වික්ටර් හියුගෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
වික්ටර් හියුගෝ
වික්ටර් හියුගෝගේ ඡායා උත්තීරණය , 1883
වෘත්තිය කවියා, නාට්‍ය-රචක, නවථාකරු, නිබන්ධන-රචක, දෘශ්‍ය කලාකරු, රාජ්‍ය තාන්ත්‍රික, මානව අයිතිවාසිකම් ව්‍යාපාරකරු,
සාහිත්‍යමය සංවිධානය රොමැන්ටික්වාදය



අත්සන

19 වැනි සියවසේ ප්‍රංශයේ මහා කවියා ලෙස මෙන්ම, රොමාන්තික නවකතා ආරේ ප්‍රමුබයකු ලෙස සලකනු ලබන වික්ටර් මාරි හියුගෝ (1802–85) අප අතර ප්‍රසිද්ධියක් උසුලන්නේ විශේෂයෙන්ම මනුතාපය සහ නෝත්‍රදාමයේ කුදා යන නවකතා නිසාය. "වික්ටර් හියුගෝ යනු, තමා වික්ටර් හියුගෝ යැයි විස්වාස කළ පිස්සු මිනිසෙක්" යැයි ජන් කොක්ටෝ නමැති ප්‍රංශ කවියා පළ කර ඇත. මෙම කියුම, සාහිත්‍යයෙහි මෙන්ම, ලිංගිකත්වයෙහිද දැවැන්තයෙකු වූ හියුගෝගේ අසීමිත ජවය සහ විසංවාදී පැවතුම් හකුළුවා දක්වන්නකි.

ජීවන රටාව[සංස්කරණය කරන්න]

යෝධ කාය ශක්තියකින් සහ මනා සෞබ්‍යයකින් යුතුවූ වික්ටර් හියුගෝ, දිනකට නිදා ගත්තේ පැය හතරකටත් වඩා අඩු වේලාවකි. දවස ඇතුළත වරින් වර කාන්තාවන් කිහිප දෙනෙකු සමග සබඳකම් පවත්වා, රාත්‍රියෙහි අනියම් බිරියක වෙත කිට්ටු කිරීම ඔහුට එතරම් කාරියක් වූයේ නැත. කෑමටද රුසියෙක් වූ ඔහු, කෝසස් කීපයකින් සමන්විත ආහාර වේලක් ගැනීමෙන් පසුව, දොඩම් ගෙඩි හයක් ලෙල්ලත් සමගම කා දැමූ බව වාර්තා වී තිබේ.

පවුල් ජීවිතය[සංස්කරණය කරන්න]

හියුගෝ, අවුරුදු විස්සේදී ඇඩලා ෆුෂර් නමැත්තිය සමග විවාහ වූයේය. ඇය, ඔහුගේ සොහොයුරා වූ ඉයුජීන් පෙම් බැඳ සිටි තරුණියයි. කෙසේ වුවත් ඉයුජීන් තුළ වූ බලාපොරොත්තු ගැන කිසිත් ඇඩලා දැන සිටියේනැත. විවාහය සිදු වූ දිනයෙහි ඉයුජීන් උමතු වුයේය. උත්සව ශාලාවේ සිට කෙලින්ම පිස්සන් කොටුවට ගෙන යනු ලැබූ ඔහුට ජීවිතාන්තය දක්වාම එහි රැඳීමට සිදු විය.

තුන් වැනි නැපෝලියන් රජු කෙරෙහි අප්‍රසාදය පළ කිරීම නිසා 1851 වසරෙහි පැරිසියෙන් පිටුවහල් වී ගැවෙර්තී දූපතෙහි ජීවත් වන්නට ඔහුට සිදු වුණි. එසමයෙහි ඔහුගේ නිවස කෙරෙහි සංචාරකයන්ගේ විශේෂ අවධානය යොමු විය. එයට හේතුව වූයේ ඔහුගේ සාහිත්‍යකාර කීර්තිය නොව, ඔහු සෑම දිනකට මධ්‍යාහ්න වේලාවේදී ගෙදර ඉස්තෝප්පුවට පැමිණ ඇඳුම් සියල්ල ගලවා විසි කර, සීතල වතුර බාල්දි කිහිපයක් ඔලුවේ හලා ගනිමින් ගොරහැඩි ලෙස ඇඟපත උලන්නට පුරුදු වී සිටි නිසා බව කියනු ලැබේ.

