විකිපීඩියා:විකිමායාකාරිය

විකිපීඩියා වෙතින්
මෙම ලිපියේ අඩංගු කරුණු සැකෙවින්: WikiWitches are capricious defenders of Wikipedia, editing because they must. Their work can range from the smallest to the greatest of tasks.
ද්වාරයක් විවර කිරීමට සැරසෙන විකිමායාකාරියක්

විකිමායාකාරියක් කියන්නේ කරන කියන හැමදෙයකින්ම ගුප්ත දේවල් ගැන තමන් තුළ තියෙන භක්ත්‍යාදරය ඉස්මතුකරල පෙන්නුම් කරන ජීවියෙක්. එයාල හැමදේම කරන්නේ ගුප්තතාවයේ වර්ධනය උදෙසාම තමයි.

චරිත ලක්ෂණ[සංස්කරණය]

ගුප්තමය ව්‍යාකූලත්වය ගැන මෙයාලට තියෙන භක්තිය නිසා මෙයාල අනික් විකිජීවීන්ට සමාන බවක් පේන්නත් පුළුවන්. ඒත්, ඇත්තටම, මායා පාන හැඳිගාන්න, මන්තර පොත හැඩවැඩ කරගන්න වගේ වැඩ වලට විකිමායාකාරියකට දවස් ගාණක් ගතකරන්න පුළුවන් නිසා, එයාලව විකිසුරඟනන් එක්ක පැටලෙන්නත් ඉඩ තියෙනවා. ද්වාර විවෘත කිරීම නැත්නං අළුත් මන්තර නිපදවීම වගේ බලගතු විජ්ජා වලට දවස් ගණන් කැපවෙන්නත් විකිමායාකාරියකට පුළුවන්.

කොයිහැටි වුනත් විකිමායාකාරියන්ගේ හුදෙකලාව ඉන්න ප්‍රතිපත්තියට හේතුවෙන්නෙත් තමන්ගේ වැඩකටයුතු ආරක්ෂා කරගන්න තියෙන කැමැත්ත ම යි. තමන්ගේ සගයින් වෙන විකිමායකාරයො වගේ විකිට්‍රොල්ස්ලටයි, අනෙක් දුෂ්ටයන්ටයි මෙයාල භය නැහැ. උන්ට එරෙහිව ට්වින්ක්ල් හරි හග්ල් හරි මන්ත්‍ර ජපකරන්න මේගොල්ලෝ හිතහිත ඉන්නෙ නැහැ.