Jump to content

රොමැන්ටික්වාදය

විකිපීඩියා වෙතින්

වාෂ්ප ජනක යන්ත්‍ නිසා බ්‍රිතාන්‍යයේ භූ දර්ශනය වෙනස් වුණි. ඒ කාර්මීකරණය නිසා නගර පුළුල් වීමත්, තණබිම් පෞද්ගලිකරණය හෝ කොටුකර ගැනීම හේතුවෙන් ගම්බද ප්‍රදේශවල ජන හානිය එම ප්‍රධාන ප්‍රතිඵල දෙක වේ. මේ නිසා බොහෝ ගොවියෝ කර්මාන්ත ශාලාවල රැකියා කිරිමට නගර කරා ඇදී ආවෝය. මේ හදිසි වෙනස් වීම, ප්‍රධාන වචන පහක තේරුම් වෙනස් වීම මඟින් පැහැදිලි වේ. ව්‍යාපාරය (වරෙක “නිර්මාණශීලිත්වය” යන අර්ථය ගත්) , ප්‍රජාතන්ත්‍රවාදය (ප්‍රගුණ කිරිමේ අරමුණ භාවිතා කළ "මොබ් රූල්" යන අර්ථය ගත්), පන්තිය (දැනට පවා සමාජ අභිමානය සමඟ භාවිතා වන ) , කලාව (වරෙක කෞශල්‍ය ලෙස හැඳින්වු), සංස්කෘතිය (වරෙක වගා කිරීම සඳහා පමණක් සිමා වු) එම මත පහ වේ.

නමුත් කම්කරුවන්ගේ දුබල තත්ත්වයන්, නව පන්ති ගැටුම්වලට, සොබාදහමේ දුෂණයට නායකත්වය හා කාර්මිකරණය හේතු වු අතර, ශීඝ්‍රයෙන් නැගී ආ කවියන් සොබාදහමේ අලංකාරය හා වටිනාකම යළි අනාවරණය කර පෙන්වීය.එය කාර්මික යන්ත්‍ර මඟින් අසුන්දර වූ සොබාදහම යළි ගොඩනැගීමට ගත් එක් පියවරක් විය.

සොබාදහමේ උසස් බව හා ශිෂ්ටාචාරය පිළිබඳව ආශාව යන කරුණු පිළිබඳව ජෙන් ජැකියුස් රෝසියු දේශනා කළ අතර ඔහුගේ පණිවුඩය මුළුමනින්ම පාහේ යුරෝපීය කවීන්ගේ සිත් ගන්නට සමත් විණි.. ඒ අතර මුල් තැනක් ගත්තේ ලේක් කවියන් යන නමින් හඳුන්වන ලද, එංගලන්තයේ සිටි විලියම් වර්ඩ්ස්වර්ක් හා සැමුවෙල් ටේලර් කෝල්රිජ් යන අය ඇතුලත් කුඩා මිතුරු කැලකි. මෙම මුල්කාලීන රොමැන්ටික කවීන් නව ආත්ම පරික්ෂාවක් හා හැඟීම්බර බවක් එම යුගයට එක් කළහ. ඔවුන්ගේ නිගමනයන් එංගලන්ත සාහිත්‍යයේ පළමු රොමැන්ටික ප්‍රකාශය වු "පීස් ඔෆ් ද ලිරිකල් බැලඩ්ස්" මඟින් පැහැදිලි වේ. මෙම එකතුව සඳහා බොහෝ විට දායක වුයේ වර්ඩ්ස්වර්ක් වු නමුත් කෝර්ජ් හා ඔහු‍ගේ සිත් ගන්නා සුළු " Rhyme of ancient marian " යන දීර්ඝ බැලඩ් කාව්‍යයටද සම්මාන හිමිවිය යුතුය.ඛේදවාචකයක් වු එම බැලඩ් කාව්‍ය‍යෙන් එක්තරා නාවිකයෙකු ඔහුගේ යාත්‍රාවේ නැගී ,මුදුදේ යාත්‍රා කරමින් සිටිය දී,මුහුණ පෑ අධිස්වාභාවික සිදුවීම් විශාල ප්‍රමාණයක ගැනත් ඉන් මිදී ඔහු දිවි ගලවා ගත් ආකාරයත් පිළිබඳව ලියවුනකි.එම සිදුවීම් කෙරෙහි ඇල්බ‍ට්‍රෝස් නමැති පක්ෂියෙකුගේ විනාශකාරි ක්‍රියා කලාපය හේතු වී තිබේ.තව දුරටත් ඔහු සමඟ යාත්‍රා කළ පිරිසගේ මරණය හා ඔහුගේ සඟයාගේ මරණය, ඒත් ඔහු ඒවායෙන් මිදීමට අවස්ථිව ලද අයුරු හා ඔහු අවසානයේ දී ගැලවෙන ආකාරය ගැනද මෙහි සඳහන් වේ.

