විකිපීඩියා:ලිපියක් ඇරඹීම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (1) - ACSA ගිවිසුමවිශාල පෙළ

හතරවන ඊලාම් යුද්ධයේ ආරම්භක අදියරයේදී ලංකාණ්ඩුව මුහුණ පෑ විශාලතම අභියෝගය වූයේ සටන් විරාම සමය තුල සැපයුම් අතින් බෙහෙවින් ශක්තිමත්ව සිටි එල්ටීටීඊයට මුහුණදීම සඳහා ප්‍රමාණවත් ගුවන් හා නාවුක බලයක් නොමැති වීමය. ඊශ්‍රායල විකුණුම් ලයිස්තු අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත් වූ බැවින් ඒ වෙනුවට යුක්‍රේනයෙන් මිග් යානා ලබා ගැනීමට හැකියාව තිබුනද මුහුදු මාර්ග ඔස්සේ නිරුප්‍රදිතව උතුරට ලඟාවූ එල්ටීටීයේ අවි සැපයුම් අඩාල කිරීම ඉතා අසීරු විය. රජයේ හමුදාවට මේ වන විට වැඩිම හානියක් සිදුවූයේ මුහුනට මුහුන ලා කෙරුන කෙටිදුර ගැටුම් වලින් නොව ඈත සිට එල්ල වූ බර අවි හා මෝටාර් ප්‍රහාර නිසාය. මේ තත්වය හමුවේ ලංකාණ්ඩුව අවි සඳහා වැඩි වැඩියෙන් චීනය වෙත යොමු වූ අතර එය ඇමෙරිකාණු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දැඩි කණස්සල්ලට හා කෝපයට හේතුවූ බව රහසක් නොවේ. කලාපය තුල වර්ධනය වන චීන බලය ට මුහුන දීම සඳහාඳැ වනවිට නව උපාය මාර්ග සලකා බලමින් සිටි වොෂින්ටනය ‘සේද මාවතේ’ උපාය මාර්ගික වශයෙන් වැදගත් පිහිටීමක් සහිත ලංකාව දුටුවේ තම ඉන්දු-පැසිපික් බල ඇණිය (US Indo-Pacific Command) සඳහා අතිශය යෝග්‍ය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙසය. එහෙයින් උතුරේ යුද්ධය අරබයා සාකච්ඡා කොට විසඳුමකට එළැඹෙන ලෙස බල කරන අතරවාරයේ අනිත් අතට සිය නාවුක හා ගුවන් යාත්‍රා සදහා සේවා ලබා ගැනීමේ එකඟතාවකට නොහොත් ACSA ( Acquisition and Cross-Service Agreement) රාජ්‍ය දෙපාර්තමේන්තුව ලංකාණ්ඩුවට යෝජනා කලේය. සාමාන්‍යයෙන් වරායෙන් සැපයුම් ලබා ගැනීමේදී අනුගමනය කල යුතු විදේශ අමආත්යාංශයේ දීර්ඝ නිළ විකුණුම් පටිපාටිය සරල කොට ගැනීමේ අරමුණ ඇතිව අත්සන් කෙරෙන මෙම ගිවිසුම මඟින් ඇමෙරිකානු සේවා භටයන්ට රට තුලට ගොඩ බැසීමට අවසර නොතිබිණ. 2002 සටන් විරාම ගිවිසුම මත එල්ටීටීය සමඟ සාකච්ඡා කොට බල බෙදිමේ විසඳුමකට එලැඹිය යුතුය යන ස්ථාවර දැරූ ලෝක බලවතා සමඟ ගිවිසුමකට එලැඹීමෙන් ජාත්යන්තර වශයෙන් තමාට ඇතිවන වාසිය ගැන මනා අවබෝධයකින් පසු වුවද, තම රජය නියෝජනය කල සිංහල ජතික වාදී කණ්ඩායම් ඒ හේතුව නිසාම ඇමෙරිකාව කෙරේ දැඩි කෝපයෙන් පසු වූ හෙයින්ද, මෙමඟින් ලංකාවට අත්වන වෙනත් සෘජු මිලිටරි ප්‍රයෝජනයක් නොමැති හෙයින්ද ලංකාණ්ඩුව කෙරෙන් මුලදී මේ යෝජනාව සඳහා පල වූයේ විනීත අලස බවකි. එහෙත් සිය උපාය මාර්ගික කාලසටහනට අනුව කටයුතු කල වොෂින්ටනයට එසේ නාස්ති කිරිම සදහා කාලයක් නැත. සැප්තැම්බර් 11 සිද්ධියේ අමිහිරි අත් දැකීම් මත එල්ටීටීඊය හමුදාමය වශයෙන් පමණට වඩා බලවත් වනු දැකීමට අකමැත්තෙන් ද පසුවූ අමෙරිකානුවෝ, එල්ටීටීඊ අවි ප්‍රවාහන නැවු ගැන බුද්ධි තොරතුරු ලබා දීමට තමා තුල ඇති සූදානම පිලිබඳවද 2006 දෙසැම්බර් 07 දා ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂට කොළබ එවකට ඇමරිකානු තානාපති රොබර්ට් ඕ බ්ලේක් මඟින් සංඥාවක් කලහ. ලංකාණ්ඩුව ගිවිසුම කෙරේ මෙ තාක් දැක්වූ හීන උනන්දුව උද්යෝගීමත් අපෙක්ෂාවක් බවට පත් කරලීමට එම සංඥාව හොඳටම ප්‍රමාණවත් විය. 2007 ජනවාරි 10 බ්ලේක් හමුවූ ගෝටාභය රාජපක්ෂ වසර 10 කාලයක් සඳහා යෝජිත ACSA ගිවිසුම අත්සන් කිරිම සඳහා තමා සූදානම් බව දැනුම් දුන්නේය. එහෙත් නුදුරේදී උතුරේ විශාල මෙහෙයුම් සිදුවිය හැකි බවටද වැඩිදුරටත් ඉඟි කල ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරියා බුද්ධි තොරතුරු වලට අමතරව ‘Justice’ කාණ්ඩයට අයත් අඩි 27 Bosten Whaler වෙරළාරක්ෂක බෝට්ටු මිලදී ගැනීමට තමා තුල ඇති උනන්දුවද නොසැඟවීය. ඒ පිළිබඳ වොෂින්ටනයට දැනුම් දෙන බව පොරොන්දු වූ බ්ලේක් පෙන්වා දුන්නේ ගිවිසුම මඟින් ලංකාවේ හමුදාවට අනියම් උපකරණ (Non-Lethal items) හුවමාරු කොට ගැනීමේ අවස්ථාවක් ලැබෙන බවය. “උදාහරණයක් හැටියට ලංකා හමුදාව පකිස්ථානෙ ආපදා සහන සේවා වල යෙදුනොත් ඔවුන්ට හිම කබා සපන්න කිසිම බාධාවක් නැහැ. ලංකාවට පුළුවන් ඊලඟ වතාවෙ අපේ යාත්‍රාවල් කොලඹට ආවම ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන වලින් ගෙවන්න”, හේ වැඩිදුරටත් කීය. මේ කතා බහ පිළිබඳ වොෂින්ටනයට යැවූ යොමු අංක 07COLOMBO81a කේබල් පණිවුඩයේ තානාපති වරයා සදහන් කලේ යෝජිත ගිවිසුම මඟින් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට විශාල ප්‍රතිලාභ අත්වන මුත් ලංකාණ්ඩුව මෙම ගිවිසුම අයථා ලෙස හමුදාමය උවමනා සදහා ඈඳා ගැනීමට තැත් කිරීමේ මෙන්ම එය සිංහල හා දමිල ජාතික වාදී කොටස් වල විරෝධයට ලක්වීමෙද අවදානමක් ඇති හෙයින් මෙන්ම නුදුරේදී ලංකාවට පැමිනෙන ස්වාධීන ජාත්‍යන්තර නිරීක්ෂකයන් විසින් එය කොළඹ රජයට යුද සහාය පලකිරීමක් ලෙස වැරදි ලෙස අර්ථ කථනය කිරීමට ද ඉඩ ඇති හෙයින් ඉතා අඩු ප්‍රචාරයක් සහිතව එය අත්සන් කිරීමට තමා යෝජනා කරන බවයි. ඊට පිටස්තර ඡායාරූප ශිල්පීන් සහභාගී නොකර ගැනීම හා ප්‍රකාශයක් නිකුත් නොකිරීම මැනවයි කෙබල් පණිවුඩයේ විශේෂයෙන් සඳහන් කොට තිබිණ. සමස්ථයක් වශයෙන් ගත් කල එය එකිනෙකා කෙරේ අවිශ්වාසයෙන් පසුවූ පාර්ශ්ව දෙකක් තම තමාගේ අභිවෘද්ධිය තකා එලැඹුන අසීරු එකඟත්වයක් ලෙස සැලකිය හැක. මාර්තු 04 දා අභිනව තැපැල් හා විදුලිසංදේශ ඇමති රවුෆ් හකීම් හමුවූ බ්ලේක් තානාපති තැන ශ්‍රීලනිපයේ ප්‍රතිසංස්කරන වාදී කොටස් හා එජාපයෙන් ආණ්ඩුවට පැමිණි කණ්ඩායම හා එක්ව දේශපාලන විසඳුමක් සඳහා ජනධිපති රාජපක්ෂට බල කරනමෙන් ඉල්ලා සිටියේය. සුළු ජාතීන් වෙනුවෙන් පුළුල් බලය බෙදීමක් ස්ඳහා පෙනී සිටි අයෙකි මේ හකීම්. එහෙත් ඇමතිවරයා කියා සිටියේ ජනාධිපති මෙ ගැන හරි හමන් වචනයක් නොදෙන බවය. (non-committal) තනතුරු වලින් තෘප්තිමත්ව සිටින එජාප කණ්ඩායමද ඒ පිළිබද උනන්දුවක් නොදක්වන බව කී ඔහුගේ අනොඉත් චෝදනාව වූයේ කරුණා පාර්ෂ්වය නැගෙනහිර මුස්ලිම් වරුනට හිරිහැර කරන බවත් පොලිසිය නිහධව සිටින බවත්ය. තානාපති වරයා පෙරළා ආපසු පැමිණියේ බිඳුනු අපේක්ෂා ඇතිවයි. ACSA ගිවිසුම සඳහා දින නියම වූයේ පසුවදාට, එනම් 2007 මාර්තු 05 දාටය. කොළඹ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් ගෝටාහය රාජපක්ෂ ද පෙන්ටගනය වෙනුවෙන් තානාපති බ්ලේක් ද ඊට අත්සන් තැබූහ. පිටු 08 කෙටුම්පත ද අතැතිව සම්ප්‍රදායානුකූලව එදින සවස විදේශ ඇමති බෝගොල්ලගම බැහැ දුටු තානාපති වරයාට පෙනී ගියේ ගිවිසුමට ප්‍රචාරය නොදැන ලෙස කරන ලද ඉල්ලීම ලාංකිකයන් විසින් අකුරටම ඉටු කොට ඇති බවයි. ඇමතිවරයා හෝ විදේශ ලේකම් පාලිත කොහොන පවා උදෑසන අත්සන් තැබුන ගිවිසුම පිළිබඳ හාංකවසියක් දැන නොසිටියහ. කෙසේ වුවද ගිවිසුම ගැන තම සතුට පලකල බෝගොල්ලාගම ඊලඟ සතියට යෙදී ඇති තම ඇමෙරිකානු සංචාරය අතරතුර රාජ්ය ලේකම් ආචාර්ය කොන්ඩලීසා රයිස් හමුවී ඇය හරහා මහින්ද රාජපක්ෂ හා ජෝර්ජ් බුෂ් අතර හමුවක් සංවිධානය කිරීම තමා අපේක්ෂා කරන බව කියා සිටියේය. බ්ලේක්ගේ පිළිතුර වුයේ සුළු ජාතීන් හා බලය බෙදාගැනීමේ යෝජනාවක් ලංකා පාර්ලිමේන්තුව තුල සම්මත කොට ගැනීමෙන් අනතුරුව බුෂ් සමඟ හමුවක් සංවිධානය කිරීම වඩාත් පහසු වනු ඇති බවයි. ගිවිසුමේ තීන්ත වියලීමට ප්‍රථමයෙන් ලංකාණ්ඩුව ගිවිසුමේ ප්‍රචාරක වාසිය ලබා ගැනීමට තැත් කරන බවට මෙහිදී ඇමෙරිකානුවෝ සැක කලහ. සමස්ත පටිපාටිය තුල ඔවුන් අනුගමනය කල රහස්‍ය භාවයත්, ඉන් අනතුරුව පවා ලංකාව සමඟ වඩාත් සමීප රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ප්‍රදර්ශනය කිරීමට පල කල මැලිකමත් තුලින් පෙනී යන්නේ වොෂින්ටනය මෙම ගිවිසුම විවාහයක් නොව අනියම් සබඳතාවල තත්වයෙහි ලා සැලකූ බවයි. අමෙරිකානුවන්ගේ මේ ආකල්පය ගැන අවබෝධයෙන් පසුවූ ජනාධිපති රාජපක්ෂගේ තර්කය වූයේ ඕනෑම බලය බෙදීමේ යෝජනාවකට දකුණේ ජනයාගේ කැමැත්ත මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරනයේ ආශීර්වාදයද තිබිය යුතු බවයි. “ කොහොම උනත් අපට රටේ ව්‍යවස්තාව උල්ලංඝනය කරන්න බැහැ” ඔහු මානව හිමිකම් නියෝජිතයන් හමුවේ කීය. බලය බෙදීමක් ගැන සලකා බලනු වෙනුවට උතුරේ හමුදා ක්‍රියාකාරකම් වඩාත් උත්සන්න කිරිමට ඔහු කටයුතු කරන බවට වොෂින්ටනය ඇතිකොටගත් හැඟීම හේතුවෙන් ACSA ගිවිසුමට පසු දෙපාර්ශ්වය අතර ඇතිවු‍යේ මිත්‍රත්වයට වඩා විරසකයකි.

Chamara Siriwardene

Sources: Wikileaks (Library of US Diplomacy)

              World Socialist Website
              Asia Times