විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 2
පෙනුම
දෙසැම්බර් 2: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය (1971)
- 1848 – ඔස්ට්‍රියා-හංගේරියාවේ පළමුවන ෆ්රාන්ස් ජෝශප් රජ (සේයාරුව) කිරුළු පළඳයි.
- 1908 – චීනයේ අවසාන අධිරාජ්‍යයා කිරුළු පළඳයි.
- 1947 – යටත් විජිත පලස්තීනය බෙදීමේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැලැස්ම හේතුවෙන් ජෙරුසලමේ වර්ගභේද කෝලාහල ඇතිවෙයි.
- 1977 – ලිබියාවේ බෙන්ගාසි නුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1988 – දෙවන ජවිපෙ කැරැල්ල: දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය කඩවත දේශපාලන රැලියකට ප්‍රහාරයක් එල්ල කරයි.
- 2016 – එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් ප්‍රදේශයේ ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
තවත් සිදුවීම්: දෙසැම්බර් 1 – දෙසැම්බර් 2 – දෙසැම්බර් 3