ජුලියට් ඩෘවේ[සංස්කරණය කරන්න]

1833 වසරෙහි ඔහු, ජුලියට් ඩෘවේ නමැති අභිරුපිකාව සමග හාද වූයේය. නිළියක මෙන්ම, ප්‍රසිද්ධ ධනවතුන් කිහිප දෙනෙකුගේ පෙම්වතියද වූ ඈ, ඔහුගේ ජීවිතයට මහත් බලපෑමක් ඇති කළ එකියක වූවාය. මෙම සබඳකම ජුලියට්ගේ මරණය තුරා වසර 50 ක් තිස්සේ පැවතුණ අතර, ඇය විසින් හියුගෝට ලියන ලද පෙම් හසුන් ගණන 17,000 ඉක්මවූ බවද කියවේ.

ලියෝනි ද ඔනේ[සංස්කරණය කරන්න]

1844 වසරෙහි හියුගෝගේ විශේෂ උනන්දුව, ලියෝනි ද ඔනේ නමැති රූමතිය වෙත යොමු විය. මෙම අනියම් පෙම්වතුන් යුවල පසු පස පොලිසිය යොදවා, සුදුසුම අවස්ථාවක ඔවුන් අත් අඩංගුවට පත් කරවන්නට ලියෝනිගේ සැමියා සමත් වූයේය. මෙම පටලැවිල්ලෙන් හියුගෝ ලිස්සා ගියේ, වංශාධිපති මණ්ඩලයෙහි තමා දැරූ සාමාජිකත්වයේ ආනුභාවයෙනි. කෙසේ වුවත්, පරදාර සේවනයේ යෙදීමේ වරදට උසාවියෙන් වරදකාරිය කරනු ලැබූ ලියෝනිට, සිර දඬුවම් නියම විය. ඇය සිර ගෙදර ගත කළ කෙටි කාලය ඔවුන්ගේ නොමනා ඇසුරට යෙදුණ කෙටි විරාමයක් වූවා පමණි. ජුලියට්ගේ සටහන් අනුව වුවද, 1848–50 වසර දෙක ඇතුළත පමණක් හියුගෝ විසින් සබඳකම් පවත්වනු ලැබූ කාන්තාවන්ගේ ගණන 200 ඉක්මවයි.

1870 වසරෙහි ඔහු ආපසු පැරිස් නුවර පදිංචියට ආවේ, ජාතික වීරයකු ලෙස ජනතාවගෙන් මහත් හරසර ලබමිනි. කවදත් තමා ගැන මහ ඉහළින් සිතූ ඔහු, පැරිස් නගරයෙහි නම "හියුගෝ" යනුවෙන් වෙනස් කෙරෙනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කළේය.

ලිවීම කරගෙන යන අතර හිසේ රැඳී තිබිය යුතු රුධිරය, වාඩි වූ විට අධෝ භාගය කරා ගමන් කරන බව හියුගෝ විස්වාස කළේය. මේ නිසා අනෙකුත් ලේබකයන් ලියන්නේ හිසින් නොව අධෝ මාර්ගයෙන් යැයි පළ කළ ඔහු, ලියූ හැම දෙයක්ම ලියුවේ හිටගෙනමය! මේ පුදුමාකාර ලේබකයා කිසියම් නිර්මාණ කාරියක දීර්ඝ වේලාවක් නිරත වන්නට අවශ්‍ය වූ විටකදී, තමාට ලියන කාමරයෙන් පිටවී යාමට නොහැකි වන සේ තම ඇඳුම් පැළඳුම් සඟවා තබන ලෙස සේවකයනට උපදෙස් දීමටද පුරුදුව සිටියේය.

