වැසි වනාන්තර - නිවර්තන වැසි වනාන්තර

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ගොනුව:049.2.JPG
ලෝකයේ නිවර්තන සහ උපනිවර්තන තෙත් පළල් පත්‍ර සහිත වනාන්තර
ඉන්දුනිසියාවේ බෝනියෝහි නිවර්තන වැසි වනාන්තර
පෙරූහි ඇමසන් ගංගා ආශ්‍රිත වැසි වනාන්තර

ඇමසන් ගඟ

නිවර්තන වැසි වනාන්තර යනු සමකය ආසන්නයෙහි පොදුවේ දක්නට ලැබෙන ඒවාය. මේවා සුලභවම දක්නට ලැබෙන්නේ ‍ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, මධ්‍යම ඇමෙරිකාව සහ බොහෝමයක් වු පැසිපික් දූපත් වලය.

ලෝක වනජීවි අරමුදලෙහි බයෝමයක වර්ගිකරණයට අනුව නිවර්තන වැසි වනාන්තර නිවර්තන තෙත්(නිවර්තන තෙත් පළල් පත්‍ර වනාන්තර) වනාන්තර ඝනයට වර්ගිකරණය කර ඇති අතර ඒවා පහත් බිම් සමකාසන්න සදහරිත වැසි වනාන්තර ලෙසද හැදින්වේ. ලයිබිරියාවේ නිවර්තන වැසි වනාන්තරයකට පැයක් ඇතුළත මිලිමීටර් 400 ක වර්ෂා පතනයක් ලැබේ. මෙහි මධ්‍යන්‍ය අගය වනුයේ පැයකට මිලි මීටර් 25 ක වර්ෂා පතනයකි.

අන්තර්ගතය

1.ගති ලක්ෂණ
2.ස්ථර
3.මානව භාවිතයන්
 3.1.වාසස්තාන
 3.2.වගාකරණ ලද ආහාර සහ බෝග වර්ග
 3.3.ඖෂධ වර්ග සහ ජෛව විවිධත්වය
 3.4.සංචාරක සේවය.
  3.4.1.ආවේනික බලපෑම්
  3.4.2.ධනාත්මක බලපෑම්
 3.5.වැසි වනාන්තර වල ජීවත් වන සත්ත්වයින්
 3.6.පරිසර පද්ධති
4.පරිශීලනයට
5.තවදුරටත්
6.බාහිර සම්බන්ධතා
 6.1.සංරක්ෂණ ක්‍රමෝපායන්


ගති ලක්ෂණ[සංස්කරණය]

නිවර්තන වැසිවනාන්තර යනු අනෙකුත් සියළුම බයෝමයන් එක්ව ගත් කලට වඩා‍ බොහෝමයක් ජීවි විශේෂ හෝ ගහන වලට නිවාස සපයන ස්ථානයකි. වනාන්තරයෙහි බිම් මට්ටමේ සිට මීටර් 50 සිට 80 දක්වා ප්‍රමාණයකට උස්වු ශාක වල මුදුන් මගින් පුළුල් වියනක් සාදනු ලැබේ. වනාන්තරයේ බිමට පතිත වන කාබනික ද්‍රව්‍ය ඉක්මනින්ම වියෝජනයට ලක්වන අතර එම පෝෂක ද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණයකට ලක්වේ.

වැසි වනාන්තර ඒවා‍ට ලැබෙන ඉහළ වර්ෂා පතනය අනුව ඒවාට ලාක්ෂණික වේ. මේ හේතුව නිසා එම වැසි වනාන්තර වල පසෙහි ද්‍රාව්‍ය පෝෂක ද්‍රවය ප්‍රමාණය පහළ ගොස් ඇති අතර ඒවයෙහි පසෙහි ඔක්සිසෝල ප්‍රමාණයද අඩු අගයක් ගනී. බැක්ටිරියාවන් මගින් ඇති කරන ඉතා සීග්‍ර වියෝජනය මගින් හියුමස් තට්ටුවෙහි සීග්‍ර එක්රැස්වීම වැළකී ඇත. ලැටරීකරණ ක්‍රියාවලිය මගින් යකඩ සහ ඇලුමිනියම් වල ඔක්සයිඩ වල එක්රැස්වීම නිසා එම පසට දීප්තිමත් රතු පැහැයක් ලැබී අති අතර ඇතැම් අවස්ථා වලදී ඛනිජමය සංචිත ඇති වේ. (උදාහරණ බොක්සයිට්) වඩාත් වයසින් අඩු උපස්ථර මත විශේෂයෙන්ම යමහල් හා සම්බන්ධ සම්බවයක් ඇති නිවර්තන පස මෙයටත් වඩා සාරවත් වන අතර වසරේ යම්කිසි කාලයකට පමණක් ගංවතුර ගැලීම් වලට ලක්ව රොන්මඩ තැන්පත්වන වනාන්තර වල පස වාර්ෂිකව වඩාත් සරු පෝෂක වලින් සරුවේ.

වැසි වනාන්තර පෘතුවිය මත ජීවත් වන සියළුම සත්ත්වයින්ගේ සහ ශාක වලින් 2/3 කටම වාසස් තාන සපයනු ලබයි. දැනට තක්සේරු කර ඇති අන්දමට මිලියන ගණනක් වු නව ශාක විශේෂ, කෘමීන් සහ ශුද්‍රජීවින් ප්‍රමාණයක් එහි විසුවද ඔවුන් පිළබඳව සොයා ගැනීමක් සිදු කර නොමැති අතර ඒවාට නිසි නාම කරණයක් ද ලබාදී නොමැත. වැසි වනාන්තර ඇතැම් අවස්ථා වලදී “මිහිතලයෙහි පෙනහළු” ලෙසද හැදින්වේ. කෙසේ නමුත් එසේ ප්‍රකාශයක් සිදු කිරීමට විද්‍යාත්මක පදනමක් නොමැත්තේ නිවර්තන වැසි වනාන්තර පෘතුවියෙහි ඔක්සිජන් සමතුලිතතාවය හා සම්බන්ධව මධ්‍යස්ථ අගයක් ගන්නා අතර ඒවා මගින් ඉතා කුඩා හෝ ශුන්‍ය අගයක ශුද්ධ ඔක්සිජන් නිෂ්පාදනයක් සිදු කරනු ලැබේ.

උස පලල් පත්‍ර සහිත සදා හරිත ශාකයන් මෙම වැසි වනාන්තර වල භූමියට ඉහළින් පත්‍රමය උඩුවියනක් සාදන ප්‍රමුඛතම ශාක විශේෂ‍යන් වේ. වඩාත් උසින් පිහිටා ඇති ශාක ප්‍රමුඛව උඩුවියන් ස්ථරයට ඉහළින් පැන නගී. උඩුවියනෙහි ඉහළම ස්ථරය ඔකිඩ්, පෙද වර්ග සහ ලයිකන වැනි අපි ශාක සංනතියක් මගින් සන්දාරණය කරනු ලැබේ. ඒවා ශාක වල අතු මතට සවිවී ජීවත් වෙති. මෙම වැසිවනාන්තර වල භූමියෙහි පිහිටා ඇති ශාක වල වර්ධනය ඉහළ පිහිටා ඇති මෙකි උඩුවියන නිසා බිම්මට්ටමට අඩු සුර්යයා ලෝකයක් ලැබීම හේතුවෙන් අඩාල වේ. මෙවායෙහි බිම් ප්‍රදේශ වල වඩ‍ාත් සුලභව දක්නට ඇත්තේ සෙවන සදහා ඔරොත්තු දෙන පදුරු වර්ග, ඖෂධ පාලෑටි, පර්නානංග, කුඩා ශාක සහ විශාලකාෂ්ඨිය වැල් වර්ගයන්ය.මෙම වැල් ශාක වල ඉහළට එතෙමින් ඉහළින් ලැබෙන සුර්යයා ලෝකය ලබා ගැනීමට උත්සාහ දරති. මෙලෙස බිම් මට්ටමෙහි සාපේක්ෂ වශයෙන් අඩු ශාක ඝණත්වයක් පැවතීම හේතුවෙන් මිනිසුන්ට සහ සතුන්ට මෙම වන්නාතර හරහා ඇවිද ගෙන යාමට හැකියාව ලැබේ. යම්කිසි හේතුවක් නිසා උඩුවියන් ස්ථරයට හානි පැමිණ වු වනාන්තර වල හෝ පතන ශීලි සහ අර්ධ පතන ශීලි වනාන්තර වල පහලින් පිහිටා ඇති භූමිය ඉතාමත් ඝණව එකිනෙක පැටලි ඇති වැල් වලින්, පදුරු වලින් සහ කුඩා ශාක වලින් ඉතා ක්ෂණයකින් ඝනාවාස වේ. මේවාට කුඩා කැලයක් ලෙස අර්ථ දැක්වීමක් විය හැකිය.

මෙම වැසි වනාන්තර වල වාර්ෂික වර්ෂා පතනය අගල් 50 සිට 260 දක්වා (සෙ.මි. 125 සිට 660) ද වන අතර උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 20 සිට 25 (පැරන්හයිට් 77 – 82) අතර වේ.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Tropical_rainforest