කෙසේ හෝ කෝල්රිජ් හා වර්ඩ්ස්වර්ත් රොමැන්ටීකරණය තේරුම් ගත්තේ හාත්පසින්ම වෙනස් ආකාර දෙකකටයි. කෝලරිජ් අධිස්වභාවික නොහොත් " තාත්වික" (විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල විශේෂ සැකසුම් මඟින් විය නොහැකි උපක්‍රම තාත්වික කර පෙන්වීම.) බව සොයාගන්නවාත් සමඟ, වර්ඩ්ස්වර්ත් පොළොවේ පය ගසා සිටින සත්‍ය මිනිස් චරිත (උදාහරණයක් ලෙස "ද ඉඩියොට් බෝයි") ඔහුගේ නිෂ්පාදන විශාල වශයෙන් හුවා දැක්වු‍වේය. ඒ අතර ලේක් දිස්ත්‍රික්කයේ අලංකාරය තුළින් පාඨකයන්ගේ මන:කල්පිත කැලඹීමට විධි ක්‍රම සොයා ගත්තේය. ("ලයින්ස් කොම්පෝස්ඩ් අ ෆිවු මයිල්ස් අබාවු වින්ටර්න් ඇබී" හි ඇතුලත් ආකාරයට)

රොමැන්ටික් යුගයේ දෙවන පරම්පරාවට ලෝඩ් බයිරොන්, පර්සි බයිශ් ශෛලි, මේරි ශෙලි සහ ජොන් කිට්ස් අයත්ය. කෙසේ නමුත් බයිරෝන් 18 වන ශතවර්ෂයේ උපහාස රචකයන්ගේ ආභාශය ලබා සිටි අතර ඔවුන් තිදෙනා අතරින් ඔහු ‍රොමැන්ටික වාදියෙක්ද වූවේය . ප්‍රසිද්ධ විවාහක කාන්තාවන් කිහිපදෙනෙකු සමඟ ඔහු පැවැත් වු ප්‍රේම සම්බන්ධතා ,උසස් සමාජ වල ඇති කුහකකම් වලට විරුද්ධව හඬක් නැගීමට ඔහු භාවිත කළ ක්‍රමයක් වූ අතර එහෙත් එය සල්ලාලකමකි. ශාරීරිකව දුර්වල වීම ඔහු ඔහුවම උපහාසයට ලක් කිරීමක් වැනීය. ඔහුගේ ප්‍රථම යුරෝපා චාරිකාව නම් කෘතියේ ප්‍රථම කාණ්ඩ දෙක ප්‍රතිඵල දායක විය. "චයිල්ඩ් හාර්ල්ඩ් පිල්ග්‍රිම්", තරුණ මිනිසෙකු යුරෝපයේදී මුහුණපෑමට සිදුවු ත්‍රාසජනක අත්දැකිම් පිළිබඳව ලියවුණ එය විහිළුවෙන් පිරි වීර කාව්‍යයක් වුවත් එය ලන්ඩනයේ සමාජ පසුබිමට දැඩි ලෙස පටහැණි විය. එසේ තිබියදී චයිල්ඩ් හාර්ලඩ් එංගලන්තයට යළි පැමිණිමේ සාර්ථකත්වය , "ද ගයිඔර්" හා "ද කොසේර්" යන කෘතීන්ගෙන එළි දැක්විණි.ඒ සමඟම ඔහු, ඔහුගේ ඥාති සොයුරියක් වූ ඔගස්ටා ලී (1816) සමඟ පැවති ප්‍රේම සම්බන්ධයක් නිසා චෝදනාවට ලක්වුණි.පසුව ඔහුගේ ආරක්ෂාව පිණිස එංගලන්තයෙන් පිටවී යන ලෙස ඔහුට බලපෑම් එල්ල විය. මෙහිදී ඔහු පර්සි බධශ් ශෙලී හා ඔහුගේ බිරිඳ මේරිශෙලී සමඟ එකතු වු අතර ඔවුන් රහස් දොස්තර ජෝන් පොලි‍‍ඩොරි සමඟ "ඉයර් විත්ඔවුට් සමර්" නිර්මාණ කාලයේදී (1816) එක්ව කටයුතු කළහ.

එය ඔහු විසින් රචිත කෙටි කථාවකි. "ද චැම්පයර්" හඳුන්වා දීම සඳහා පොලිඩෝරි හට සම්මන හිමිවිය යුතු අතර, මේරි ශෙලීගේ "ෆරැන්කන්ස්ටන්" කෘතියත්,ඔවුන් අතර තිබු තරඟයත් ,ඉංග්‍රීසි සාහිත්‍යයට සිත්ගන්නා බවක් එක් කළේය. මේරිගේ මෙන්ම පර්සිගේ කෘතිවලට බේරොන්ගේ අදහස්වල බලපෑමක් ඇති බව පෙනේ. ඔහු පැරණි ප්‍රසිද්ධ වංශවක් පවුලකින් පැවත ආවෙකි. නිදහස් චින්තනය හා අදේවවාදය වැළදගන්නවාත් සමඟ ඔහු වැනි අය එංගලන්තයේ අපරාධකරුවන් බවට හංවඩු ගැසිණි. ශෙලී, අදේව වාදය පිළිබඳව විවෘතව කියා සිටි නිසා ඔහුව විද්‍යාලයෙන් ඉවත් කරන ලදී. ඔහු දහසය හැවිරිදි හොරිට් සමග පැනයමින් සිටියේය. වෙස්බ්රූක් සමඟ විවාහ වී පසුව මේරි නිසා ඇයව අත්හරින ලදී. (පසුව හොරිට් තම ජිවිතය තනිවම ගොඩනගා ගත්තාය.) නිදහස් ආදරය හා අරාජකත්වය පිළිබඳ ඔහුගේ ආදර්ශ හොරිට් විසින් අනුගමනය නොකළාය.ඔහු සාහිත්‍යමය විවාදයකට දායක වීමට තරම් ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලද අයෙක් නොවීය. මේරි ඊට වඩා‍ වෙනස් චරිතයකි. ඇය දාර්ශනිකයෙකු හා විප්ලවකාරයෙකු වු විලියම් ගොඩ්වින්ගේ දියණිය වුවාය.එබැවින් බොහෝ දුරට ඔහු හා සමාන බුද්ධිමත් බවක් ඇය සතු විය.මේනිසා ඔහුගෙන් ලද ආදර්ශයද ඇයගේ කෘති වලට පාදක විය. මරණයට පත්වු ඇගේ මව වන "විනිචිකේශන් ඔෆ් ද රයිට්ස් ඔෆ් විවේන්" රචනා කළ‍මේරි යනු වෝල්ට්ස්ටොන්ක්‍රාෆ්ට්ගේ මත දරන්නා වුද තැනැත්තියක් විය.

"ඔව්ඩ් ටු ද ටෙස්ටේ වින්ඩ්" යනු පර්සි ශෙලින්ගේ එක් ප්‍රසිද්ධ රචනයකි. එසේ තිබියදි දෙවියන් පිළිබඳව තිබු විශ්වාසය දෘෂ්‍යමාන ලෙස ප්‍රතික්ෂේප කිරීම, ස්වභාවයේ පවතින දේවතාවුන්ගේ හඳුනාගැනීම නොහොත් සර්වදේවවාදයට ප්‍රණාමය දැක්වීම, මෙම කවියෙහි අන්තර්ගතය වේ.