සේරා බර්නාඩ්[සංස්කරණය කරන්න]

වයස අවුරුදු 70 දී ඔහු, තියොෆයිල් ගෝටියර් නමැති ලේබකයාගේ දෙවිසි හැවිරිදි දියණිය හාද කර ගත්තේය. මෙම වකවානුවෙහි ලා බාල නිළියක වූ සේරා බර්නාඩ් (1844–1923) සමග සබඳකම් පවත්වන්නටද ඔහු සමත් වූයේය. "දිව්‍යමය සේරා" යන විරුදාවලියෙන් ඔස්කාර් වයිල්ඩ් විසින් ඔසවා තබනු ලැබූ ඒ අසමාන වේදිකා නිළිය ද, එසේ මෙසේ කාන්තාවක් නොව, හියුගෝටම ගැලපෙන ළඳක් වූවාය. වික්ටර් හියුගෝ, රෙසින්, ඩුමා මෙන්ම, පසු කලක මහත් ප්‍රසිද්ධියට පත් වූ රොස්ටාන්ගේ (1868–1916) නාට්‍යවලද රඟ පෑ මේ ශ්‍රේෂ්ඨ නිළිය පැරිසියේ මෙන්ම ලන්ඩනයේ රඟහල්වලද නිතර පෙනී සිටින අතරම, ඉහළම පෙළැන්තියේ පෙම්වතුන් අති විශාල සංබ්‍යාවකගේ සුරතලිය බවට පත් වූවාය. වික්ටර් හියුගෝ මෙම නිළියට වඩා අවුරුදු පනහකින් පමණ වැඩිමහල් වූයේය. නාට්‍ය ශිල්පී රොසටාන්, ඇයට වඩා අවුරුදු 23 කින් පමණ බාලයෙකි. ඇය, වයස අවුරුදු 66 දී අමෙරිකාවේ සංචාරයක යෙදුණ අතර, ඇය සමග හාද වී වසර හතරක් තිස්සේ සබඳකම් පැවැත්වූ ලු ටෙගලන් නම් ලන්දේසි ජාතික යෝධයා ඇයට වඩා අවුරුදු තිස් පහකින් පමණ බාලය. ඔහු සමග ඇසුරු කළ කාල සීමාව තමාගේ ජීවිතයෙහි ඉතාමත් සුන්දර වසර හතර වූ බැව් ඈ සඳහන් කර ඇත. හිරිමල් වියේදී තම මවට ඇවිටිලි කර, "සුබොපභෝගී" රෝස්වුඩ් මිනීපෙට්ටියක් මිලට ගත් සේරා බර්නාඩ්, විටක එහි නිදා ගැනීමට පුරුදු වී සිටියාය. සමහර අවස්ථාවලදී ඈ කැමරා ශිල්පීන්ට මුහුණ දුන්නේද මිනීපෙට්ටිය තුළ සිටිමිනි.

1905 වසරෙහි සිදු වූ හදිසි අනතුරක් නිසා සේරාගේ කකුලක් 1914 දී කපා ඉවත් කිරීමට සිදු විය. කෘතිම පාදයක් යොදා ගැනීම ප්‍රතික්ෂේප කළ ඇය, වේදිකා ආම්පන්නවලින් රුකුල් ලබමින් ජීවිතයේ අවසාන කාලය දක්වාම වේදිකාවේ පෙනී සිටියාය.

අවසාන කාලය[සංස්කරණය කරන්න]

අසූ වැනි වියෙහි පසු වූ වික්ටර් හියුගෝ, වරක් කාන්තාවක සමග හැසිරෙන අතර, ඔහුගේ පුංචි මුනුපුරෙක් හදිසියේම කාමරය තුළට එබුණේය. "ජෝර්ජ්, පොඩි එකෝ, මේකට තමයි ප්‍රතිභා සම්පන්න බව කියන්නේ," යනුවෙන් ඔහු නොපැකිළ පැවසුවේය. වයස 83 දී මිය යන්නට පළමු, අවසාන මාස හතර තුළ ද ඔහු කාන්තාවන් අට දෙනෙකු සමග පෞද්ගලික සම්බන්ධකම් පැවැත්වූ බව ඔහුගේ දින සටහන්වලින් හෙළි වී ඇත. මේ පුදුමාකාර පුද්ගලයාගේ අවසන් මොහොතට පෙර ඔහුගේ මුවින් පිට වූයේ "මට කළු පාට ආලෝකයක් පෙනෙනවා" යන්නය.

මේ අඩවියත් බලන්න[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=වික්ටර්_හියුගෝ&oldid=249064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි