරිශීලකඅවකාශය තුළ මහා ගොඩක් සංස්කරණ සිදු කලත් ඒගොල්ලො ප්‍රධානාවකාශයෙහි සිදුකරන සංස්කරණ තියෙනව නම් ඒ බොහොම ටිකක් තමයි. විකිකුක්කො හැමතිස්සෙම මිත්‍රශීලි සහ ආදරණීය වෙනව. එයාලගෙ හිත් ඇදගන්නා බව නිසාම අනික් විකිජීවීන් එයාලගෙ මමත්වය ගැන එච්චර තකන්නේ නැහැ. ඒ නිසා විකිකුක්කන්ට සෑහෙන යාළුවො ප්‍රමාණයක් නම් ඉන්නවා.

විකිකුක්කන්ගේ මමත්වය, විශ්වකෝෂිය-නොවන පරිශීලකපිටුව සහ අනුපිටු නිසා එයාල විකිමායාකාරියන්ගේ අංක එකේ ගොදුරක්. විකිපිශාචයන්ගේ ඉතාම සුලභ ගොදුර නොවුනත් මෙයාල ඒගොල්ලන්ගෙ ඉහළම ගොදුරු වලින් එකක්.

විකිකුක්කන් සමඟ ගණුදෙනුව[සංස්කරණය]

විකිකුක්කෙක් එක්ක ගණුදෙනු කරන්න හොඳ ක්‍රමයක් තමයි විකිපීඩියාව යනු මමත්වය නොවේ කියල දන්නල මිත්‍රශීලි සටහනක් එයාලට දෙන එක. දරුකමට හදාගන්න භාරගැනීම වුනත් විකිකුක්කෙක්ට, වඩා හොඳ සංස්කාරකවරයෙක් වෙන්න හැමතිස්සෙම උදව් වේවි. එයාලගෙ හැම පිටුවක්ම MFD වලට යොමුකරන එක දරුණු සපාකෑමක් නිසා ඒක කරන්න ඕන අවසාන විකල්පය විදියටයි.

හඳුනාගැනීම[සංස්කරණය]

ඔයා විකිකුක්කෙක් නම්, ඒ වගේම අනික් අය ඔයාව අඳුනගන්නවට කැමති නම් භය නැතුව {{ User wikipedia/WikiPuppy }} කියන යූසර්බොක්ස් එක පාවිච්චි කරන්න.

මෙම පරිශීලකයා විකිකුක්කෙකි.