වැසි වනාන්තර වල ශාක සහ සත්ත්ව සංහතිය

විකිපීඩියා වෙතින්
Rio Muni හි වනාන්තරයක බිම් පෙදෙසක්

ලොව පුරා ශාක හා සත්ත්ව ප්‍රජාවන්ගෙන් භාගයකට වඩා වැඩි කොටසක් වැසි වනාන්තර වල දක්න‍ට ඇත. වැසි වනාන්තර මගින් ක්ෂීරපායීන්, උරගයින්, පක්ෂීන් සහ අපෘෂ්ඨ වංශිකයින් වැනි වඩාත් පුළුල් සත්ත්ව ප්‍රජාවක් සදහා වාසස්ථාන සපයයි. ක්ෂිරපායින් සදහා ප්‍රිමාටාවන් සහ වෙනත් පවුල අයත්වේ. උරගයින් සඳහා සර්පයින්, ඉබ්බන්, කටුස්සන් අයත් වන අතර පක්ෂීන් සදහා Vangidae සහ Cuculidae යන පවුල් වල ජීවින් අයත්වේ. වැසිවනාන්තර වල අපෘෂ්ඨ වංශිකයින්ගේ පවුල් වලට අයත් ජීවින් දුසිම් ගණන් ජීවත් වේ. දිලීර වර්ගද වැසි වනාන්තර වල බහුලවම දක්න‍‍ට ලැබෙන අතර ඒවාට ශාක හා සතුන් මරනයෙන් පසු ඒවායෙහි කාබනික දේහ මත වර්ධනය විය හැකිය. මෙලෙස වනාන්තර වල භූමියෙහි ඇති සියළුම කාබනික අපද්‍රව්‍ය නිසා ඒවායේ පස කාබනික ද්‍රව්‍ය වලින් සරුවන අතර ඒවා ශාක සහ සත්ත්ව ජීවිත සඳහා ඉතාමත් සරු ප්‍රභවයක් සපයයි. මෙලෙස ඇති වන හියුමස් තට්ටුව නිසා මෙකි වැසි වනාන්තර ඉහළ වශයෙන් සක්‍රීයව පවතින ජෛව පද්ධතියක් බවට පත්ව ඇත. මෙකී හේතුන් නිසා පෘතුවිය මතු පිට ඇති ජීවි විශේෂ අතරින් 2/3 කට වඩා වැඩි ප්‍රමාණයකට වැසි වනාන්තර නිජබිම් වී ඇත. මෙම ප්‍රමාණය ශාක හා සත්ත්ව මිලියන 5 කට වඩා අධිකය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Rainforest#Flora_and_Fauna