මේරි ශෙලී ඉතිහාසයට එක් වුයේ ඇගේ කවි නිසා නොව, විද්‍යාත්මක ප්‍රබන්ධන කතාවලට පණ පෙවු බැවිනි. නවකථාව ලිවීම සඳහා පාදක වී ඇතැයි කියනු ලබන්නේ ලේක් ගෙන්වාහිදි පර්සි ශෙලි, ලෝඩ් බයිරොන් හා ජෝන් පොලිඩොරි යන අය කුණාටු සහිත රාත්‍රියක එකට සිටින විට‍පෙනුණු නපුරු සිහිනයකි. විවිධ මළ සිරුරු වලින් කොටස් සොරකම් කර නව මනුෂ්‍ය ශරීරයක් නිර්මාණය කිරීම ඇගේ අදහස වු අතර, විද්‍යුතය භාවිතා කර එය සජීවිකරණය කිරීම, සමහරවිට ඇලෙක්සැඩ්‍රෝ වෝල්ටාගේ නව සොයා ගැනිම් හා ලුගී ගැල්වානිගේ මළ ගෙම්බන් යොදාගෙන කළ පරික්ෂණ වල ආභාශය නිසා හටගත් සිතුවිල්ලක් විය හැකිය. ෆ්‍රෑන්කස්ටන්ගේ ඇඟ කිලිපොළා යන කතාන්දරය, නවීන අවයව බද්ධකිරීම හෝ පටක රෝපනය පිළිබඳව අදහස් ලබාදෙයි.එමගින් අද කාලයේ වෛද්‍ය විද්‍යාවෙන් ලැබු සදාචාර සම්පන්න ප්‍රතිඵල පිළිබඳව සිහි කරවයි. නමුත් ෆ්‍රෑන්කන්ස්ටන්ගේ සත්වයා ඇදහිය නොහැකි ලෙස ආදරවන්තයෙක් ද විය. නමුත් "ද වොංස්ටර්" යනු බුද්ධිමත්, කරුණාවන්ත, ආදරණිය චරිතයක් වුවත්, ඔහුගේ අවලස්සන හා විරූපි බවද නිසා හැම කෙනෙක්ම ඔහුව මග හැරිමට උත්සාහ කළහ. ඒ නිසා ඇතිවු ඊර්ෂ්‍යාවත්,බලාපොරොත්තු සුන්වු තත්වයත් නිසා ඔහු නිර්මාණය කළ පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියාකිරීමට පටන් ගත්තේය. ජොන් කිට්ස්, බයිරොන් හා ශෙලීගේ අධි විප්ලවකාරී ආදර්ශ අනුගමනය නොකළද ශෙලී තරමටම ඔහුත් සර්ව දේව වාදය ඇදහීය. එල්ගින් මාබල්ස් ලෙස හඳුන්වන ලෝඩ් එල්ගින් විසින් ග්‍රීසියේ සිට එංගලන්තයට ගෙනා පාත්තොන්හි පෞරාණික පාෂාණවලට කිට්ස් මහත්සේ ඇළුම් කළේය. ඔහු පෞරාණික ග්‍රීසියෙහි වු නිදහස් අලංකාරය, සම්ප්‍රදායික කලාවෙන් යුක්ත තරුණ පෙම් යුවල් සැමරුවේය. කීට්ස් තුළ කලාව කෙරෙහි විශේෂ අවධානයක් පැවතිණි.විශේෂයෙන් "බඩ් ඔන් අ ග්‍රීසියන් අර්න්" කෙරෙහි වු අවධානය රොමැන්ටික්වාදයට මදක් අලුත් වුණි. එයින් වොල්ටර් පිටර් තුළත්, පසුව ඔස්කා වයිඩ් තුළත් ස්වාධීන සෞන්දර්යයේ නියම වටිනාකම පිළිබඳ පැවති විශ්වාසය තහවුරු කළේය.

එම යුගයේ සිට ප්‍රසිද්ධම නවකථා රචකයා සර් වෝලටර් ස්කොට් වූවේය.ඔහු යුරෝපයේ සිටි චිත්‍රකරුවන්, රචකයන් හා නිර්මාණකරුවන්ගෙන් සැදි පරම්පරාව මහා ඓතිහාසික ආදරණීය බවකින් පොළඹවන ලදී. අවසානයේ ජෝන් ඔස්ටන් විසින් ඉඩම් හිමි උදවියගේ ජීවිත පිළිබඳව නවකතා ලියු අතර, කාන්තාවන්ගේ අදහස්, ප්‍රායෝගික සමාජ තත්ත්වය, විශේෂ‍යෙන්ම විවාහය හා මුදල් පිළිබඳව, අකමැත්තෙන් වුවද අවධානය යොමු කර ඇත.

කවියෙකු, චිත්‍ර අදින්නෙකු හා මුද්‍රණකරුවෙකු වු විලියම් බ්ලේක්, ඉංග්‍රීසි රොමැන්ටික්කරණයට ඇතුලත් වුවත් ඔහුගේ කාල්පනික කෘතින් මෙහි සාකච්ඡා කළ කෘතින්ට වඩා බෙහෙවින් වෙනස්ය.

"https://si.wikipedia.org/w/index.php?title=රොමැන්ටික්වාදය&oldid=465095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි